ජිවිතේ ගැන අළුතෙන් හිතන්න,දකින්න මේ අළුත් අවුරුද්දෙම පටන් ගනිමුද?




ජිවිතේ ගැන අළුතෙන් හිතන්න,දකින්න මේ අළුත් අවුරුද්දෙම පටන් ගනිමුද?

 මොහොතකටවත් හිතන්න එපා,ජිවිතේ දිනාගන්න දැනටමත් ප්‍රමාද වැඩියි කියලා.උදාවුණු මේ අළුත් අවුරුද්ද ඔයාගේ ජිවිතේ දිනාගන්න අවුරුද්ද බවට පත් කරගන්න සිතට ගන්න.හිතුවොත් මොනවද කරන්න බැරි නේද? 

ජිවිතේ දිනනවා කියන්නේ මිල මුදල් අතින් විතරක් පොහොසත් වීම කියලා විතරක් නම් හිතන්න එපා. ඊටත් එහා ගිය දෙයක් ජිවිතේ දිනනවා කියන්නේ සතුට ආදරය,සැනසීම, නිරොගි කම මේ හැම දේකින්ම අපි ජිවිතේ දිනාගන්න උත්සහා ගන්න ඕනි.

මේ අපි ලබා උපන් හැටි, අපිට කොයින්ද ඒ තරම් වාසනාවක්, අපේ වේලාව හොද නැහැ.මේ වගේ සිතුවිලි ගලා ගෙන එනවද ඔයාගේ හිතටත්,ඇයි තත්පරයකට හරි හිතන්න බැරි ඔයාට.ජිවිතේ පුන්චියටම හරි ලැබිලා තියෙන දේවල් ගැන, අගයක් දෙන්න තමන් සතු දේවල් වලට, ජිවිතේ තව අඩියක් හරි මේ උදාවෙන නව වසරේදි ඉස්සරහට යන්න වයසින් විතරක් නෙවෙයි,ඔයාගේ ඉලක්ක වෙතට. 
හැමදේකින්ම සම්පුර්ණ කෙනෙකුට වඩා ජිවිතේ පුන්චිම තැනකින් පටන් ගන්න අයට ජිවිතේ දිනන්න පහසුයි මොකද හැම දේකම සැබෑ අගය දැනෙන්නේ ඒ වගේ අයට.
මේ උදාවෙන නව වසරේ ජිවිතේ දිනාගන්න ඔයාටත් ඇත්තටම ආසාවක් උනන්දුවක් දැනේනවම් හිතේ විශ්වාසය ඇතිකරගෙන අලුත් පොතක් පෑනක් අරගෙන පෙළගස්සවන්න. ඔයාට දිනාගන්න ඕනි දේවල් 

*ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාව තුල මේ අවුරුද්දේ ඔයා ළගා කරගත යුතු ඉලක්කය ලියාගන්න

*තමන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙකු නම් ඔයා සටහන් කරගන්න ළගා කරගත යුතු ඉලක්ක ගැන

*ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ලියාගන්න මොනවද මේ වසරේ ලබා ගන්න දේවල් කියලා

*ඔබේ තැන්පතු මුදල මේ වසර අවසානයේ තියෙන්න ඕනි ඉලක්කය ලියා ගන්න
 
මම කලිනුත් කිව්වා වගේ ජිවිතේ දිනනවා කියන්නේ සල්ලිම ගොඩගසනවට නෙවෙයි අන්න ඒ නිසා තවත් අරමුණු ඔබේ සටහනට එකතු කරගන්න

*ඔයාගේ ශරිර බර අඩු විය යුතුද? වැඩි කරගත යුතුද ඔබට අවශ්‍ය වන දේ සටහනට එකතු කරගන්න කොහොම හරි ඒ දේටත් ළගා වෙන්න

*ඔයාගේ නීරොගී දිවි පැවැත්මට අවශ්‍ය සියලු යහ පුරුදු දියුණු කරගන්න සටහන් කරගන්න

මේ වගේ තව නොලියුණු බොහෝ ඉලක්ක ඇති ඔයාගේ හිතෙත් හැමෝටම නොපෙන්නුවත් තමන්ටම බලලා අරමුණු ජයගන්න පුන්චියටම හරි සටහනක් දා ගන්න
අවුරුද්දක් මුලදි තිබ්බ උනන්දුව ටික කාලයක් යද්දි අඩු වෙනවානම් මේ පොත අරගෙන ආයෙත් බලලා හිතට ශක්තිය ගන්න ඔයාගේ අරමුණ ජය ගන්න පිටුවහලක් වේව් එතකොට

 *ඔයාගේ හිතට බරක් වුණු බැදිම් වලින් පුළුවන් නම් හැකිතාක් දුරස් වෙන්න

*සතුට ගෙනත් දෙන අයව ආදරයෙන් රැකබලා ගන්න, ඔබව වටින අයව අහිමි කරගන්න ඉකමන් වෙන්න එපා 

*කිසිම මොහෝතක,
ආදරයට බොරුව වන්චාවක් නැතිව ආදරය කරන්න විශ්වාසය රකින්න

*වාසනව, ධනාත්මක සිතුවිලි වගේ දේවල් අපි ආශ්‍රය කර අයගෙන් අපිට බෝවෙනවා, ආකර්ශණය වෙනවා. අන්න ඒ නිසා අසුභවාදි අය ලගින් පුලුවන් තරම් ඈත් වෙන්න

*මුලින්ම ඔයාටම ආදරේ කරන්න පටන්ගන්න, ඔයාව විශ්වාස කරන්න ඉගෙන ගන්න, ඔව් අපිට බැරි දෙයක් නැහැ.
ජිවිතේ හිතන තරම් පහසු නෑ වගේම තමයි ජිවිතේ ඔය කියන තරම් අමාරුත් නැහැ ඒක තීරනය වෙන්නේ ඔයා ප්‍රශ්ණ වලට මුහුණ දෙන විදිහ අනුව බව මතක තබා ගන්න.
ජිවිතේ අපිට ඉතුරු වෙලා තියෙන දින ගණ කීය උනත් මතක තියා ගන්න මේ කියවන මොහොතත් ඇති අපේ  ජිවිතේ හොද විදිහට වෙනස් කරගෙන ජිවිතේ විදගන්න. ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා. අපි වෙනස් විය යුතු තැන වල වෙනස් වෙලා මේ ජිවිතේ දිනාගමු 

උදාරි ජයතිලක

Post a Comment

0 Comments