අසල්වැසි පවුල් දෙකක් ජීවත් විය. එක් පවුලක නිරන්තර ආරවුල් ඇති වූ අතර අනෙක් පවුල සන්සුන්ව, ආදරණියව හා මිත්රශීලීව ජීවත් විය.
දිනක් අසල්වැසි පවුල තුළ ඇති යහපත් ආදරණිය තත්වය ගැන ඊර්ෂ්‍යා වූ බිරිඳ තම සැමියාට මෙසේ පැවසුවාය.
'' අසල්වැසියන් වෙත ගොස් ඔවුන් ඒ වගේ ලස්සනට ජිවත්වෙන විදිහ සඳහා කරන්නේ කුමක්දැයි බලලා එන්න.''
බිරිදගේ කීම පිලිගත් සැමියා ඇවිත් හැංගිලා බලන්න පටන් ගත්තා. කාමරයේ බිම පිසදමමින් සිටින නිවැසි කාන්තාව ඔහු දුටුවේය. එක්වරම යමක් ඇගේ අවධානය වෙනතකට යොමු කළ අතර ඇය කුස්සියට දිව ගියාය. ඒ වෙලාවේ ඇගේ සැමියා කාමරයට දුවගෙන ආවේය. ඔහු වතුර බාල්දිය දුටුවේ නැත,වැරදීමකින් එයට පයින් ගැසුවේය, එබැවින් ජලය උතුරා ගියේය.
එවිට ඔහුගේ බිරිඳ කුස්සියේ සිට ආපසු පැමිණ ඔහුට මෙසේ කීවාය.
''මට සමාවෙන්න, පැටියෝ, මම බාල්දිය ඉවත් නොකළ නිසා ඔයාට මෙහෙම වුණේ එය මගේ වරදක්.''
''නැහැ, මට සමාවෙන්න, පැටියෝ, එය මගේ වරදක්, මන්ද මම එය දැක්කේ නැහැ.''
රහස සෙවීමට ගිය මිනිසා ආපසු නිවසට පැමිණි අතර එහිදී බිරිඳ ඔහුගෙන් මෙසේ ඇසුවාය.
''ඔවුන්ගේ සතුටේ රහස ඔබ සොයා ගත්තාද?
''ඔව්, ඔවුන්ගේ රහස තමයි එකිනෙකාගෙන් සමාව ඉල්ලිම සහ වරද පිළිගැනීම''
තමන්ගේ ආදරණියන් ගෙන් සමාව ඉල්ලිම, තමන් අතින් වෙච්ච වැරැද්දක් පිළිගැනීම, ඔබට මොහොතකටවත් හිතිලා තියෙනවද මදි පුන්චි කමක් විදිහට. එහෙනම් ඔයාට කොතැන හරි වැරදිලා නැතිනම් මානය උද්දච්චකම කියන මයාවෙන් ඔයාගේ ආදරණිය හිත වැහිලා ගිහිල්ලා...
විවාහ වෙනවටත් වඩා ඉක්මනට දික්කසාද වීම නැතිනම් වෙන්වීම වැඩිවෙලා තියෙන්නෙත් සෙකන්ඩ් නොවීම තුළ වෙන්නත් පුළුවන්. තමන්ගේ වැරැද්ද නිහතමානීව පිළිගෙන සමාව ගැනීම නිවට කමක් ලෙස නම් දකින්න එපා. එක විදිහට බැලුවොත් ඒක සතුට, ආදරය වැඩිකරගන්න පුළුවන් මැජික් එකක් වගේ දෙයක් විදිහට යොදාගන්නත් පුළුවන්.
අත්හදා බලන්න වාද විවාද දින සති මාස ගණන් ඇදගෙන යන්නේ නැතිව '' මගෙන් වැරද්දක් උනේ මට සමාවෙන්න ''කියලා කියලා බලන්න හිතට සැනසීමක් දැනෙයි ඔයාටත්.
පිනි බින්දුවකට සමාන වෙලා තියෙන මේ ජිවිතේ තමන්ගේ ආදරය, ළබැදියන් වෙනුවෙන් සමාව දෙන්නත්, සමාව ඉල්ලන්නත් මොහොතකටවත් පමා වෙන්න එපා. මොකද සමාව දෙන්න වගෙම සමාව ගන්නත් ඊළග තත්පරේ ඒ කෙනා නොඉදින්න පුළුවන්.
0 Comments