වයස හරිහැටි නොදැන ,
නැති නැදෑකම් කියන්න ඉක්මන් වෙන්න එපා
එදා පටන්ම අපේ මිනිසුන් තුල ඇති අපේකම අගය කල යුතු දෙයකි. අපේ කම තුල හැදි වැඩුණු අපි බොහෝ දෙනා නොදන්නා අයවලුන්ට පවා බොහෝ විට අමතන්නේ අක්කා,නන්ගි, අයියා, අක්කා,මාමා, නැන්දා වැනි අතිශය සමීප වචන වලිනි. මා එහි කිසිම වැරැද්දක් නොදකිමි. එහෙත් ප්රශ්නය ඇත්තේ එතැන නොව. සමහරුන් සිතා සිටින්නේ ඔවුන් තරුණකම නැති නොවෙන, වයසට නොයන අරුම පුදුම මැජික් අරිෂ්ඨයක් පානය කර ඇති බවකි.
මෙහෙම හිතන බොහෝ දෙනාට අනිත් අය අක්කලාය නැතිනම් අයියලාය හැට පැන්නද අනිත් අය ඇනිටිලාය එක්කෝ අන්කල්ලාය.ඉහ නිකට පැහි ගියද තාමත් සිතා සිටින්නේ දාසයයි මාසයයි ලෙසය
හිතින් හැමදා තරුණ වීම වැරැද්දක් නැත. එහෙත් දුක ඇත්තේ අන් කෙනාගේ වයස හරි හැටි නොදැන හිත් දුකට පත් කිරිමය.
හැරමිටිය අභියස හිදගෙනත් සමහරුන්ට, තමන්ගේ මිනිපිරියන් වයසේ සිටින ලාබාල තරුණියන් නන්ගිලාය. සමහර ඇන්ටිලාට තමන්ගේ පුතාටත් ලබාල අය මල්ලීලාය, අයියා ලෙස අමතන අයද සිටින්නට බැරිකමක්ම නැත.
හතළිහ පැන්නද 25 කෙල්ලන්, සමහර අක්කලාට , නන්ගිලා නොව අක්කාලා ලෙස පෙනෙති,
මට හිට්තෙන විදිහට නම් අපේ මේ සමාජය තුළ සමහරුන් හිතන්නේ අයියා අක්කා ලෙස ලබාල අයට පවා ඇමතීම සර් මැඩම් කියා අමතනවාටත් වඩා ගරු නම්බුවක් ලබා දීමකි
මා මේ ලියන දේ ගැන වැරනන් වල දි විදිහට ඔයාටත් පේනවනම් පොඩ්ඩක් හිතලා බලන්න මතක් කරලා
තමන්ගේ පියාටත් වැඩිය වයස මිනිස්සු නන්ගි කියලා කතා කරද්දි දැනුන හැගිම
තමන්ගේ අම්මාටත් වැඩිය වයස කාන්තාවක් තමන්ට මල්ලි කියලා කතාකරද්දි දැනුන හැගිම
කරදඩු උස් මහත් වෙච්ච දරුවො ඉන්න හතලිහත් පැනපු අක්කලා 25 ක් වෙච්චි ඔයාලට අක්කා කියලා කතාකරද්දි දැනුන හැගිම
මොහොතක් හිතන්න ඔබ අන් අයගේ වයස ගැන හරි හැටි නොදැන ඔවුන්ගේ බාහිර පෙනුමෙන් මැන හෝ තමන්ගේ තුල ඇති අධිතක්සේරුව නිසා නොදන්නා අයට පවා නෑකමින් ඇමතීමෙදි පරිස්සම් වෙන්න. නැතිනම් එයින් මතුවන්නේ ඔබගේ හිතවත්කම නොව, ඔබ තුළ ඇති නොදැනුවත්කම හෝ නූගත් බවයි
උදාරි ජයතිලක
0 Comments