ගත සිතට නොගැනීම




 ගත සිතට නොගැනීම

අවුරුද්ද ගෙවුණා

කරපු කිසියම් දෙයක්

හිතුවාම නැතුවා......

සෝදලා අත නිතර

හමත් රැළි වැටුණා

මාස්ක් එක දාගෙනම

ඉහ නිකට පැහුණා.....

අදින්න ගොඩගසපු

ඇදුම් අල්මාරියේ

ගුලිවෙලා පැත්තකට

ඉකිබිදුණු ඇසුණා......

නිතර ආ ගිය ගමන්වල

වැටකඩුළු වැටුණා

හෙම්බිරිසාවක් එක්ක

මරණ භය ආවා.....

පුන්චි උන් ඔන්ලයින්

කිය කියා හැපුණා

උන්ගේ හුරතල් වයස

ගේ ඇතුළේ ගෙවුණා.....

දැන් ඉතින් කොරෝනා

ඇති නේද? රැගුවා

හොද ඉතින් යනවාද?

ලෝකෙන්ම මිදිලා.............


උදාරි ජයතිලක

Post a Comment

0 Comments