මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?

මෙහෙම වෙනවනම්,

ඉතින් අපි හරිද?






අද දවස වනවිට අපි හැමෝටම වගේ වෙනසක් අවශ්‍ය වෙලා තියෙනවා.මම මේ කියන්න හදන්නේ ඒ ගැන නම් නෙවෙයි ඒ දේවල් හොද විදිහට වෙනස් වෙන අතරේ, අපි අතින් නොදැනුවත්වම හෝ දැනගෙන හරි වෙන පොඩි හරි වැරදි අඩුපාඩු ටිකත් හදා ගත්තොත් වඩාත් හොදයි කියලා හිතෙන නිසා.

ඉන්න හිතෙන රටක් වෙන්න නම් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි හැමෝම වගේ තම්න්ගේ වැරදි ආකල්ප,හැසිර්ම් වෙනස් කරගන්න වෙයි.


මේ දවස්වල නම් ඇති තරම් පෝළිම් වල ඉන්නවා, අන්න ඒ අත්දැකිම ප්‍රයෝජනයට අරන්,ඉවසිමෙන් තමන්ගේ වාරේ එනකන් අරහෙන් මෙහෙන් පනින්නේ නැතුව ඉන්න බලන්න.මොකද අපි හැමෝටම කාලය වටිනවා, එහෙම පනින පුරුද්දක් තියෙනවානම් හදාගන්න මොකද අපි හැමෝම මේ දවස්වල ඉන්නේ පුදුමාකාර පීඩනයක හිරවෙලා. ඉතින් ඒ වගේ දේවල් කරලා අනිත් අයගේ ඉවසීම පරික්ෂා කරන්න උත්සහ කරන්න එපා. ඒක හරි කැතයි

තමන්ගේ ගෙදර එකතුවෙන කුණු ටික අනිත් මිනිහාගේ ගෙදර ඉස්සාරහින් දලා යන්න තරම් ආත්මාර්ථකාමි වෙන්න එපා. මොකද ඔබ කොයි තරම් මිල අදික වාහනයකින් ඇවිත් එහෙම කරනවනම් ඒ දෙයි පෙනෙන්නේ ඔයාගේ තියෙන බාල ගතිය මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?


මනුෂ්‍යයෙක් මුහුණට හම්බුනාහම හිනාවකින් හරි සන්ග්‍රහ කරන්න බලන්න. මොකද බුම්මගත්ත මුහුණු දැකලා දැකලම හෙම්බත් වෙනවා.හැබැයි ඉතින් හිනාවුණ පලියට වැරදි විදිහට බාර නොගන්නත් ටිකිරි මොළවලට හැකියාවක් තියෙන්න ඕන.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?


පාරේ යද්දි  නිවරදි හික්මීමකින් රිය පදවන්න,තමන් විතරක් නෙවෙයි අනිත් මිනිස්සුත් පාරේ යන්න ඕන,ගෙදර තියෙන ඔක්කොම ප්‍රශ්ණ පාරට ගෙන්න එපා.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?


තමන්ට නැති අනුන්ගේ දේවල් හොරා ගන්න හිතන්නවත් එපා,මොකද හැමෝම ජිවත්වෙන්න පුදුම සටනක් ගෙනියනවා.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?


ඔක්කොමටත් වඩා , දුක් මහන්සියෙන් සධාරණව හම්බ කරලා දියුණු වුණු අයට ඉරිසියා කරන්න තරම් කුහක වෙන්න එපා. මොකද ඔබේ කම්මැලිකමට හේතුව ඔබම මිස ඔවුන් නොවේ.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?

තමන්ගේ ආර්ථික මට්ටම ගැන නොසිතා අනවශ්‍ය වියදම් කරන්න්ම එපා. මේ දිනවල විශේෂයෙන් පිරිමහගන්න උත්සහා ගන්න පුළුවන් හැම වෙලාවෙම. තමන්ට නැති බොරු සමාජ මට්ටමක් මවාගන්න ගිහින් අමාරු වෙන්න එපා.මේ එකට සුදුසු කාලයක් නම් නෙවෙයි.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?

අනිත් ආගම්, ජාතින් හෙළා දකින්න එපා,මොකද අපි හැමෝටම එක රටක සමගියෙන් ඉන්නම වෙනවා.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?

තමන් විතරක් හරියි කියලා හිතලා අනවශ්‍ය තර්ක විතර්ක රණ්ඩු වල පැටලෙන්න එපා.මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද?

තමන් හම්බකරන් කන රැකියාවට අවන්ක වෙන්න. අද වෙන කොට දෙයක් කරගන්න පොඩි පුටුවේ ඉදන් ලොකු පුටුව  වෙනකන්ම දොළ පිදෙනි  පුදන්න වෙලා. මෙහෙම වෙනවනම්, ඉතින් අපි හරිද? අනිවාර්යෙන් කියන්නම් ඒ දේවල් එහෙම කරන අයට කිසිම වගතුවක් නැහැ. මොකද ස්භාවධර්මය හරිම සධාරණ තින්දු දෙනවා, අද හෙට නොවෙන්න පුළුවන් ඒත් කොයි මොහොතකම හරි.පරිස්සමින්

ඔබට කෙනෙක් වෙනුවෙන් පොඩිම හරි උදව්වක් කරන්න ඒක හරිම වටිනවා හැබැයි පරිස්සමින් අවස්ථාවාදි මිනිසුන්ගෙනන් අඩුවක් නැහැ.
කොහොම උනත් තමන් කරන දේවල් වල ප්‍රථිපල තමන්ට ලැබෙනවා කියලා මතක තියාගෙන.අනිත් අයට කරදරයක් නොවෙන විදිහට ජිවත් වෙන්න උත්සහා ගන්න.එතකොට අපිට වරදින එකක් නැහැ

උදාරි ජයතිලක

 


Post a Comment

0 Comments