ගැලපෙන තැනද නැවතුනේ......?




ගැලපෙන තැනද නැවතුනේ.....?


ගසක් යට ඔටු මවක් සහ ඔටු පැටවෙකු  වැතිර සිටියහ.


එවිට ඔටු පැටියා ඇසුවේ, “අපිට මොල්ලියක් තිබෙන්නේ ඇයි?” කියායි.


ඔටුවාගේ මව එවිට පැවසුයේ , “අපි කාන්තාර සතුන් වන බැවින් අපට ජලය ගබඩා කිරීමට මොල්ලියක් ඇති බැවින් අපට ඉතා සුළු ජලයකින් ජීවත් විය හැකි බවයි ” 


ඔටු පැටියා මොහොතක් කල්පනා කර, “හරි...ඇයි අපේ කකුල් දිගයි වගෙම   පාදයේ අඩිය වටකුරු?” යැයි නැවත ඇසුවේය..?” යැයි නැවත ඇසුවේය..


ඔටු අම්මා පිළිතුරු දුන්නේ, "ඒවා කාන්තාරයේ ඇවිදීමටයි." කියාය


 “ඇයි අපේ ඇහිබැමි දිගු? සමහර වෙලාවට එයා මගේ ගමනට බාධා කරනවා.”


 ඔටු අම්මා පිළිතුරු දුන්නේ, “ඒ දිගු ඝන ඇහිබැමි සුළග හමන විට කාන්තාර වැලි වලින් ඔබේ ඇස් ආරක්ෂා කිරිමටයි.


ඔටු පැටියා කල්පනා කර මෙහෙම ඇහුවා. ඉතින් මොල්ලිය  තියෙන්නේ  අපි කාන්තාරයේ ඉන්නකොට වතුර ගබඩා කරන්න, කකුල් කාන්තාරයේ ඇවිදින්න, මේ ඇස් පිහාටු මගේ ඇස් කාන්තාරයෙන් ආරක්ෂා කරන්න නම්  ඇයි අපි සත්තු වත්තේ හිරවෙලා ඉන්නේ?"

මට ගැලපෙන තැනද මම නැවතුනේ?ජ්විතේදි අපි ගන්න සමහර තීන්දු තීරණ වෙනස් කරන්න පුලුවන් ඒ වගේම සමහර දේවල් තියෙනවා අපිට පහසුවෙන් ආපස්සට ගන්න බැරි.විවාහය රැකියාව වගේ දේවල් අතරමගකදි වෙනස් කරන්න හිතුනොත් මතුවෙන දුෂ්කරතා කොච්චරක්ද කියලා කියන්න ඕනෙත් නැහැ නේද?

නිවි සැනසිල්ලේ හිතලා බැලුවොත් තමන්ගේ ජිවිතේ ගැන ගොඩාක් දෙනා තෘප්තිමත් බව අඩුයි කියලා හිතෙනවා.


බාහිරින් පේන දකින දේවල් වලටම මුල් තැන දීලා ජිවිතේ තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා. විශේෂයෙන් විවාහයකදි වගේ, සල්ලි, උගත්කම ,ලස්සන වගේ දේවල් විතරක්ම හිතද්දි, ජිවිතේ බේදාගන්න කෙනාගේ අදහස්, සිතුම් පැතුම් වල ගැලපීම කොච්චරද කියලා ඔයාට මොහොතකට අමතක වෙන්න පුළුවන් අන්තිමේ ලෝකේ අනිත් අයට පේන්න තෝරගත්ත කෙනාව විවාහයෙන් පස්සේ එපාම වෙන්නත් පුළුවන්

 

ඔයා තෝරගත්ත වෘත්තිය ඉහල වැටුප් වරප්‍රශාද ඇති එකක් වෙන්න පුළුවන්. ඒත් තමන්ට ලැබෙන ආත්ම තෘප්තිය බින්දුවක් වෙන්නත් පුළුවන්... පිටින් ජිවිතේ සාර්ථකයි වගේ පේන ගොඩාක් අයගේ යථාර්තය වෙනස් වෙන්නේ සතුට කියන්නේ මොකද්ද කියලාවත් එයාලට  ගොඩාක් වෙලාවට හිතන්නත් අමතක වෙන නිසා


නොගැළපෙන තැනක ජිවිතේ හිරවුනහම අනිත් අය කොහොම උනත් ඔයාට දැනෙන්න ගන්නවා මේ තරම් දේවල් තිබිලත් ඇයි මට අඩුවක් දැනෙන්නේ කියලා. ඒ හිස්තැන පුරවන්න සමහර හිත් අයාලේ ගිහින් ජිවිතේ වරද්ද ගන්නවා දැකලා තියෙනවා නේද?

ඔබ මේ වෙනකොටත් දෙමව්පියන් වි තියෙන්න පුළුවන් , දරුවෙක් දැනුම් තේරුම් වයසට ආවහම ඒ අයට, එයාලගේ තීරණ වලට බලපෑම් කරන්න යන්න එපා. මොකද ඔබ නැති දවසක ඒ ජිවිත විදවන්නේ නැතිව විදගන්න එයාලට පුළුවන් වෙන්න ඕන.


අනිත් අයට සාපේක්ෂව ඔබේ තීරණ ගන්න එපා. ඒ ජිවිත එයාලගේ, මේ ජිවිතේ ඔයාගේ අනිත් අයගේ සතුට ඔයාගේ සතුට නොවෙන්න පුළුවන් , 


ආත්මාර්ථකාමි  වෙන්න කියලා නෙවෙයි මම කිව්වේ ඒත් 

කැපකිරිම් කරන්න හිතේ සතුටින්

පරාථකාමි වෙන්න හිතට එකගව

මේ හැම දේටම කලින් නවතින්න සුදුසු තැන් වල විතරක් නැතිනම් හැම දේම කරලත් ඔයා හැමදාම දුකෙන් වෙන්නත් පුළුවන්.

 කුසලතා සහ හැකියාවන් ප්‍රයෝජනවත් වන්නේ ඔබ නියම වේලාවට නියම ස්ථානයේ සිටී නම් පමණි. එසේ නොමැතිනම් ඒවා නාස්ති වෙලා යයි.


අගයක් නැති තැනක වාසි විතරක්ම බලාගෙන නවතින්න එපා, මොකද එතකොට ජිවිතේට මහන්සි දැනේනවා වැඩියි. ඔබ නැවතුනත් තාම කෙලවරක් නැතිව ''මම තාම දුවනවා කියලා හිතෙයි. කෙලවරක් නැතිව දුවන මේ ජිවිතේට ගිමනක් ඕනි. 


මතක තියාගන්න ගමනක ගිමන තීරණය වන්නේ දුර අනුව නෙවෙයි ගොඩාක් වෙලාවට  ඒ ඔයත් එක්ක දුවන්නේ කවුද කියන එක මත..ඉතින් වෙහෙසක් නොදැනෙන හරිම කෙනා වගෙම හරිම මාර්ගයත් තෝරාගන්න උත්සහා කරන්න....



මේ වෙනකොටත් ඔයා නැවතිලා ඉන්නේ නොගැලපෙන තැනක් වෙන්න පුළුවන් ආයෙත් වෙනස් කරන්නම බැරි තැනක නම් ඔයා ඉන්නේ ගැලපෙන තැනක් කරගන්න උත්සහා කරන්න

 

 උදාරි ජයතිලක




Post a Comment

0 Comments