අන් අය ඔබ ගැන කියන දේ ඔවුන්ගේ දෙයක් මිස,
ඔබගේ දෙයක් නොවේ.!!!
හැමෝම සතුටින් තියන්න උත්සහා කිරිම කියන්නේ අමාරු දෙයක් නෙවෙයි,ඇත්තටම කරන්න බැරි දෙයක් කියලා ඔයා තේරුම් ගත්තේ ගොඩාක් කාලේකට කලින්ද? නැතිනම් තාමත් තේරුම් ගත්තේ නැද්ද?
කෙනෙක්ගෙන් කෙනෙක්ට දේවල් දිහා බලන විදිහ වෙනස්. ඉතින් හිතන්නකො අපි ඉන්න ඕනි කාට ඕන විදිහටද කියලා.. අන්න ඒ නිසා ඔයත් ඔයාටම ගැලෙපන නිවරදි විදිහක් ඔයාගේ විදිහ කරගන්න.
ඔයා අදින ඇදුම කෙනෙකුට චාම්, තව කෙනෙකුට හරිම ගොඩේ,තව කෙනෙකුට වැදගත්, තව කෙනෙක්ට මේලෝ රහක් නැහැ.ඒත් කවුරු මොනවා කිව්වත් තැනට ගැලපෙනවනම් ඔයාගේ හිතටත් ගැලපෙනවනම් හිතන්නම එපා අනිත් අයගේ හිත් ගැන.
කෙට්ටු වැඩියි, ඇයි සීනිද? දැන් මහත වැඩියි,කොලෙස්ට්රෝල්ද? හිතන්න එපා ඔයාගේ උසට සරිලන මහත හරිනම් කවුරුවත් මොනවා කිව්වත් දුක්වෙන්න එපා.
දැන් විසි පහත් පැනලා නේද? බදින්න ඕනි වයසත් පහුවෙලා ඉක්මනට කාව හරි හොයා ගන්න. එහෙම කිව්වේ ඔයාගේ අම්මද? නැතිනම් තාත්තද? එහෙම නෙවෙයි නම්, ලෝක වදෙන් බේරෙන්න ඉක්මන් වෙලා ලෝක හොරෙකුට අහුවෙන්න එපා..මොකද ජිවිතේ විදවන්න වෙන්නේ ඔයාට...
ඔයාගේ දුව ඉස්කොලේ වැඩට දුර්වලයිලු නේද?එහෙම කතාවක් කට කැඩිච්ච කටකින් ඇහුවාහම දුක් වෙන්න එපා. මොකද තමන්ගේ දරුවාගේ දක්ෂතා ගැන හොයාගන්න ඕන ඒ ගැන දැනගන්න ඕන ඔයා නිසා.වගේම අනිත් අය නෙවෙයි නිසා
මිනිස්සුන්ගේ අදාල නැති මේ වගේ කතාවල් නම් ලියලා ඉවරක් කරන්න බැහැ නේද? මේ ජිවත් වෙන කාල සිමාව තුල හැම කාලේකදිම වගේ මිනිස්සුන්ගේ ගුණ දොස් වලට ඔයාට මුහුන දෙන්න වෙනවාමයි.
ඔබ කොයි තරාතිරමක හිටියත්,මොන වයසක හිටියත්,කොහොම උනත් ඒවා ගැන විවිධ විදිහට ප්රතිචාර දක්වන්න විචාරකයෝ,ප්රේක්ෂකයෝ නම් අඩුවෙන්නේම නැහැ
ඔබේ කථාව දන්නේ ඔබ, ඒ දේවල් විදගන්නේ ඔබ, ඒවාට මුහුණ දෙන්නේ ඔබ, ඉතින් ඔබට වැට නැති කටවල් කියන දේවල් අදාලම නැහැ අදාල කරගන්නවත් එපා
ජීවත් වෙන්න නිවරදි ක්රමයකට තමන්ගේ හෘද සාක්ෂියට අදාලව. ගත යුතු හොද දේ පමණක් ගන්න, අනෙක්වා අනෙක් කණෙන් පිටකරන්න.පිදිය යුතු අය පුදන්න, හැලිය යුතු අය හලන්න. ඔබේ ගමන ඔබ යන්න.. හැමෝටම කලින් ඔබ සතුටින් ඉන්න ඔබට ජය !!!
උදාරි ජයතිලක
0 Comments