උදව් කරන්න ඒත් පාවිච්චි වෙන්න එපා !!!
ඔයා මොනවද කරලා තියෙන්නේ? නැහිගෙන උදව් කරලා අනිතිමට මෙහෙම අහගත්තාහම දැනේන හැගිම කොහොමද? ගොඩාක් වෙලාවට මේ අත්දැකිමට අඩු නැතිව ඔයාලත් විදලා ඇති
කෙනෙක්ට පිහිටක් වෙන්න ඕනි තැන පිහිටක් විම මනුෂ්‍ය කමක් ඒ ගැන කිසිම තර්කයක් නැහැ.
ඒත් කපටි කමින් ජිවිතේ ගෙවන අය ඉස්සරහා ඒ මිනිසත් කමට තැනක් නම් ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි බොහොමයක් වේලාවට උදව් කරලා අන්තිමේදි අපිට සිත් තැවුල් විතරක් ඉතුරු වෙන්නේ.
තමන් කරන දේවල් තමන්ට ඔව් ඒක ඇත්ත තමයි. ඒත් හිත හොද මිනිස්සු රැවටීම් වලට ලක්වෙන වාර ගන්න වැඩියි නේද? ඒකි එහෙම නැහැ බන්, ඌ එහෙම නැහැ කියලා මුලින් හිතන් හිටියට අන්තිමේදි කවුරුත් ඒකයි කියන තැනට පත්වෙන්න මේ සමාජය තුල ඉඩ වැඩියි
උදව් දෙන අයට වඩා උදව් කරන බව පෙන්නන්න බොරු උත්සහයවල් ගන්න මිනිස්සු වැඩි බව මතක තියා ගන්න. මොකද හැමෝගෙම අරමුණු එක වගේ නැහැ.
හිත හොද කෙනෙක් දැක්කහම එයාව මෝඩයෙක් විදිහට හිතලා, රැවටීම් වලට ලක්කරන කුහක මිනිස්සු අඩුවක් නැතිව ඉන්නවා.
තවත් සමහර අය ඉන්නවා.. එයා අපිට උදව් කල යුතුමයි කියන ආත්මාර්ථකාමි සිතුවිල්ලේන් ඉන්න අය.එක උදව්වක් එක දවසක් කරලා සැහිමකට පත්වෙන්න බැහැ මේ අයගෙන් මොකද උදව් ලැබීම පුරුද්දක් කරගන්නවා
මිල මුදල් වලින් කෙනෙක්ට උදව් කරන්න යද්දි හරිම පරිස්සම් වෙන්න මොකද අනුන්ගේ දේවල් වලටත් තණ්හා හිතන අය එමටයි.
පවුල්වල උනත් සමහර සහෝදර,සහෝදරියෝ ඉන්නවා, විවාහයෙන් පස්සේත් විවාහට පෙර කල උදව් නොනවත්වා බලාපොරොත්තු වෙන අය
ගොඩාක් පවුල් අතර ප්‍රශ්න ඇති වෙනව මේ හින්දම. යුතුකම් වගකිම් ඉටුවෙන්න ඕන ඒත් හැමදේටම සීමාවක් තියෙන බව සිතන්න
රැවටීම කලාවක් කරගත්තු සමාජයක නොරැවටි උදව් දෙන්න. කෙටියෙන්ම කිව්වොත් ඇදගන්න එපා.
අද දෙන්නම් හෙට දෙන්නම් කියලා බාලගිරි දෝෂය උග්‍ර වෙලා බලාපොරොත්තු කඩකරන මිනිස්සු ළග පරිස්සම් වෙන්න.
සමාජයට සුදුවට පෙනි ඉද්ලා බළලුන් ලවා කොස් ඇට බාගෙන හරි කැපිපෙනෙන්න උත්සහා ගන්න මිනිස්සු ලග ඔයාගේ හිත හොද කම නිසා පාවිච්චි වෙන්න එපා.
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.. ඔයාගේ ඔය උණුවෙන හිත ළගින් මේ කතාවත් මතකයේ තියාගන්න. නැතිනම් ඉහ ගහ ගෙන ජිවත් වෙන්න අමාරුයි.
තව කෙනෙක් මතම යැපිම විලාසිතාවක් කරගත්තු අය ලග තමන්ගේ තත්පරය්ක් වැය කරන එකත් අපරාධයක්
ඔයා කොච්චර හොද උනත් නැහැ, බැහැ කියන්න ඕනි තැන දෙපාරක් හිතන්න එපා. ඔයා ලග රැදෙන්න කැමති අය විතරක් ඔයා ලග රැදෙවි. ඒ වාසියක් බාලාගෙන නම් නෙවෙයි හැබැම හිතවත්කමට
අත්දැකිම් මතක් කරගෙනම සරණක් අවැසි තැනට පමණක් සරණක් වෙන්න හිත දියුණු කරගන්න..මොකද හැබැවටම උදව් ඕන කරන අයත් අපි වටේ ඉන්නවා
උදාරි ජයතිලක
0 Comments