වාසනාව, බාධකයක් ලෙසද පැමිණිය හැක............


  

වාසනාව, බාධකයක් ලෙසද පැමිණිය හැක............


ඉතා ධනවත්කමින්   පිරි රජෙක් සිටියේය. මේ රජතුමා පාරක් මැද විශාල ගල් පර්වතයක් තබා තිබුණා. එවිට ඔහු අසල සැඟවී සිටියේ කවුරුන් හෝ යෝධ පර්වතය මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කරයිද යන්න බැලීමටයි.

රජුගේ ධනවත්ම වෙළඳුන් සහ රාජ සභිකයන් කිහිප දෙනෙකු පසුකර ගිය පළමු පුද්ගලයින් විය. එය අයින් කරනවා වෙනුවට ඔවුන් එය වටා ඇවිද ගියහ. පාරවල් නඩත්තු නොකිරීම ගැන කිහිප දෙනෙක් මහ හඬින් රජුට දොස් කීහ. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ගල් පර්වතය චලනය කිරීමට උත්සාහ කළේ නැත.

අන්තිමට ගොවියෙක් පැමිණියේය. ඔහුගේ දෑත් එළවළු වලින් පිරී තිබුණි. ඔහු පර්වතය අසලට  පැමිණි විට, අනෙක් අය මෙන් එය වටා ඇවිදීමට නොගොස්, ගොවියා තම බර බිම තබා ගල පාර අයිනට ගෙන යාමට උත්සාහ කළේය.  බොහෝ උත්සාහයක් දරා නමුත් අවසානයේ  සාර්ථක විය.

ගොවියා තම බඩු තොගය එකතු කර නැවත තම ගමන යාමට සූදානම් වූ විට ගල් පර්වතය තිබූ පාරේ මුදල් පසුම්බියක් වැටී ඇති බව දුටුවේය. ගොවියා මුදල් පසුම්බිය විවෘත කළේය. රජු විසින් මුදල් පසුම්බිය පිරවූයේ රන් කාසි සහ රජුගේ නෝට්ටුවකි. රජුගේ සටහනේ සඳහන් වූයේ මුදල් පසුම්බියේ ඇති දේ  ගල් පර්වතය පාරෙන් ඉවත් කිරීම සඳහා වූ ත්‍යාගයක් බවයි.

අපෙන් බොහෝ දෙනෙකුට කිසිදා නොතේරෙන දේ රජු ගොවියාට පෙන්වා දුන්නේය: සෑම බාධකයක්ම අපගේ තත්වය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් ලබා දෙයි.

ගගක් උනත් ලස්සන වෙන්නේ නිසොල්මනේ ගලා යනකොට වඩා ගල් පර වල හැපිලා යනකොට නේද?ඇත්තටම අපේ ජිවිතත් බාධක හමුවේ අළුත් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

සමහර කාලවලට වගේම සමහර අපේක්ෂාවන් ඉදිරියේ එන බාධක හමුවේ අපි කඩා වැටුනත් කාලයක් යද්දි එහෙම උනේ අපේම හොදට නේද ? කියලා තේරුම් ගිය අවස්ථා මගේ වගේම ඔයාගෙත් ජිවිතවල තියෙනවා නේද?

මම නම් කියන්නේ අපිත් සමහර වෙලාවට  බිම ඇවිද්දි බාධකයක් වෙලා පයට පැගිලා  නිකන්ම නිකන් කළු ගලක් කියල පයින් ගහගෙන යන්නේත් මැණිකකට වෙන්නත් පුළුවන්

බාධක මැදින් වුනත් ඔයා දවසක දිණුවහම දැනේන සතුට වැඩිවෙලා මිසක් අඩුවෙලා නම් දැනේන එකක් නැහැ.

පහසුවෙන් ලැබෙන දේකට වඩා බාධාවන් මැද්දේ ලැබෙන දේවල් වල මාරම ගතියක් දැනීමක් තියෙනවා.

බාධක අභියෝග එන්නේ ඔයාව විනාශ කරන්න කියලා මොහොතකටවත් හිතන්න එපා. ඒක එහම නෙවෙයි. ඒවායින් ජිවිතයට ලැබෙන පන්නරය ඉතාමත් වටිනවා

ඔබේ අරමුණ වෙතට යද්දි හමුවෙන බාධක ඔබේ මාර්ගයෙන් ඉවත් කරමින්ම ඔබේ ගමන යන්න.. එතකොට ගමනාන්තය ජයග්‍රාහි එකක් වෙනවා නිසැකවම.

පැමිණෙන දුක් පැනි රසයි කියලා හිතන්න උත්සහා ගන්න. නැතිනම් මේ ජිවිතේ ජිවත් කරවන්න ඔයාට ලේසි නැහැ 


දවසක් එවී මේ හැම බාධාවකටම ඔයාව වට්ටන්න බැහැ කියලා තේරුම් යන. අන්න එදායින් පස්සේ බාධාවක් වෙච්චි හැමදේම ඔයාව හැරයාවි. ඒ දවස වෙනකන් බාධක වලට මුහුණ දීලා සතුටින් ඉන්න.


උදාරි ජයතිලක



Post a Comment

0 Comments