ඇත්තම කථාව නොදැන,වචන පිටකරන්න ඉක්මන් වෙන්න එපා
දිනක් දුම්රියේ ගමන් කල තරුණයෙක් ජනේලයෙන් එබී කෑගසන්නට පටන් ගත්තේය ......
"තාත්තේ, බලන්න ගස් පිටිපස්සට යනවා!"
තාත්තා සිනාසෙමින් වාඩිවි සිටි අතර අසල වාඩි වී සිටි තරුණ යුවළක්, තරුණයාගේ බොළඳ හැසිරීම දෙස අනුකම්පාවෙන් බලා සිටි අතර, හදිසියේම ඔහු නැවතත් කෑගැසුවේය ...
"තාත්තේ, බලන්න වලාකුළු අපිත් එක්ක දුවනවා!"
යුවළට එය මහත් කරදරයක් වුවත් එයට විරුද්ධ වීමට නොහැකි වූ අතර මහලු මිනිසාට මෙසේ පැවසීය.
"ඇයි පුතාව හොඳ දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්නේ නැත්තේ?" මහලු මිනිසා සිනාසෙමින් කීවේ... "මම එහෙම කළා, අපි රෝහලෙන් මේ එනගමන්, මගේ පුතා උපතින්ම අන්ධයි, ඔහුට අද තමයි පෙනීම ලැබිලා රෝහලෙන් යන්නේ "
අපි හිතනවට ,පේනවට වැඩිය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න,කරදර තියෙන්න පුළුවන්.ඒ දේවල් වලින් ඒ අය විදින පීඩාව අපිට හිතාගන්නවත් බැරි වෙන්නත් පුළුවන්
අපේ මිනිස්සු හරිම දක්ෂයි අනිත් අයට කතා හදන්න වගේම නොදන්නා කතා වලට තිර පිටපත් ලියන්න.අපිට පේන දේ ඇත්තම නොවෙන්නත් පුළුවන්
ලෝභයෙක්,කුම්මැහියෙක් කියලා කියලා අපි හxවඩු ගහන පුද්ගලයා තමන්ගේ දරුපවුල රැකගන්න තමන්ගේ වැටුප එක්ක ඔට්ටු වෙන විදිහ අපි ලෝභ කමක් විදිහට දකිනවා වෙන්න පුළුවන්
හොස්ස ළගින් මැස්ස යන්න බැරි කුකුළු කේන්තිකාරයෙක් විදිහට අපි දකින කෙනා , හිතේ කහටක් කුහක කමක් නැති බොරුව පේන්නවත් බැරි අව්‍යාජ කෙනෙක් වෙන්න පුළුවන්
විවාහයක් නැතිව දරුවෙක් වෙච්ච තනිවෙච්ච ගැණියෙක් බලහත්කාරකමකට ලක්වෙලා අසරණ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්
ඉස්කොලේදි විෂයන් වලට අදක්ෂයෙක් කියලා ඔබ මායිම් නොකරන දරුවා,සහජ දක්ෂතා ඇති හෙට දිනයේදි ලෝකයක් වෙනස් කරන දක්ෂයෙක් වෙන්නත් පුළුවන්.
බතලි, තාර පිප්පේ කියලා විහිළු කරන කෙනා හෝමෝන ප්‍රශ්නයක් නිසා හිතින් විදවන කෙනෙක් වෙන්නත් පුළුවන්
පිස්සෙක් කියලා උපහාසයෙන්කොන් කරන පුද්ගලයා, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලාම ඒ තත්වෙට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්
හැම තිස්සේම හිනාවෙලා සතුටින් ඉන්න අය ගැන ඉරිසියාවෙන් බලන්නත් එපා.මොකද ඒ හිනාවට යටින් වේදනාවල් දහසක් සගවනවා වෙන්නත් පුළුවන්
හොරෙක් කියලා ප්‍රසිද්ධ වුනේ නොකල වැරැද්දක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්
සෑම පුද්ගලයෙකුටම කතාවක් තිබේ. ඔබ අනිත් අයගේ ඇත්තම කථාව හරි හැටි නොදැන වචන පිටකරන්න යන්න එපා. මොකද ඇත්ත ඔබව පුදුමයට පත් කරන පුළුවන් නිසා.
අවසනාවකට වගේ අපේ වටේ වැඩිපුර ඉන්නේත් නොදන්නා ඇත්ත වෙනුවට මිනිසුන්ව අපහසුතාවයන් වලට පත් කරන අය. ඒ නිසා ඔබත් කට ඉස්සර කර ගන්න ඉක්මන් වෙන්න එපා.ඔබට ඒවා නිකන්ම වචන විතරක් වුනාට ඒ වචන වලට කෙනෙක්ට තමන්ගේ ජිවිතය පවා එපා කරවන්නක් විය හැකියි.
උදාරි ජයතිලක
0 Comments