ඔබ අනිත් අයට දෙන දේවල් ඔබටම නැවත ලැබෙනවා..පරිස්සම් වෙන්න

 

 



තමන්ට වෙනවට අකමැති දේවල් අනිත් අයට නොකර ඉන්න...

ඔබ අනිත් අයට දෙන දේවල් ඔබටම නැවත ලැබෙනවා..පරිස්සම් වෙන්න


දිනපතාම වාගේ බේකරියකට බටර් රාත්තලක් විකුණන මිනිසෙකු  හිටියා. දිනක් බේකරි හිමියා,  බටර් කිරා මැන බැලීමට තීරණය කළේ ඔහුට නියම ප්‍රමාණය ලැබෙන්නේ දැයි බැලීමටය. බටර් ප්‍රමානය රාත්තලකට වඩා අඩු බව කිරා දැනගත්  බේකරි හිමියා මේ ගැන කෝපයට පත්ව  ඔහුට  බටර් ලබා දුන් අයවලුන්ව උසාවියට ​​ගෙන ගියේය.


විනිසුරුවරයා 


බටර් විකුණුව මිනිසාගෙන් ඇසුවේ'' ඔබ බටර් බර කිරීමට කිසියම් මිනුමක් භාවිතා කරන්නේද යන්නයි.'' ගොවියා පිළිතුරු දෙමින් පැවසුයේ ,  ''ස්වාමින් වහන්ස. මට නිසි මිනුමක් නැත, නමුත් මට තරාදියක් තිබේ. ''


විනිසුරුවරයා ඇසුවේ, එසේ නම් ඔබ බටර් කිරන්නේ කෙසේද? යන්නයි 


ගොවියා පිළිතුරු දුන්නේ....

''ස්වාමිනි , බේකරි හිමියා  මගෙන් බටර් මිල දී ගැනීම සිදුකරන්නේ  බොහෝ කලකට පෙර සිට , මම ඔහුගෙන් පාන් රාත්තලක් මිල දී ගත්ත  හැමදිනකම පාහේ   මම තරාදියට පාන් රාත්තල  දාලා ඒ බරටම බටර් ඔහුට  දෙනවා. ඉතින් එහෙම නම්  ප්‍රශ්නයට මුල් වෙච්ච හේතුව තිබෙන්නේ ඔහුගේ පාන් රාත්තලේ බරේ නේද?


දැනිලා තියෙනවද දෙන දේ තමයි ලැබෙන්නේ හොද දේවල් වගේම නරක දේවලුත්. උදාවෙන ඊළග තත්පරේ දිද තව අවුරුදු ගාණක් ගිහිල්ලා ද කියලා කියන්න බැහැ හැබැයි ඉතින් එක ලැබෙනවා අනිවාර්යෙන්ම .


රැවටීම වන්චාව රැකියාව කර ගත්තු අයට මේ දේ විහිළුවක් වගේ දැනෙයි ඒත් පිලිගන්න දවසක ඔබට ඒ කරපු  දෙවල්  අනිත් අතට පෙරළා ලැබෙද්දි පාර ඉඩ තිබ්බත් ඔබට දුවගන්න බැරිවෙන බව


කේළම්, කෙටවීම් වගේ දෙවල් කලාවක් කරගත්තු හිත්වලටත් ඒ වගේ දෙවල් වලට මුහුණ දෙන්න දවසක් එනවා අන්න එදාට අනිත් අයට අවුලපු ගිණි වලටම ඒ අයව පිච්චිලා යන්න පුළුවන්.


තමන්ගේ හිත් රිදෙනවට දුකද? එහෙනම් අනිත් අයගේ හිත් රිදවන්න එපා

වන්චාව, රැවටිලි වලට බයද ?එහෙනම් අනිත් අයට වන්චා නොකර ඉන්න

තමන්ගේ පවුල කඩා ඉහිරෙනවට අකමැතිද ?එහෙනම් අනිත් අයගේ පවුල් කඩා ඉහිරවන්න එපා

තමන්ගේ දරුවන්ට වෙනස් කමක් වෙනවට කැමති නැද්ද? එහෙනම් අනිත් දරුවන්ට වෙනස්කමක් නොකර ඉන්න

තමන්ගේ දියුණුවට බධා වෙනවට කැමැති නැද්ද ?එහෙනම් අනිත් අයට අකුල් හෙලලා ඉරිසියා නොකර ඉන්න


කරන කලට පව් මීරිය             මී සේ

විඳින කලට දුක්දැඩිවෙයි      ගිනි සේ

 අන්න ඒක මතක තියාගෙන ජිවත් වෙන්න උත්සහා ගනිමු .ජීවිතයේ දී, ඔබ දෙන දේ ඔබට ලැබේ. අන් අයව රවටා ගැනීමට උත්සාහ නොකරන්න.


උදාරි ජයතිලක

 



Post a Comment

0 Comments