කට්ට කලා දියුණු වෙන්න හැබැයි ඉහලට නැග්ගාම හීනමානේ දුරු කරගන්න


 කට්ට කලා දියුණු වෙන්න 

හැබැයි ඉහලට නැග්ගාම හීනමානේ දුරු කරගන්න


අහලා තියෙනවද කියමනක් තියෙනවා..දුප්පත් වෙලා ඉපදෙන එක ඔබගෙ වැරැද්දක් නෙවෙයි...හැබැයි දුප්පතෙක් විදිහට මැරුණොත් අන්න ඒක ඔබගේ වැරැද්දක් .


වෙලක් හැර වෙලක් කලා අව්වට වැස්සට හුරුවෙලා.රෑට නින්දක් නැතිව කට්ට කලා දවසක  ටාගට් එකට ඔබ ගියාම දැනෙන හැගිම දරාගන්න බැරි තරම් සතුටක් කියලා අපි නොදන්නවා නෙවෙයි. එහෙම අයට මමත් සුභ පතනවා.ඇත්තටම ඒක තමයි වෙන්න ඕනි.එකේ කිසිම තර්කයක් නැහැ..මිනිස්සු දියුණු වෙන්න ඕනි. දියුණු වෙලා සල්ලි වලින් තමන් කැමති දෙයක් ගන්න, කන්න, බොන්න ,අදින්න..කොටින්ම සැපෙ ඉන්න, අපිට එක අදාල්ම නැහැ .


එත් අතීතයේ ඉදන් ලබපු කට්ටෙ ඇරියස් එක ගන්න හදන්න ඒපා..මොකද ලෝකේටම උබව විහිළුවක් වෙනවා එතකොට..ඒක හරි කැතයි..හීනමානයෙන් උබ ඉන්නෙ කියලා තෙරෙනවා...අන්න ඒක හරි අවුල්.බැරි වෙච්ච, මග ඇරිච්ච් සැප ගන්න හදද්දී , සමාජ තත්වය අනිත් අයට පෙන්නන්න හදද්දි හරි පරිස්සමෙන් .. අමාරුවෙන් ජිවිතේ හදාගෙන, පිස්සෙක් කියලා අහගන්න එක අපරාදයක්.....


''අපි කන්නේ බොන්නේ අදින්නේ අපේ සල්ලි වලින් නම් මිනිස්සු කියන කථා අදාලම නැහැ කියලා නුඹට හිතන්න පුළුවන්"


එත් අවන්කවම හිතලා බලන්න, උඹලා ඔය හැම දේම කරන්නේ.තමන්ගේ ආත්ම තෘප්තියටත් වඩා අනිත් මිනිස්සුන්ට පේන්න.. අවධානය ලබා ගන්න.  එහෙම උනාම මිනිස්සුන්ගේ කථා අදාල කරගන්න වෙනවා තමයි.


👉 සරළ වෙන තරමට මිනිස්සු හිතන්න ගන්නවා...සල්ලි කියන්නෙ අරුමයක් නොවෙන බව . එත් ගොඩාක් මිනිස්සු තමන්ට අහිමි වෙලා තිබ්බ වැදගත්කම උසස් සමාජ පන්තිය ලබා ගන්න හදන්නේම හරිම බොළද මානසික මට්ටමක ඉදන්.


කාන්තාවන් හිතනවනම් තට්ටු පිට තට්ටු මේකප් උලාගෙන. හැxගිලා තියෙන්න ඕන ශරීර අන්ග එළියේ දාගත්තහම පොෂ් කියලා වැරදෙන මූලික තැනත් එතන තමයි.


අනවශ්‍ය විදිහට රත්‍රන් පෙරවගෙන සුපිරි වාහනයක ගියත් ඔබගේ ආකල්ප දියුණු වෙලා නැතිනම් දන්න කෙනා දැනගන්න ඉඩ වැඩියි 


 ඔබගේ ඇත්තම ක්ලාස් එක මොකක්ද කියලා.


 


බ්‍රැන්ඩඩ්  ඇදුම් ඇදලා ලොකුකම් කථා කළාට වැඩක් නැහැ කථාකරද්දි අනිත් කෙනාට තේරෙනවනම් ඔබගේ ඇත්ත්ම තත්වය.හා ළමා මානසිකත්වය.


පිනක් දහමක් කරගන්න ඒත් ළොකේට පෙන්න ප්‍රසිද්ධියක් ගන්න නෙවෙයි ඇත්ත්ම අධ්‍යාමික සුවය ලබා ගන්න..


මහන්සි වෙලා ජිවිතේ ගොඩ දා ගන්න  දි‍යුණු වෙච්චි දවසක තමන්ගේ සල්ලි බලේ පෙන්නන්න යන්න එපා.මොකද සල්ලි වලට හැම දේම කරන්න  බැහැ.


මතක තියාගන්න නුඹට සල්ලි ඕනෑ තරම් තිබ්බා කියලා අනිත් මිනිස්සු අතරේ කැපී පෙන්න. .විකාර රූපි .නුසුදුසු ඇදුම් පැළදුම් මෝඩ ආතල් නම් අරගන්න එපා. 


මොකද දියුණු වෙච්ච මිනිහෙක් ආදර්ශයට අරන් ජිවිතේ ගොඩදාගන්න ගොඩාක් දෙනා බලන් ඉන්නවා.හීනමානය නිසා ඒ ගරුත්වය නැති කරගන්න එපා..


 


ඔබට ජය


උදාරි ජයතිලක


Post a Comment

0 Comments