වටිනා පිරිමින් අතර ඇති නොවටිනා ගති......

 







''වටිනා ගැහැණුන්  අතර  ඇති නොවටිනා ගති......'' නමින් මා විසින් ලියු ලිපියට  ලැබු ප්‍රතිචාර හමුවේ

''වටිනා පිරිමින්  අතර  ඇති නොවටිනා ගති......'' නොලිව්වොත් එය අසාධාරණයැයි සිතුවෙමි.


වටිනා පිරිමින්  අතර  ඇති නොවටිනා ගති......

මවක් දසමසක් කුස දරා දරුවෙකු මෙලොවට බිහිකල පසු දරුවෙකුගේ බර උසුළාගෙන යනුයේ බොහෝ විට පියෙකි. දියණියක් නිසි වයසේදි පිරිමියෙකු හට දිග තල දුන් පසු එහි වගකීම ගෙන පවුලක් රකිනුයේ  ද සැමියෙකු විසින්මය. එහෙයින් පිරිමියා යනු වගකීම් රැසකට අවනතව ජිවිතය ගෙන යා යුත්තෙකි.

අද දවස වන විට සමහරක් නොමනා කම් නිසා සමහර පිරිමින් විසින්ම පිරිමියාගේ තත්වය හෑල්ලුවට පත් කරමින් සිටි.

සෑම පිරිමියෙකුම වැරදි කරුවෙකු වන්නේ නැත. එහෙත් සුළුවෙන් හෝ ඔවුන් අති සිදුවන වැරදි අඩුපාඩු නිසා ගැහැණියකගේ ජිවිත නීරස වු අවස්ථා මා මෙන්ම ඔබද දැක අසා ඇති බවට නොරහසකි.

ඔබ අතර කුමන වු අදහසක් තිබුනද මේ ලියන මාගේ දැක්ම වනුයේ ගැහැණියකට පිරිම්යෙකු සෙනෙහස, ආරක්ෂාව, රැකවරණ ලැබීමට  ජිවිතේ තුල පිරිමියෙකු සිටිය යුතුය.. කලබල වෙන්න එපා, ඔබට කුඩාකාලයේ පටන් පිය සෙනෙහස දැනුනා නේද? ඔහුද පිරිමියෙකි.පියෙකුගේ සෙනෙහස නොමැතිව ඔබ කුඩා කාලයේදි ජිවිතය ගෙවීමට පවා බය වුවා යැයි සිතමි.

කියවන කාන්තා ඔබ තුලද පිරිමින් නීරස වු අය සිටින්නට පුළුවන. වැරැද්දක් නොකියමි.ඔබ ලැබු අත්දකිම් මත එසේ වීම සාධාරණ යැයි සිතමි.

මම දකින නොවටිනා පිරිම් ගති 👇👇👇👇(මා ඇතුළු බහුතර කාන්තා මත පදනම්ව ලියමි)


රකින්නට බැරි,රැදෙන්නට බැරි බැදිම් වල බැදීම

ප්‍රමාණය ඉක්මවා සිදුවන මිතුරු ඇසුර

තම පවුලේ අයට වඩා පිටස්තරයන් ලොකු කර ගැනීම

එකවර පෙම් සබදතා දුසිම් ගනනින් පැවැත්වීම

  අධිකව දුම්පානය  හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම  ( ඔබ බෙලහීනයකු කරනවා මිස නියම පිරිමියෙකු කලේ නැත.)

සුදූවට යොමු වීම

ජිම් අස්සේ දුක් විද සදාගන්න සික්ස් පැක්  නියම පිරිමිකම යැයි සිතන දුර්වල මානසිකත්වය  (ශරිර සුවතාවය පවත්වා ගැනීම වැරැද්දක් ලෙස නොකියමි එහෙත් ර්‍රැල්ලට ගොස් පුබ්බාගත් ශරිර කොටස් තරයේ හෙලා දකිමි.)


ගෙදර ගෑණිට වඩා පිට ගැහැණුන්ගේ අගය දැනීම
 
තමාගේ පවුලටත් වඩා වටේ පවුල්වලට පිහිට වීමට යෑම

බොරු ආටෝපයක් මවා පෑමට පොශ් ගති පෙන්වීමට දරණා  පුහු උත්සාහය 

මහා මාර්ග වලදි පවා තම ආධිපත්‍ය පැතිරවීමට යෑම
(කාන්තාවක් රිය ධාවනය කිරිම මොවුන්ගේ ඉරිසියාවට බදුන් වන කරුණකී)

ගැහැණුන් යනු ඉතාමත් මිල අඩු වෙලද භාන්ඩ  ලෙස දැකීමට උත්සහ කිරිම

ගැහැණියක් ඔබ සමග සිනාසි කතා කල පමණින් ඇය ඔබ සමග යහන් ගත වීමට පවා කැමති යැයි සිතීම

කාන්තාවන් සමග වැඩිපුර සමීප සබදතා පැවැත්වීම පිරිමි කමක් ලෙස දැකීම. (මතක තබා ගන්න අන්තප්පුරකයක් දැමීම නියම පිරිමි කම නොවේ. එක් කාන්තාවකට ජිවිතේ පුරා රැජිණකට සේ සැලකිම සත්‍ය පිරිමි කමක් බව මතක තබා ගන්න

ප්‍රායෝගික වු දැනුම හීන වීම බොහෝ වෙලාවට පිරිමින්  ටයිප් රයිටර් එකකට සමාන වන්නේද ඒ නිසාය, ගේ දොර වැඩපල වලදි පවසන දෙට අමතරව කිසිම දෙයක් අමතරව සිදු වන්නේ නැත . ගේ දොර භාණ් ඩ මිලට ගැනීමට යැවීමෙදි ඇතිවන දුස්කරතා අමුතුවෙන් සදහන් කල යුතු නොවේ.



ගැහැණිය යනු සැම විටම තමාට යටත් විය යුතු මෝඩ ගති ඇති බව  සිතිම

තමා සැමවිටම පරිපුර්ණ යැයි සිතිම

අසරණ ගැහැණුන් අසරණ කර කරදරයට පත් කිරිම වීරකමක් සේ සැලකීම

එකම් ගැහැනියක් පමණක් නොවේ විවිධ කාන්තාවන් ගෙන් වෙනස් වු අත්දැකීම් ලබා ගැනීම යාම

කාන්තාවන් සතුවු මානසික ශක්තිය ගැන අවතක්සේරු කිරිම

පොත්තේ පාටට රැවටී දරු පවුල් අනාත කිරිම. ( පිරිමින් වන ඔබට සමහරක් කාන්තාවන් ගේ ඇති 64 මායම ඉදිරියේ සිත් පාලනය කිරිමට අපහසු වුවද එහෙත් තමන්ගේ පවුලේ ඔබ වෙනුවෙන් බලාසිටින ආදර්ණියන් වෙනුවෙන් තමාගේ සිත පාලනය කර ගත හැකි නම් ඔබ සැබෑම වු පිරිමියෙකී)

සිය සේවා ස්ථානයේ රැකියාව කරන ගැහැණුන් සිය පුද්ගලික දේපලක් ලෙස භාවිතා කිරිමට සමහරක් පිරිමින් උත්සහා ගැනීම.එය පිරිමි කම නොව මානසික අබාධයකි.

කුස්සියේ වැඩපලක් කරදීම සිය පිරිමි කමට මදි කමක් ලෙස දැකීම

සිය බිරිදගේ දියුණුව ලග සතුටු නොවීම

බිරිදව අගය නොකිරිම

සිය බිරිදව නිකරුනේ සැකකිරිම හා නිදහස ලබා නොදීම

 ගැහැනුන්ට ගරු නොකිරිම

නිතර වෙනස් වෙන සිත..

තමන්ව විශ්වාස කර ඔබ සමග ජිවිතය බෙදාගැනීමට පැමිණි ඇයව රැක බලා ගැනීමත් ආදරය නොවෙනස්ව පවත්වා ගෙන යාමත් ඔබගේ යුතුකමකි. එමෙන්ම තමන් නිසා මෙලොවට පැමිණි තමන්ගේ දරුවන් පෝෂනය කර සෙනහස ලබා දීමත් පිරිමින් වු  ඔබගේ උත්තරීතර පිරිම් කම පෙන්වා දෙන දැනෙන අවස්ථාවකි.

බිදි විසිරි යන වත්මන් සෙනෙහසේ කැදලි අතරට ඔබේ පවුලත් එක් නොකර ආදරය සෙනෙහස රැදි කැදැල්ලක උණුසුම ඔබේ ආදරණියන්ට 
නොඅඩුව ලබා දී ඔබත් වල්මත් වු පිරිමින් අතර නියම පිරිමියෙකු වන්න. 

ලැබු පිරිමි භාවය ගතට පමණක් සීමා නොකොට, ගැහැනියට ගරු කරන සිතක් ඇති  උතුම් වු පිරිමි චරිතයක් වන්න එය මතු උපදින භවයකට පමණක් නොවේ තමන් ගේ ලෙයින් හැදි දියණියක සිටි නම් ඇය විවාහ වු දවසකද ඔබගේ උතුම් ගති නොපෙනෙන ආශිර්වාදයක් වනු නිසැකය.



උදාරි ජයතිලක


Post a Comment

0 Comments