විවේචන වලට ඉක්මන් වෙන හිත්
අගය කිරිම් වලටත් ඉක්මන් වුවානම්.....
අගය කිරිමකට හිත් නොදෙන
විවේචන වලටම හිත දෙන කුහක ගති අඩුකරගමුද?
තවත් කෙනෙක් ගේ හොදක් දකින්න,හොදක් අහන්න සමහර හිත්වලට පුරුද්දක් ඇත්තෙම නැහැ.පන්චඉන්ද්රියම කෙනෙක් ගේ දෙයක් අගයන්න බැරි තරමට සමහරුන්ගේ හිත් අඩපණ වෙලා. ඒකත් එක්කම කෙනෙක්ව විවේචනය කරන්න, වැරැද්දක් දකින්න,පදමාලා ගොතන්න නම් මේ හිත්වලට පුදුම තරමේ හැකියාවක් උනන්දුවක් වගෙම කෑදර කමක් තියෙනවා.
වැරැද්ද කොතනද,කාගෙද කියලා හිතනවට වඩා අපේ හිත් ඒ මට්ටමට නොවැටි බේරගන්න එක පහසුයි මට හිතෙන විදිහට.
යම් දෙයක සිද්ධියක අග මුල හරියටම නොදැන විවේචන කරන්න,හෙලා දකින්න, මඩ ගහන්න, අපහස කරන්න අපේ මේ පුන්චි මුතු ඇටේ මිනිස්සු විනෝදාන්ශය කරගෙන ඉවරයිද කියලත් සධාරණ සැකයක් නම් තියෙනවා. අනිත් හිත් පාරලා ආත්ම තෘප්තියක් ලබන්න කොයිතරම් පිරිසක් සැදි පැහැදි ඉන්නවද කියලා බලන්න වැඩි දුරක් යන්න අවශ්‍යම නැහැ, හැමතිස්සෙම අතේ තියෙන සමාජ මාධ්‍ය වලට ගියාම ඇති. සමහර සිද්ධි ගැන තියෙන අදහස් විචාර දැක්කම අපේ මිනිස්සු සින්හල සාහිත්‍යය දක්වන දක්ෂතාවය අදුන ගන්න වැඩිවෙලාවක් නම් යන්නේ නැහැ.
අමතක රන්න එපා හැම දේකම දෙපැත්තක් තියෙන බව
හැම සිදුවිමකම අපි නොහිතන,නොදකින, නොපෙනන කතාවක් තියෙන්න පුළුවන් ඒ නිසා ඔබගේ ඔයා විවේචන හැකියාව හැම දෙයක් අස්සේම රින්ගවන්න හදිස්සි වෙන්න එපා. මොකද ඒ දෙවල් වලින් මිනිහෙක් ජිවත් වෙලා ඉද්දිම මැරැණු මිනිහෙක් කරන්න පුළුවන්
ඔබේ ඔය විවෙචන හින්දම,
සධාරනව හම්බ කරන කෙනෙක්ව සමාජය ඉස්සරහා මත්ද්‍රව්‍ය ජවාරම්කාරයෙක් කරන්න පුළුවන්
පතිවත රකින ගැහැනියක් සමාජය ඉස්සරහා ගණිකාවක් කරන්න පුළුවන්
හොදම යහළුකම් සමාජයක් ඉස්සරහා අනියම් සම්බන්ධයක් කරන්න
අගය කරන්න
කෙනෙක් ඔබට දෙන රස කෑමක් අගය නොකර ඉන්න තරම් කුහක වෙන්න එපා
ලස්සන දෙයක් ලස්සනයි කියන්න දෙපාරක් හිතන්න එපා
කල උදවු අගය කරන්න අමතක කරන්න එපා
කෙනෙක්ගේ දක්ෂතාවයක් දැක්කම අගයන්න දෙපාරක් හිතන්න එපා
අපි හැමෝම වගේ ලග වැරදි තියෙනවා අන්න ඒ නිසාම අනිත් අයගේ වැරදි විවෙචනය කරන්න කලින් එකම එක හොද දේට හරි වටිනාකමක් දෙන්න හිත් දියුණු කරගන්න උත්සහා කරමු
නොදන්නා කතාවල ඇති වැසිගිය ඇත්ත කතාව හරියටම නොදැන කිසිවෙකුට ගැරහුම් දීමට අපිට කොහෙත්ම සදාචාර සම්පන්න අයිතියක් නොමැත.
උදාරි ජයතිලක
0 Comments