1972 අවුරුද්දේ නත්තල් දවසේ රාත්රියේ තරුණ යුවලක් නර්තනයේ යෙදනවා තමන්ගේ ගෙදරම ...හිටිහැටියෙම නිවසේ කාමරකින් පැමිණෙන වෙනසක් ..කාමරය තුළට යන තරුණයා එයාව සොයාගෙන යන තරුණියට දක්න්න වෙන දේ තමයි , ඉතාමත් සාහසික විදිහට මරලා දාලා තියෙන තමන්ගෙම ආදරවන්තයා එහෙමත් නැතිනම් ස්වාමියා.
ඒ කම්පනයෙන් ඇසිල්ලකින් ඒ වගෙම මරණයක් උරුම කරගන්න තරුණිය...මිනිමරුවෙක් හොයාගන්න බැරිව අදිසි මරණයක් විදිහට ඉතිහාසගතවන අපරාධයක් වගෙම ගොස්ට් හවුස් එක..
වර්ෂ ගණනාවකට පසු අළුත් වැඩියා සිද්ධ වෙලා එනම් 2019 වර්ෂයෙදි එළිදකින නව නිවහන...මේ ගෙදර තියෙන වටිනා සිතුවමක් බලන්න යන ප්රසිද්ධ සxගීත ශිල්පියා සහ සුරුපී ගොළු බිහිරි චිත්ර ශිල්පිණිය. අළුත විවාහ වුන මේ යුවලටත් අත්වෙන්නේ ඒ වගෙම අති බිහිසුණු ඉරණමක්..ඒත් වාසනාවකට දිවිගලවගන්න සමත් වෙන තරුණිය,
මේ ගැන හොයන්න බාරවෙන කණ්ඩායමට අයත් වෙන දක්ෂ තරුණිය සහ උදච්ච වගේම තරමක් නපුරු මැදි වියේ නිළධාරියා....
2020 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේ 02 වෙනිදා ප්රයිම් විඩීයෝ හරහා රිලිස් වුණු තෙළිගු ත්රිලර් ගණයට වැටෙන සිනමා පටයක ආරම්භය තමයි ඒ.අනුෂ්කා ශෙට්ඨි සහ ආර්.මාධවන් කියන ප්රධාන ශිල්පින්ගෙන් හැඩවෙන මෙම සිනමා පටය එක හුස්මට බලන්න හිතෙන ඒ වගෙම කුතුහලය නොඩුව තියෙන ඇත්තටම සුපිරි නිර්මාණයක්..
තුන්වෙනි සිල්පදය කැඩිමේ ආදීනව වැදගත් පාඩමක් කියලා දෙනවා..මේ හේතුව නිසාම මෙහි එන විලන් ගේ චරිතය මම සධාරණියකරනය කරන්න හිතුවා...ඔයාලගේ අදහස මොකක්ද? ඒ නිසාම රසවිදලම ඔයාලගේ අදහසුත් කියන්න කියලා මම ආරාධනා කරනවා...
පන්චාන්දි(උදා-ජය)
0 Comments