''ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..

 



සතුටක් හෝ නිශ්චිත හැගිමක් නොමැතිව, හිස ඔසවා අපි අවට සිටි අය දෙස බැලුවෙමි.. ඇයත් මමත් හැරුණු කොට අන් සියළු දෙනාම පාහේ සතුටු සිනහවල් රදවා ගෙන අප දෙස බලා සිටි. විශේෂයෙන් අප දෙදෙනාගේ මව් පියන් අමන්දානන්දය පත්වි ඇති සෙයකි. 

දැගිලි බැද මුදු හුවමාරුවෙන් පසුව  සහ අනෙකුත් පෝරුවේ චරිත්‍ර අහවර වීමට ඇත්තේ තව සුළු මොහොතකි.

මා සිතට බ්නම් දැනෙනුයේ අප්‍රමාණ වෙහෙසකි. මදකට ඇය දෙස නෙත් හලෙමි.. කිසිම හැගිමක් නැතුවා මෙන් ඇය බිම බලා සිටින්නේ ඇයට හුරු පුරුදු එකම ඉරියව්ව එය නිසා විය හැක.


''ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..

අප ළං කළා නොවෙයි ඔබ මා ළං කළා..

හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..

අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා.''


අවුරුදු පහක් ගතවු මගේ ප්‍රේමයේ ඵල නෙළා ගැනීමට මා වාසනාවන්ත නොවීය.. මාගේ පෙම්වතිය මා හට සියයට සියයක්ම ගැළපුණි. එහෙත් මගේ දෙමව්පියන්ට ඇයව දශමයකින් .වත් ගැළපුණේ නැති වුයේ ඇයි දැයි මම අදටත් නොදනිමි...මාගේ පියාණන්ගේ දැඩි තීරන හා මැණියන්ගේ අසනීපයන් හමුවේ ඔවුන්ගේ සිත් පැරීමට නොහැකි වු මා මගේ කුළුදුල් ප්‍රේමයට සමුදුනිමි.

මව්පියන්ගේ තනි කැමැත්ත මත සිදුවු මේ විවාහයෙන් හමුවු  ඇයද සැබවින්ම නිහඩ මෙන්ම අහින්සක තැනත්තියෙකි.ඇයගේ මුවෙන් නොකීවද ඇයටද ඇගේම වු ප්‍රේමයක් තිබු බව ඇගේ හැසිරිමෙ.න් මෙන්ම නිහඩ බවින් මා තේරුම් ගෙන සිටියෙමි.

''හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..

හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..

ඔබ නගන විට දි හසරැලි..

හදවතින් නොවෙයි සියුමැලි''


ප්‍රේමය යනු සිතේ ඇතිවන සිතුවිල්ලකි.එයින් මිදි සිත හදාගැනීම පහසු දෙයකි නොවනු ඇත.අද දිනයේ සියළු චායාරූප වලට මා මෙන්ම ඔබද සිටියේ මවා ගත් සිනහවකින් බව සමහර විට අන් අයටද දැනෙන්නට ඇත. එය මගේ මෙන්ම අහින්සක  ඇයගේද වැරැදක් නොව. අපව තෙරුම් නොගත් වැඩිහිටියන්ගේ වැරද්දක් විය හැක.


''අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..

අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..

අපි එකට වසමු මියුලැසියේ....

ලෝකයට බයෙන් ගල් ගැසී..''


ඉරණම වෙනස් කිරිම අප හට කල හැකි දෙයක් බව නොපිළිගනිමි.අපිට ජිවිතයෙන් ලැබෙන දෙය බාර ගැනීමට තරම් මා සිත ශක්තිමත් වී ඇත.විවාහය යනු ආපසු හැරීමක් ඇති දෙයක් නොවේ. ඉතින් මා ඇය හා ජිවිතය තරණය කළ යුතුය.අනාගතය ඇය හා ගොඩ නැගිමට සිදුවන බව නොරහසකි.අනිත් අයගේ සිත් සැනසීමට සිදුවු මේ විවාහය නිසා මගේ මෙන්ම ඇයගේ ජිවිත නීරස කර ගත යුතුද? නැතිනම්ලැබුණු දෙය හොදම දේ යැයි සිතා ජිව්තය ගෙවිය යුතුද? ඇයගේ ප්‍රතිචාර මත එය තීරණය වනු ඇත. එය අද ,හෙට හෝ තව කාලේකින් සිදුවන වනතුරු ඉවසීමෙන් සිටිමද සිත හුරු කර ගැනිමට උත්සහා කරමි.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා විසින් ගායනා කරන ''ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..ගීතය මෙම සටහනට පාදක විය.

පන්චාන්දි (උදා-ජය)



Post a Comment

0 Comments