නින්දත් නොනින්දත් අතර සිටි මා අවධි වුයේ රාත්‍රි දොලහේ කණිසමේ නාදයටය.. සැබවින්ම එය සුවබර නින්දක් නොවේ.ගිල දැමු බෙහෙත් පෙති වලට ඇතිවු මත් බවක් වැනිය.
පවුලේ දරදිය ඇදීමට වෙහෙසන නුඹ තාමත් ගෙදරට ආවේ නැත.වැඩ අධික වු කාලයට එසේ රෑ වීම නුබට මෙන්ම මා හටද දැන් පුරුදු වී ඇත. සැබවින්ම එය දරා ගැනීමට සිදුවි තිබේ.
මීට අවුරුද්ද්කට පෙර නුඹ හා මා ගෙවු ජිවිතය අද දවස වන විට සිහිනයක් වැනිය, සැපට හැදි වැඩුණු නුඹ මා පිය අවසරයකින් තොරවම මම ජිවත් වෙන මේ කුලී නිවසට කැන්දා ගෙන ආවේ නුබේ හා මගේ පවුල අත ඇතිව තිබු ඇති නැති පරතරය නිසාමය.
අපි විවාහ වී සය මසක් පමණ වන තුරු මට හැකි පමණින් නුඹව රැජිණක් සේ බලා ගතිමි.. ජිවිතය අප හට ඒ තරම් කාරුණික නොවිය. නොසිතු ලෙස බීමත් රියදුරකුගේ නොසැලිකිලිමත් කම නිසා අනතුරකට ලක් වු මා දින නියමයක් මොමැතිවම ලෙඩ ඇදකට සීමා විය...
මා පැදුවු යතුරු පැදිය විකුණා දින කිහිපයක් ජිවිතය ගැට ගසා ගත්තද, මගේ දෙපා වල සිදුවු තුවාල වල ප්‍රතිකාර හා ගෙවල් කුලිය හමුවේ. මැනිකක් සේ රැක බලාගත් නුඹව, අන් පිහිටක් නොමැති තැන අකමැත්තෙන් වුවද ඇගළුම් කර්මාන්ථ ශාලවේ රැකියාව සදහා පිටත් කිරිමට මට සිදුවිය.
"රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරළි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට"
රාත්‍රි 11.00 වන විට සේවා මුරය අවසන් වුවද වෙනදා මෙන්ම නුඹ ගෙට ගොඩ වුයේ රත්‍රි 12.00 පසුවි ගෙනය..ඒ රාජකාරි සේව ස්ථානයෙන් සපයන බස් රියෙනි.
පිපි මලක් මෙන් මට අවශ්‍ය සියළු දේ හිමිදිරි උදැසනම සියළු දේ ලක ලැස්ති කරන නුඹ ගෙදරින් පිටවන්නේ හිතකින් නොවන වග මගේ මේ අසරණ සිත හොදාකාරවම දනිමී.
වැඩ ඇරී ගෙදර ආ වීට කිසිදු වෙහසක් නොපෙන්වා සිනාසී සිටිමට උත්සහා කරමින් සිටින නුඹ දකිනා විට දැනෙනා හැගිමි නුඹේ ඔය සගවන මැලවුනු මුහුණින් සිය දහස් වර වැඩිවේ,
''තුන්තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ''
තාමත් විසිතුන් හැවිරිදි වියේ පසුවන නුඹ මේ උහුලන්නේ දැරිය නොහැකි බරක් බව මම දනිමි.නුඹේ ජිවිත්යේ ලස්සනම කාලය මේ ලෙසින් දිය වෙනවා දකින්නට නුබට වඩා මා පෙර ආත්මයක හෝ පවු කර ඇති බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවේ.මට නොපෙනෙන්නට හඩනා නුඹේ ඔය සිත මැෂිමේ හඩට යට වුවාට මුළු දවසක් පුරා ඒ හඩ මා සවන් තුල දොන්කාර දේ.
''නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ''
අපිව ජිවත් කරවීමට නුඹ ගන්නා උත්සාහයෙදි,කැපවීමෙදි නුඹට ලෝකයෙන් ලැබෙන්නේ මල් නොව ගල් බව මම දනිමි.ඒ ගල් එකතුකර අපේ රාජධානිය සවිමත් කරන පවුරක් සාදන්නට නුඹට ඇති ශක්තිය ගැන හොදාකාරයෙන් දන්නේ මා පමණි. ලෝකාය නුඹව තවත් එක් ගාමන්ට් කෑල්ලක් විය හැක (සමාවෙන්න පවිටු මිනිසුන් එහෙමය.එය ඔවුන්ගේ පවුකාර සිත් වල සිතුවිල්ලක් පමණී මට නුබ රැජිණකි.
ජිවිත්යේ හාස්කමකින් හෝ නැතිනම් නුඹ සතුව ඇති පතිභක්තියේ ඇති මහිමයෙන් මා ඉක්මනින් සුව වන බව මට විශ්වාසය.ඒ දවස එනතුරු සමාවෙන්න මට සිය දහස් වාරයක්... සියළු දුක් ඉසිලිමට නුඹට ශක්තිය දිරිය වාසනාව ලැබේවා!!!!!
සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන රෑ වැඩ මුරය මේ ගීතය පදනම් විය.
එමෙන්ම මේ දිනවල කොවිඩ් වසන්ගතයට මුහුණා සිටින සියළු සන්නාලියන්ට ඉක්මන් සුවය ලැබේවා!!!
පන්චාන්දි(උදා-ජය
0 Comments