තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින "
"වයිෆ් මොනාද දැන් කරන්නේ? ජොබ් එකෙනුත් අයින් උනාලු නේද? "
"ගෙදරට වෙලා ඉන්නවා මුකුත් කරන්නේ නැහැ.." බොහෝ සැමියන්ගේ පිළිතුර මෙය විය හැක..එහෙත් එය එතරම් සධාරණ නොවනු ඇත.
පාන්දර එළිය වැටීමටත් පෙර අවදි වී මධ්‍යම රාත්‍රීය ආසන්න වනතුරුත් දරුපැටවුන් සහ ගේදොර වැඩ හා ඔට්ටු වෙන නුඹ ගැන කිසිදා එවැනි කතාවක් හෝ වචනයක් වත් මාගේ මුවින් පිටවි නැත...(ගෙදරට වෙලා ඉන්නවා මුකුත් කරන්නේ නැහැ..")
ඇත්තෙන්ම මාගේ සුපුරුදු රැකියාව මිස ගේ දොර පිළිබද කිසිම හෝ දැනීමක් මා හට නැත.. ඒ අතින් ඇත්තෙන්ම ඇය ඉදිරියේ මා අත දරුවෙකුට සමාන වේ.
නුබේ අසනීපයකදි පවා ඒ ගැන තැකීමක් නොකට ගේ දොර වැඩ නුඹ අතින් නොපිරිහෙලා ඉටුවෙයි..
එක් වෙලාවකට එක වැඩකට පමණක් අවධානය යොමු කළ හැකි මා ගැන සිතිමෙදි..නුඹගේ මෙහෙවර අතිවිශිෂ්ඨය...
"මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ් දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්"
දරුවන්ගේ රණ්ඩුසරුවල්,නිමක් නැති දගකාරකම් මද්දේ වුවද, නුඹගේ ආදරණිය ඇමතිම්, සොයා බැලිම්,ඉවසිම් මේ යැයි කිව නොහැක...
දරුවන්ගේ පාසැල් වැඩ, අමතර ඉගැන්විම් සමග ඔට්ටු වෙන නුඹට මා සිත තුල ඇත්තේ නොමද වු ගරුත්වයකි.
නුඹ හමුවුදා මා හද උපන් ප්‍රේමය වර්ථමානය වන විට සිය දහස් ගුණයකින් වැඩිවි ඇත.
"බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ළගින් හිද මගෙ හිස සිඹින සද"
දගකාර ,කෙළිලොල් ,සරාගී ඇය වෙනුවට වර්ථමානය වන විට දැන් මා හට දැනේන්නේ..
පරිණත වු ශාන්ත වුත් ගති ලක්ෂණය..
එයට නුඹගේ මව් ගුණය එකතු වු විට.. නුඹ කෙරෙහි වු අනන්ත හැගුම් සමුදායක මා සිත පිරි යයි..
සිය දවසේ වැඩකටයුතු නිමාකොට නුඹගෙන් ලැබෙන ආදරණිය බව...බිරිදකට එහා ගිය උතුම් මව් සෙනෙහස. නුඹ ඉදිරියේ මාද කුඩා දරුවෙකු යැයි මට සිතේ.
නුඹ මට සැබෑවින්ම මව් භාර්යාවකි....
මෙලොව වෙසෙන වාසනාවන්තම සැමියා මා
බව පවසන්නේ සියුම් වු ආඩම්බරයක් ද සමගිනි...
දූ දරුවන් සහ පවුල වෙනුවෙන් ,ඉල්ලිම්, වරප්‍රසාද ,ප්රතිලාභ වැනි කිසිත් නොලැබ...තමාගේ පදවිය විශ්‍රාම යෑමක් නොමැතිව ඉටුකරන මේ ලෝ තලයෙහි සියළුම මව්වරුන්ට මේ ගීතය උපහාරක්ම වේවා!!!
පණ්ඩිත් අමරදේවයන්ගේ හඩින් ගැයෙන මේ ගීතයේ පද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගෙනි.
පන්චන්දි (උදා-ජය)
0 Comments