"අහස නුඹ මෙතරම් සැඩ යැයි

 


වේලාව රෑ 11 පසුවිමටත් ආසන්නය. ඔබ නිවසට එන තුරු බලා හිද දැන් මා වෙතද නින්ද ළගා වනුයේ මැදියමත් පසු වී බොහෝ වෙලා ගතවු පසුවය...

නිවසට ඒම සදහා රෑ දහයත් පසු වීම නුඹ සිරිතක් බවට පත් කරගත්‍තේ මීට මාස කිහිපයට ඉහත සිටදීය....

නුබේ වෙනස් වීම ආරම්භ වුයේ කෙදිනක දීද යන්න මා හට නිශ්චිතවම මතකයක් නැති වුවද ,එය සිදුවුයේ දවසින් දවසය...

තුන් හැවිරිදි දියණිය මා තුරුලේ සනීපයට නිදිය..මොහොතක්ට හෝ සිතට සතුටක් දැනෙන්නේ ඇයගේ කිරි සිනාවන් හින්දා පමණකි...

මා තවමත් නිදි නැතුවම සිටි..මට ඇහෙන්නේ සාලය දෙසින් ඇසෙන නුඹගේ කටහඩ පමණි..වරු ගණන් නුඹ කා සමග කුමක් කතා කරන්වාදැයි ඇසිමටවත් අයිතියක් මා සතුව දැන් නැත...මා සතු නූබේ අයිතිවාසිකම ලියවිල්ල කට පමණක් සීමා වී ඇත..නුඹගෙන් එකම එක ආදරනීය වදනක් වත් ලැබු කාලයක් සිහියට නොහැගේ.නුඹෙන් මා ලද සෑම ආදරණීය හැගිමක්ම

නුඹ විසින් කාට හෝ සිනක්කරවම ලියා දී ඇති බව නම් පැහදිලිය....

ඒ ගැන ඇසීමට ගොස් සිත රිදවා ගැනීම මා දැන් අමතක කර සිටිමී.

නුඹ මගේ වු මුල් කාලයේ නම් නුඹ මා සිත රිදවු දවසක් වත මා මතකයේ නැත.එහෙව් නුඹ ගේ වෙනස් වීම. මා ජිවිතයද එපා කරවීමට පටන් ගෙන ඇත.


"අහස නුඹ මෙතරම් සැඩ යැයි

දැනුනේ මහ වැසි වැටුනාමයි

පොළොව නුඹ මෙතරම් රළු යැයි

හැගුණේ නියගය ආවාමයි..."

අප විවාහ වුයේ වසර 5ක සුන්දර ප්‍රෙමය කින් පසුවය...නමුත් ඒ ආදරය වීවාහ වී වසර හතරකින් පසු පෑල දොරින් යන්නට වුයේ කාගේ හෝ ඇස් වහක් වැදී දැයි මට සිතේ..

එහෙම නොවුනානම් මටත් වැඩියෙන් නුඹ ගැන සිතු මට නුඹ මේ තරම් නපුරු නොවනු ඇත..

විවාහයෙන් පෙර මෙන්ම විවාහයෙන් පසුවද අපි දෙදෙනාටම කතා කිරිමට වේලාවත් මදි විය...රෑ දෙගොඩහ වෙනකන් ඒවා දික් විය..

පුදුමය නුඹේ වෙනස් වීම හමුවේ දැන් ලැබෙන්නේ දවසට එක වචනයක් වුවද එයත්

තෙතමනයක් මුසුවී වත් නැති රළු වදන් වීමය


"රෑට තරු ඉසිනා අහසට

අදුරු සිත් ලැබුනේ කොහොමද

නේක මල් සදනා පොලෝවට

නපුරු සිත් කොයිබින් ලැබුනේද?"


පුංචීම හිසේ අමාරුවකදි පවා කලබල වුණු නුඹ...නැගිට ගැනීමටත් අමාරු තරමේ අසනීප වු පසුගිය සතියේ ..චූටි දියණිය හා මා කුසට අහරක් වත් ගත්තා දැයි සොයා නොබැලිමට තරම් නපුරු වී සිටියේය..අසල්වැසි හිතවතුන් නොසිටියානම් මා දියණියට ඇයගේ සදහටම මවද අහිමි වීමට ඉඩ තිබිණි.


"නීල ඉදුවර පෑ අහසට

කදුළු වැසි දුන්නේ කවුරුද

පලා පැහැ ඉසුලු මිහිමත

නියං ඇතුරුයේ කවුරුද?"


නුඹේ වෙනස් වීම් දරාගෙන මා ඉවසන්නේ අද නැතිනම් හෙට සුපුරුදු ඔබ නැවත මා හා දියණිය වෙතට පැමිනෙණ තුරුය...

ඒකාන්තයෙන් එය එසේ වන්නේය...ඒ ,මේ වෙනතුරුත් මගේ ආදරය බිදුවක් හෝ අඩු නොකර නුඹ වෙනුවෙන් මා හද තුල පරිස්සම් කරනා නිසාවෙනි.

නපුරු මායාකාරියකට අසුවු කුමාරයෙක් ඇයගේ ශාපයෙන් මිදි ආ කතාව පුංචිම කාලේදි මා අසා ඇතත්..එය දැනුදු තරයේ විශ්වාස කරමි....

මා සතු ඕනෑම දෙයක් බෙදා ගැනිමට හෝ පරිත්‍යාග කිරිමට මා හට හැකි වුවද.. නුඹව කිසි ලෙසකින් හෝ බෙදා ගැනූමට හෝ පරිත්‍යාගයට නම් මා හට අපහසුය....

පෙර කල පින් මදි වීමකින් හෝ ඉරණම නුඹ මා හට අහිමි වීම සිදුකලද.. හය හතර නොදන්නා දියණියට පිය සෙනෙහස ලබා දීමට පෙනෙනෙ නොපෙනෙන සියළු බලවේග වෙත පවරා මම නිහඩ වෙමි.



පන්චාන්දි(උදා-ජය)


(මේම සටහනට පාදක වුයේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගායනා කරන අහස නුඹ මේ තරම් ගීතයයි)


Post a Comment

0 Comments