නොවිසිලිමත් සිත මදකට හෝ නිවෙන්නට වුයේ සයුර රළ සමගින් විත් සියොළග දැවෙටෙන මද සුළගිනි. දහවල පටන් සිය රැස් විහිදා සිටි හිරු ඈත බටහිර අහසේ ගිලියමින් තිබේ.....සිතට දැනුනේ පුදුමාකාර බලාපොරොත්තු සුන් වු බවකි..සයුර දෙසත් රේල් පාර දෙසත් මාරුවෙන් මාරුවට නෙත් යොමා සිටියෙමි. හිත්පිත් නොමැතිව වේගයෙන් ඇදි ගිය දුම් රිය සමගින් ඇතිවුයේ සියුම් අමනාපයකි...මන්ද යත් ගෙවි ගිය ඒ ඇසිල්ලත් ඇය මග හැරි යාමට ප්‍රමාණවත්ය.
මොහොතකට ඇස් ඉවතට ගත් මම අවට නෙත් යොමන්නට විය.....තනි වි සිටියේ මා පමණකි බොහෝ අය ම්තුරන් සම,සිය පවුලේ අය එසෙත් නතිනම් සිය ආදර වන්තිය සමගිනි....
"මම ඔතනින් ටිකකට වාඩි වෙන්නද ?" කිසිදා අසා නැතිමුත් හුරු පුරුදු බවක් දැනිනි. වහා අනෙක් පස බැලු මට ඇස් අදහා ගැනිමට පවා නොහැකි විය...මේ ඇයය.. දින ගණනාවක් මා සෙවු රුවමය. ඇයගෙන් ලද ප්‍රශ්ණයට මම තවමත් නිරුත්තරය...අමාරුවෙන් වචන් ගැට ගසා ගතිමි. කමක් නැහැ වාඩිවෙන්න...මා මෙන්ම ඇයද මා සෙව්වා දැයි සැකයක් ඇයගේ නෙත්වල වු නොකියු කථාවෙන් කියන්නට සාදන බව මට හැගුණි.
"මුහුදු තෙරේ...
මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ"
ඉතින් තවමත් මා ප්‍රමාද විය යුතු නැත... "කමක් නැහැ ඔයා එනකම් තමයි හිටියේ"....ජිවිතයේ මා තුළ මතක් තිබු මානය බිද දමා ඇයට පිළිතුරු දීමට මම ඉක්මන් විමි... මොහොතකට පසුතැවිල්ලක් දැනුනද ඇයගේ පිළිතුරු සිනහවෙන් ඒ සියළු හැගිම් දියවෙන්නට විය.
මෙය ඔබ මා හමුවුණ ප්‍රථම දිනය නොවේ... මීට සතියකට පෙර එනම් පසුගිය සිකුරාදා දිනයේදිය... ඒ සිය කාර්‍යාලයේ සිට නිවස බලා යන දුම් රියේදිය. එය අහම්බයෙකි මා ඉදිරියේ ඉදිරිපස අසුනේ වාඩි වි සිටි ඇය මෙතක් නොවිදි හැගිමක සිත පටලන්නට සමත් විය..ඒ වචනයක් හෝ නොදොඩාය.කෙනෙකුගේ පළමු හමුවීමන් ප්‍රේමයක් ඇති නොවේ යැයි දැඩිව විශ්වාස කල මා සිත ඇය හමුවේ පරාජයට පත්විමි....එහෙත් වචනයක් හෝ ඇය සමග කථා නොකිරිමට අහන්කාර සිත තරයේ වග බලා ගැනුනි....
අද මා ඇය ඒවි යැයි මග බලා සිටි සිටි වෙරළ තීරය අසල දුම් රිය පොළෙන් ඇය එදින බැස ගියාය.
ඉතින් එදා සිට මේ දක්වා මම ඇය ලුහුබැන්දෙමි..පෙරදින හවස් යාමයේ වෙරළේ මේ බන්කුව මත ඇය වාඩි වී සිට්නු මා නෙත අහම්බයෙන් දුටිමි...ඒ මොහොතේම මා සිතා ගත්තේ වේලාසනින් පැමිණ ඇය එනතුරු බලා සිටින්නටය.
"වසන්තයේ එක සැන්දෑ යාමෙක
ඔබ හමුවූ දින මට මතකයි
දහසක් දෙනුවන් අතරින් දුටුවේ
ඔබගේ නිල්මිණි නෙත් යුගලයි"
මෙලෙස දිනපතා කාර්‍යලයට යනේන විට කොතෙකුත් වු නෙත් මා දැක ඇත්තෙමි...රූපයෙන් අඩු නැති දහසකුත් ළදුන් දැක ඇත්තෙමි. එහෙත් මා සිත මෙලෙසින් සසල වු මොහොතක් මා මතකයේ නැත... ඇය මා හට එතරම් විශේෂිතය. පෙර අත් භවයක හමුවි නොවෙන්නට මෙලෙස වන්නට නොහැක...මා ළගින් අද දිනයේ වාඩිවි හුන් ඇයටද ඒසෙමද නොදනිමි...
තවත් කාලය අපතේ හැරිය නොහැක...ඇයව කිසි ලෙසක අහිමි කර ගැනිමට සිත සුදානම් නැත...සමහර අවස්ථා ජිවිතය අපට ලබා දෙන්නේ එක් වරෙකි..ඉතින් දිරි ගතිමි...මා සිත පෙළු හැගුම් සමුදාය ඇය හමුවේ මුදා හරින්නට......
පෙර අත් භවයෙක එක් වී සිටියෙද
මගේ සිතට සැකයකි නැගුනේ
නැතිනම් කෙලෙසද දුටුව මුල් දිනේ
ඔබ වෙත මෙතරම් සිත බැඳුණේ......
ලෙස්ලි ප්‍රනාන්දු මහතා විසින් ගායනා කරන, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ ගී පද වලින් අරුත් ගැන්වු මුහුදු තෙරේ හැන්දාවේ ගීතය මෙම සටහනට පාදක කර ගතිමි
පන්චාන්දි (උදා-ජය)
0 Comments