ඇයි මිනිස්සු ඇත්තට මෙහෙම?



ඇයි මිනිස්සු ඇත්තට මෙහෙම? 


ඔබ ළගට,ඔබේ ආයතනයට එන අයට ඔබත් සලකන්නේ මෙහෙමද?

එදිනෙදා වැඩකටයුතු කරගන්නා අතරේ, නොයෙකුත් අවශ්‍යතා සහ සේවා සදහා ඔබට,

රාජ්‍ය ආයතන
රෝහල්
රූපලාවන්‍ය ආයතන
පුද්ගලික පාසැල්

සුපිරි වෙළද සැල්

ඔය වගේ නොකි තවත් බොහෝ ආයතන වලට අපගේ වැඩ කටයුතු වලට යන්න සිද්ධ වෙනවා..අහන්න කැමතියි මම කොහොමද ඒ අත්දැකිමි.බොහෝ දුරට නීරසයි නේද?

ආයෙත් යන්න මතක් වෙද්දි හිසරදේ හටගන්නේ නැත්තේ බොහෝම සුළු තැන් කිහිපයක් විතරයි නේද?

අපි එකිනෙකා එකම රටක මිනිස්සු වෙලත්,සුන්දර හිනාවකින් වත් අපිව පිළිගන්න කෙනෙක් නැති තරම් නේද?පුද්ගලික ආයතන වල නම් ගොඩාක් වෙලාවට මේ දේවල් සුළු ප්‍රමාණයකින් හරි හැදිලා තියෙනවා...

ඔබ රෝහලක වැඩ කරන කෙනෙක් කියලා හිතන්න..ඔබටත් ජිවිතයේ මොනම අවස්ථාවක හරි රාජ්‍ය ආයතනකට යන්න වෙනවා නේද? වැඩක් කරගන්න.එතකොට අර බොහෝ වෙලාවට වගේ ඔබේ කෑගැසිලි පසෙකලා, එතන ඉන්න සේවකයන්ගේ අගය බලන්න වෙනවා නේද?

රජයේ සේවයේ නියතු ඔබටත් එහමයි..කොයිම මොහොතක හෝ වෙනත් ආයතන වලය යන්න වෙනවා.. 

අපි හැමෝටම මේක පොදුයි..

ලන්කාවේ අපි රාජකාරියක් කරගන්න ඕන උනාම මුළින්ම හොයන්නේ යන්න වෙන ස්ථානයේ ඇදුනුම් කමක්,, ඇයි ඒ එක තමයි ඇත්ත.. නැතිනම් සුළු වැඩකට උනත් රස්තියාදු වෙන එක  වලක්වන්න බැරි වෙනවා, සමහර විට දවස් දෙක තුන වෙන්නත් පුළුවන්..

තමන් ගන්න වැටුපට සධාරණයක් කරන්න..හැමොටම බැහැ. ඒකට ඔබ ආකල්පයමය  වශයෙන් ගොඩක් දියුණු කෙනෙක් වෙන්න ඕන.

තමන් මොන තත්වේ හිටියත් තමන්ගේ රාජකාරිය කරන්න ඔබ බැදිලා ඉන්න බව විතර්ක් නම් අමතක කරන්න එපා...

නිදසුනක් විදිහට ඔබ සුපිරි වෙළද සැලකට ඇතුළු වන මොහොතක් ගැන සිතන්න

එහි ඇතුළුවන දොර ළග ඉන්න ආරක්ෂක නිළදාරියාගේ පටන් මුදල් අයකැමි දක්වා සේවය හරිය කලේ නැතිනම් ආයෙත් යන්න හිතෙනවද?


රජකාරි කටයුතු වලදි අපිට ඇහෙන සුපුරුදු වදන්.

*අද ඒ මිස් නිවාඩු

*සර් තාම අත්සන දැම්මේ නැහැනේ

*අපිට ඔයාගේ වැඩේ විතරද තියෙන්නේ

*කවුරු හරි ලොක්කෙන්ගෙන් ලියුමක් ගන්න බැරි වෙයිද?

*වැඩේ හරි ගිය ගමන් කෝල් කරන්නම්( බාලගිරි දෝෂය ඇරඹේ)

*8.30 පටන් ගන්නා ආයතනවල පරිඝණකය ක්‍රියාත්මක වන්නෙ මිනිත්තු 15ක් හෝ ගොස්ය..

 තව කථා නම් බොහෝයි..


ඔබ යම් ආයත්නයක් පවත්වා ගෙන යන්නේ නම් එහි පාරිභෝගියන් නැතිනම් සෙවා ලබන්නගේ පැසසුමට මිස ශාපයට ලක් නොවිමට වග බලා ගන්න.


ඇත්තටම අපි අපිටම විහිළු කරගන්නවා නේද?මීට වඩා මේ දෙවල් වෙනස් වෙන්න ඔනි නේද?

උත්සහා කරලා බලන්න දුරකථන ඇමතුමක් දෙන්න...එය නාද වුවද පිළිතුරු දෙන්නේ එහෙමත් කලාතුරකින්ය..

මගේ අත්දැකිම් අනුව හිත් නොරිදවාගෙන වැඩක් කරගෙන ඇත්තේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙනි

ඔබ දන්නවාද?

ඔබේ සේවය ලබා ගන්නාට සිනාහවකින් හෝ සන්ග්‍රහ කලවිට ඔබේ මාසික චේතනය නොකැපෙන බව
ඔබට හැකි ඉක්මනින අවශ්‍ය රාජකාරිය ඉටුකරදීමට ඔබට අත් දොළසක් අවශ්‍ය නොවන බව


රටක් ලස්සන කිරිමට බොහෝ දේ කල හැකි වන අතර..ඔබගේ සුහදශිලි සේවය ඉන් ප්‍රධාන තැනක් ගනි.. ඉන්න හිතෙන රටක් බවට මේ රට පත් කර ගැනිම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමකි.මබ සතුව ඇති

"උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ "

 යන නිවට බව දුරු කර ගැනිමට උත්සහා කරමු..අපි කවුරුත් මිනිසුන් වෙමු..අපි හැමෝටම හැමෝම අවශ්‍ය වේ..

තමන්ගේ නිළය හෝ බලය අන් අය තල පෙලා දැමීමට යොදා නොගන්න.. එය ගෙවා ගැනීමට නොහැකි පාපයක් වනු ඇත..

මිනිසුන් වු අපි මනුසත්වයට ගැලපෙන අයුරින් ජිවත් වීමට උත්සහා කරමු.


පන්චාන්දි(උදා-ජය)




Post a Comment

0 Comments