වරක් ගෙම්බෙකු ගසක් මුදුනට නැගීමට තීරණය කළා.


 වරක් ගෙම්බෙකු ගසක් මුදුනට නැගීමට තීරණය කළා.
ගෙම්බා ගස මුදුනට නැගිමට පටන් ගත් අවස්ථාවේ, ඌ වටා සිටි අනෙක් ගෙම්බන් නගින්න එපා නගින්න එපා ඔබට මෙය බැරිවෙයි යැයි  බැරි වෙයි කියා කැගසන්නට වුණා.
කෙසේ නමුත්
බිහිරි බවින් සිටි ගෙම්බා සිතුවේ ඌගේ මිතුරන් දිරිගැන්වීමට කෑගසනවා යැයි කියා..
එම නිසා මිතුරන්ගේ සැබෑ වචන ඌට නෑසී ගස මුදුනටම නැග ගත්තා
.

සත්‍ය ලෙසටම අපේ ඉලක්ක අරමුණු කරා යන ගමනේදි,බොහෝ වෙලාවට අපිට බිහිරි අය මෙන් හැසිරිමට සිද්ධ වෙනවා.මොකද යම් කටයුත්තක් කිරිමට පටන් ගත්විට හෝ
කරගෙන යාමේදි අපිට බොහෝ විට අපිට ලැබෙන්නේ සෘණාත්මක වචන පමණි.
හිතාමතා නොකියුවත් බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ ඒ ලෙසටය.

මම හිතන් නැහැ ඔය දේ හරි යයි කියලා

ඕක හරිම රිස්කි වැඩක්

මේ කාලේ ඕවට හොද නැහැ

මම දන්න කෙනෙකුත් ඕක කරන්න ගිහින් අමාරුවේ වැටුණා

මම නම් කියන්නේ ඕක හරියන් නැහැ කියලා

දෙයක් පටන් ගන්න හදද්දි මේ වගේ කථා කොයිතරම් අහලා තියෙනවා..නේද?
මිනිසුන් එසේ පවසන්නේ ඔබට ඇති හැබෑම හිතවත් කමකට විය හැක..ඒ ඔවුන්ගේ මනසේ ඇති සෘණාත්ම ආකල්ප මිස වෙන යක් නොවේ.
ලෝකයේ බොහෝ සාර්ථක මිනිසුන් සාර්ථක වී ඇත්තේ, අභියෝග ජය ගෙන ඇත්තේ, වටපිටවාවේ කථා වලට ඇහුන්කන් දීම නිසා වීමට පුළුවන.
තමගේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය මත මේ ලොව ජය ගත නොහැකි දෙයක් නැත.එයට ඔබගේ උත්සාහය හා ධනාත්මක
ආකල්ප එකතු වු විට.ඔබගේ අරමුණු ඉලක්ක කරා යාම කිසිවෙකුටත් නැවතිය නොහැක.

ජිවිතේ තමන්ගේ අරමුණු වලට ගියපු ගොඩක් අය...........


අවශය වෙලාවට නිවරදි තීරණය ගන්න අනිත් අය මත යැපුණ අය නෙවෙයි

මාසික පඩිය මත යැපෙන්නැතිව තමන්ගේම කියලා දෙයක් පටන් ගත්ත අය.

අනිත් අය හිතන දේ ගැන වද නොවුණු අය

 මානසිකව ශක්තිමත් බව උපරීමයට තිබුණ අය

ධනාත්මක අය සිය ආත්මයට ජිර්ණය කර ගත්ත අය

ඔබත් පුරුදු වෙන්න.........
 සෘණාත්මක ප්‍රතිචාර අනිත් අයට නොදී ඉන්න
පුළුවන් හැම වෙලාවෙම ඔබේ වටපිටවේ සිටින්නන් දිරි ගන්වන්න
ඔයාට මේක පුළුවන් කියන්න
අශුභ සිතිවිලි අනිත් අයට වපුරන්නේ නැතිව ඉන්න
හැම දේ ගැනම් සුභ විදිහට බලන්න
හැකිතාක් විදිහට දිය කොරහෙත් කිඹුල්ලු බලන අයගේ ආශ්‍රයෙන් ඈත් වෙන්න..

මේ දේවල් හරිම වටිනවා ඔයාට විතරක් නෙවි ඔයාගේ ආදරණිය අයටත්. දෙයක් පටන් ගනිද්දිම නහයෙන් අඩන්න පුරුදු වෙන්න එපා..ඒක පුරුද්දට යනවා...

හිතේ විශ්වාසය, උත්සාහය, යහපත් ආකල්ප වගේ දෙවල් ඔබගේ යහපත් අරමුණු කරා යෑමේදි ළගින්ම තබා ගන්න..
ඔබට ජය නියතයි

උදා-ජය (පන්චාන්දි)




Post a Comment

0 Comments