ආත්ම විශ්වාසය යනු පුදුමාකාර දෙයකි,පටන්ගන්න විශ්වාස කරන්න තමා ගැනම..වෙනස් වේවි ජිවිතය නොසිතනා විදිහට...
දැනිලා තියෙනවද ඔබටත් අපේ හිතට ආපු සමහර සෘණාත්මක සිතුවිලි, එහෙමත් නැතිනම් නරක දෙයක් සිදුවේතැයි අපිට සිතුන සිතුවිලි, විසි හතර පැයක්වත් යාමට මත්තෙන් මුහුණපාන්න වෙන හැටි..
ඒ නිසයි අපි හැමවෙලාවෙම සෘණාත්මක නොවි ධනාත්මක විය යුතු වන්නේ
හැම දේම වුණේ හොදට
හැම දේම හොදින් විසදෙයි
මෙහෙම හිතපු ගොඩාක් තැන්වල අපේ ප්‍රශ්ණ හොදින් විසදුනා නේද?
අපේ වචනවල, සිතුවිලි වල පුදුමාකාර ශක්තියක්, බලයක් තියෙනවා...අපිට ජීවත්වෙද්දි කායික ශක්තියටත් වඩා වැඩියෙන් අවශ්‍ය වන්නේ මානසික ශක්තිය එහෙමත් නැතිනම් හිතේ හයිය.
ඔබ ධනාත්මක වීම ඇරඹීමට සියළු දේ ලැබෙනකන් සිටිය යුතු නොවේ, වඩාත් සුදුසුම වන්නේ සියළු දුෂ්කරම අවශ්තාවලදි ධනාත්මක වීමට පටන් ගැනීමයි....
අවශ්‍ය වන්නේ ඔබේ සිත හුරුකරගැනීම පමණකි..
ඔබ ධනාත්මක වු විට.............
- අහිමි වීම් හමුවේ නොවැටි සිටිය හැක
- අන් අයගේ වචන හමුවේ නොසැළි සිටිය හැක
- පරාජයන් හමුවේ, ජයග්‍රහණයේ මාවත් තනා ගැනිමට පුරුදු වේ
- කයෙන් මෙන්ම මනසින්ද ශක්තිමත් පුද්ගලයෙකු විය හැක
- මානසික ආතතිය දුරු වීමට පටන් ගනී
- ජිවිතයේ එන ප්‍රශ්ණ ගැන සුභවාදීව බැලිමට පටන් ගනී
- බොහෝ දුරක ඇතැයි ඔබ සිතු සතුට දවසින් දවස ඔබ අසළටම පැමිනෙවි.
අවවාදයයි : ඔබ ධනාත්මක වීමට මනස හුරුකරගත්විට ඔබ එයට ඇබ්බැහිවීමට ඉඩ ඇත.
පටන් ගන්න හෙට ඉදන් නොව මේ මොහොතේ සිටම සෑම අදුරු වළාකුළකම රිදී ඉරක් දැකීමට....
ඒය අයෝජනයක් නොකරම ධනවත් මනසක් හිමිකර ගැනීමේ මූලික අඩිතාලම මෙන්ම සාර්ථක ප්‍රීතිමත් දිවියක රහසයි....
උදාරි ජයතිලක
0 Comments