විකසිත පෙම් පොකුරු පියුම්.....
උත්සව ශාලාවේ,ගැයෙන අෂ්ඨක, ජයමන්ගල ගාථා හඩ අභිබවා කෑ ගසා හඩන මාගේ හදවත මොහොතකට නතර විය... අද නුඹගේ ජිවිතයේ ලස්සනම දවස යැයි මා හට සිතිමට නොහැකි වුවත්, ජිවිතය අළුතෙන් පටන් ගන්නා නිසා...එයට හදවතින්ම සුභ පතා, නුඹගේ යහපත පමණක්ම ප්‍රාර්ථනා කළෙමි..ඒ අදටත් නුඹේ ජිවිතය සතුටෙන් සිටිනු දැකීමට කැමති නිසාය...
මගේ ජිවිතයේ එකම සිහිනය වුයේ නුඹ හා අත්වැල වී අද නුබ යන මේ ගමනේ නුඹගේ, හිමිකරුවා වීම පමණකි.පෙර පින් මදි වුවා දැයි නොදනිමි...සියල්ල වෙනස් වුයේ නොසිතු ඉක්මණටය...
නුඹේ පවුල හා මගේ පවුල අතර වුයේ ඉතාමත් දැඩි වු හිතවත් කමකි..මට මතක කාලේ පටන් මාගේ සෙල්ලම් ගෙදර මනමාලිය නුඹම විය..වෙනසකට පැවතියේ නුඹේ දෙමව්පියන් මාගේ පවුලට වඩා කුලයෙන් බලයෙන් මෙන්ම මුදල් අතිනද වැඩිවීම පමණකි...
මා කෙරෙහි නුඹේ මව්පියන් දැක්වු හිතවත්කම ළබැදියාව ඒ හැමදේටම වඩා බලවත් යැයි මම සිතුවෙමි...නැත
අවසානයේ...
රැවටී ඇත්තේ මාත් මගේ හිතත් පමණි...
මොනතරම් ශක්තිමත් හිතක් ඇති වුවත් නුඹගේ විවාහය වන අද දින මා පුදුම තරමේ හිත ශක්තිමත් කරගෙන සහභාගී වුයේ.නැවිදින් බැරි කමටය...මක් නිසද යත් අපේ ආදරය දැන උන්නේ නුඹත් මමත් පමණක් වු නිසාවෙනි.
නුඹේ වෙනසක් මට දැනේන්ට පටන් ගත්තේ ටික දිනක සිටය.. එහෙත් එයට හේතු අසන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත්තේ..නුඹ කෙරෙහි දැක්වු අසීමිත විශ්වාසය හා ආදරය නිසාමය.
මා සිතුවේ නුඹත් මා ලෙසටම ආදරය කරන බවයි.. නුඹ වෙනස් වුවාද නැතිනම් මව්පියන් හමුවේ වෙනස් වුවාද යැයි අද වනතෙක් මම නොදනිමි. දැන් ඒවාට හේතු අසා ඵලක් නොවේ.
මාස දෙක තුනකට පෙර නුබගේ මැනියන් මා නිවසට කැදවුයේ වැදගත් වු දෙයක් කථා කිරිමට ඇති බව පැවසිමෙන්ය...
මා එහි ගියේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය, එනම් ,මම සිතුවේම අපේ අනාගතය ගැන , විවාහය ගැන කථා කිරිමට යැයි සිතාය.. එසේ වීමට බැරි කමක් නොතිබුනි...මා ඔබ කෙරෙහි මෙන්ම ඔබ මා කෙරෙහි ඇති හිතවත්කම ඇය හොදින්ම දැන සිටියාය..
" පුතේ නන්ගිට හොද කෙනෙක්ව අපිට හම්බු වුණා...වෙඩින් එක ලගදීම ගන්නයි හිතන් ඉන්නේ..."මගේ කෙල්ලට අයියෙක් වගේ ඉන්න ඔයා.. මේ දේවල් වලට අපිට උදව් කරන්න ඕනි පුතේ හොදද?"
ඇස් බොදවී හද තුල අකුණු පුපුරා යන්නට විය.. මුහුණේ ඉරියව් වෙනස් නොවිමට මා ගත් උත්සහය සාර්ථක වුවා දැයි නොදනිමි...මෙය සිහිනයක් වෙවා යැයි දහස් වර පැතුවෙමි.. නැත එය අද සැබැවක් වී ඇත..
පෝරුවේ චාරිත්‍ර අවසන් වී ඇත.සැම දෙනා මට හිනා වෙනවා දැයි වට පිට බැලිමී. නැත ඒ කිසිවෙක් අපේ ආදරය දැන සිටියේ නැත...
ඉතින් හිත හදා ගතිමි.. නුඹට සුභ පතා....ජිවිතයේ කිසිම දිනක දුකක් නොවේවා.. හිමි විම් අහිමි විම් මැද නොසැලි බලා හිදිමි...
මා දුන් තරමේ ආදරයක් නුඹට හිමිවේවා යැයි පතමි...!!!
නුඹ මට මලකි.... නෙලා නොගෙන එහි රුව විදි...
ආදරය යනු හිමිකරගැනිම් විතරක්ම නොවේ.. පරිත්‍යාගයද ආදරයකි....
ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා විසින් ගායනා කරන විකසිත පෙම් පොකුරු පියුම් ගීතයට නිර්මාණය වු සටහනකි
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ....
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා....
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා.....
...පන්චාන්දි
0 Comments