ඔබත්, කිසිවෙකුගේ වැරද්දක්,පෙන්වා දෙන්න බැරි දුර්වලයෙක්ද?

 




ඔබත්, කිසිවෙකුගේ වැරද්දක්,පෙන්වා දෙන්න බැරි දුර්වලයෙක්ද?

හැන්ගිලාද ගල් ගහන්නේ?

කියවන්න එහෙනම්.......

බොහෝ මිනිසුන් කෙළින් කථාකිරිමට තරම් පෞරුෂතවක් නැති දුර්වලයන් වු විට ජිවත් වීම පහසු නොවනු ඇත. මක්නිසාද යනු ඔවුන් වැඩකිරිමට දන්නේ හැන්ගි හොරා පමණි.

මා වාගේම ඔබත් කෙනෙකු වැරැද්දක් පෙන්වු පසු එය පිළිගැනීමට තරම් මනසින් වැඩි ඇත්තෝ වෙමු.බහුතරයක් එසේ වනු ඇතැයි සිතමි.

එහෙත් මිනිස්සු වැරැද්ද දුටු විට පහර ගසන්නේම වෙස් මුහුණු බැදගෙනමය....එයින් වන හානිය සුළුකොට තැකිය නොහැක..කථාකොට විසදා ගත හැකි බොහෝ සුළු ප්‍රශ්ණ මෙවැනි හැන්ගි හොරා පහර ගැසිම් වැනි චීත්ත වැඩ නිසා.ඇතිවන ගැටළු අතිමහත්ය.

අනෙක් පුද්ගලයා අමනාප වේ යැයි සිතා කිසිවිටෙකත් අතපසුවීම්, අත්වැරදිම්, වැරදි සිතේ තබගැනිම නම් නොකල යුතු දෙයකි. ව්යින් ඔබ පමණක් නොව පසුවට අදාල පුද්ගලයාස්ද අපහසුතාවයට පත්වේ.

බොහෝ දුර්වලයන් වැරැද්ද පෙන්වා දීම හෝ මුණට කථා කිරිමට දුර්වල වුවද පහත සදහන් තුට්ටු දෙකේ වැඩ කිරිමට කප් ගැසු අය වේ...

*නිර්නාමික දුරකථන ඇමතුම් ලබා දීම
*පෙත්සම් ගැසීම
*ගම වටේ පැවසීම
*මුහුණු පොත ඔස්සේ මඩ ගැසීම
*හින්ට් පාස් කිරිම
*අනිත් අය ලවා කියවීම
                                     වැනි ක්‍රියා සිදුකරයි...

මෙවැනි දේ සිදුකරන අයගෙන් ඔබ වඩාත් පරිස්සම් විය යුතුය.. බොහෝ විට මෙවැනි දේ සිදුකරන්නේ

*හොදම මිතුරන්

*අසැල්වැසියන්

*නැදෑයින් 

*හිත මිතුරන් වේ...

එහෙයින් සතා හදුනාගැනිමට ඔබ හට බලා සිටින්නද සිදුවේ..
තිත්ත වුවද ඇත්ත මෙය වේ.

මතක තියාගන්න..මේය කියවන ඔබත් මේ වැරැද්ද නොදනුවත්ව හෝ සිදුකරනවානම් එයින් වහාම අත් මිදෙන්න..
අනේකාගේ සිත සුළු මොහොතකට රිදවන්න ඇති නොහැකියාවෙන් පසුවට ජිවිත කාලයටම පසුතෑවීමට හෝ තරහා කරගැනිමට මග හෙළි කර ගනී.

ඔබ අනේකගේ වැරැද්ද පෙන්වීමට තරම් නිර්දොෂි නොහැකි විය හැක.. එත් 
කියන්න තියෙන දේ මුණට කියන්න
කරන්න යන දේ පෙන්න කරන්න...

හැන්ගි හොරා වැඩ වලින් හැකිතාක් දුරස් වෙමු..

ලෝකේට පෙන්වන හොද මුණ රැකගන්න උත්සහා කරන්න ක්‍රියාවෙනුත්.. 
ඔබට වරදින එකක් නැහැ.. 
සතුරන් ඇතිවිම අඩුවීම මෙන්ම ඉතුරු වී ඇති හිතවත්කම් හෝ ඔබ ළග රැදෙවි

පන්චාන්දි (උදා-ජය)


Post a Comment

0 Comments