වෙනසකට කැමති නම් පටන් ගන්න ඔබගෙන්ම
ඔබත් යහපත්ව වෙනස් වෙන්න කැමතිද? නැතිනම් වෙනස් වෙන්න බැරුව ඉන්නවද?
ඔයාගේ පවුලේ අයව, වටපිටාව වෙනස් වෙනවට කැමතිද? හැබැයි ඔබ දකින වෙනස යහපතක් වෙනුවෙන්ම වෙන්න ඕනි....
ජීවිතේ ඒකාකරි බවක් දැනේනවනම් ඒක තමයි වෙනසක් ගැන හිතන්න හොදම වෙලාව...
*වෙනසක් වෙද්දි හිතන්න එපා අනෙක් අයගේ කතා ගැන..ප්‍රතිචාර ගැන හිතන්නම එපා ඔයාගේ අරමුණ යහපත් නම් ඔබගේ වෙනස් සාර්ථක වෙනසක් කරගන්න ඔයාට හැකි වෙනවා...
*වෙනස් වෙන්න අනෙක් අයට වඩා හදාගන්න තමන්ගෙම අනන්‍යතාවක් ...ගොඩාක් අය ඔයාව අනුකරණය කරන්න පටන් ගනිවී.
*වෙහෙස කර ජිවිතේ අලුතෙන් විදින්න ඒ වගේම දකින්නත් මේ වෙනස ගොඩාක් බලපායි.
*වෙනසක් අපිට ඕනි විදිහට වෙන්න උත්සහා කරන්න පුළුවන්.. බාහිරින් වගේම සිතුම් පැතුම් වලිනුත්...
ඔයා කැමති ඔයාට ගැලපෙන විලාසිතාවක් කරන්න. මිනිස්සු මොනවා හිතයිද කියලා නම් හිතන්නම එපා...
*සාම්ප්‍රදායික විදිහටම නැතිව වෙනස් වෙන්න බිරිදක්, සැමියෙක්, දරුවෙක්ට වෙනස්ම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙලා බලන්න.. අපි අපේ විදිහට හැඩගැහෙන්න ඕනි .
*ඔයාගේ ජිවිතේ තිර පටය ඔයාගේම එකක් කරගන්න එකේ නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණයත් ඔයාගෙම එකක් වෙන්න ඕනි.
*ඔයාට පුරුදු ගමනක් යද්දි රබර් සෙරෙප්පු දෙක නම් එහෙමත් නැතිනම් සෙරෙප්පු දෙකවත් නැතිවනම් එහෙම යන්න..කොටින්ම ඔයාගේම බ්‍රැන්ඩ් එකක් හදාගන්න..
*ඔයා වෙනස් වෙද්දි ඔයාගේ වටේ හිටිය ගොඩාක් අය නැතිවෙයි ඔයාට. එත් මානසික සැනසුම හරිම වටිනවා...ඔයාගේ ක්‍රමයට කැමති කිහිප දෙනෙක් හරි ඉතුරු වෙයි ඔයාට.
ඒ අයත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි ඔයාට පහසුවෙන්.
අද සමාජයේ මිනිස්සු වෙනස් වෙන්නේ නරක දෙවල් වගේම නරක විදිහට ඒ වෙනසට නම් ආයුෂ අඩුයි...හිතන්නවත් එපා එහෙම වෙන්න.
වෙනස් වෙන්න හොද විදිහට ඔයාව ෆොල්ව් කරයි නැතිනම් අනුගමනය කරයි ගොඩාක් අය.. ඔයාට දැනෙන්න වගේම නොදැනෙන්නත්..
යහපත් වෙනසක් වෙනුවෙන් ඔබට ශක්තිය ලැබේවා..ඔබට ජය
පංචාන්දි (උදා-ජය)
0 Comments