මතකන් පුදුමාකාරය,ඒවා තුළ ජීවත් විය යුතුද?
මතකන් යනු අප හැම සිත් තුළම පවත්නා විටක පුදුමාකාර,ප්රිතීමත්,විටෙක දුක්බර පෙළ ගැසිමකි.
කෙසේ වුවද මතයන් සමග ජීවත් වීම පහසු නැත.මක් නිසාද යත් අපි සැම විටම අතීතය හා වර්ථමානය එහෙමත් නැතිනම් ඊයේ දවස සහ අද දවස සන්සන්දනය කරන්නට යන නිසාය.
ඔබ අතීතයේ කදුළු සැලු කාරණාවන්ට අද දවසේ සිනාසෙනවා විය හැක. නැතිනම් අතීතයේ සිනාසුණ මතකන් වලට අද දවසේ හඩනවා වෙන්නටත් පුළුවන.
අතීතයේ ඔබ කදුළු සැලු ඒවාට අද දවසේ සිනාසෙන්නේ නම් බොහෝ විට ඔබ ජීවිතය දිනා ඇතුවාට සැකයක් නැත.
එහෙත් අතීතයේ සිනාසුණ දේ වලට අද දවසේ හඩන්නේ නම් බොහෝ දුරට ඒ අහිමි වීම් වෙන් වීම් හමුවේය.ඔබගේ අද හා හෙට දවසේ සතුට වෙනුවෙන් එය එතරම් සුභදායක දෙයක් නොවේ.
මොහොතක් සිතන්න....
* සියයට අනූවක්ම අපි අහිමි විම් කියා තැවෙන්නේ අපිට නුසුදුසු දේවලටය
*වේදනාබර මතයක් යනු හුදෙක් වේදනාවක්ම පමණි,එය මනසට විඩාවක් ගෙන එයි.
*අහිමි විම් වලන් තැවීම නොව. ජීවිතය හැඩ කරන් පාඩමක් ,ශක්තියක් කර ගන්න
*ඔබ දුටු නරක් සිහින ඔබ අමතක කරනවා සේ දුක්බර මතකන් අතුගා දමන්න
*හෙට දවසේ ජිවිතය ඔබට එතරම් නපුරු නොවනු ඇත..මක් නිසාද හැමෝටම ජිවිතයේ හොද කාල මෙන්ම නරක් කාල ළගා වෙන නිසා
කිමිදි බලන්න අතීතයේ එය ගැබුරක් නොපෙනන සයුරක් වැනිය. සමහරුන් එහි කිමිදි පියවි ලොව වෙත නැවත ඉක්මනින් පැමිණියද බොහෝ අය තව තවත් එහි අගාධයට යනවා.
මිස පියවි ලොවට පැමිණිමක් ගැන සිතන්නේ නැත. එහි වැරද්ද ඇත්තේද එතැනමය.
අතීතය අමතක කිරිම සම්පුර්ණ වශයෙන්ම කල නොහැකි බව පිළිගනිමි..එහෙත් අතීතය අනාගතයට බධාවක් නොකර ගෙන සිටිම ඔබගේ වගකීමක් බව මතක තබා ගන්න.
උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකීමට කාරුණික වන්න
පන්චාන්දි (උදා-ජය)
0 Comments