අවශ්‍ය දේවල්
චිකන් (කටු රහිත 250g
ලුණු කුඩු 1/2tsp
බිත්තර සුදු මදයක්
කෝන් පිටි 2tbsp
පොල් තෙල්
ඉගුරු සුදුළුණු 1tsp
සෝයා සෝස් 1tsp
ඔයිස්ටර් සෝස් 1tsp
බෙල් පෙපර්
බී ළුණු
විනාකිරි ස්වල්පයක්
දුඹුරු සීනි ස්වල්පයක්
ක්‍රමය
චීකන් සමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න
එයට ලුණු සහ කෝන් පිටි,ඉගුරු සුදුළුණු මිශ්‍රණය,බිත්තර සුදු මදය දමා පදම් වීමට විනාඩි 10ක් තබන්න.
අවශ්‍ය තරමට පොල්තෙල් රත්කර පදම් වීමට තැබු චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න
වෙනම භාජනයක් රත්කර එයට තෙල් දමා එයට සුදුළුණු ඉගුරු මිශ්‍රණය දමන්න
එයටම සෝයා සෝස්,ඔයිස්ටර් සොස් විනාකිරි, සීනී, කපගත් බෙල් පෙපර් ආදි සියළු දේ දමන්න
ඉහත මිශ්‍රණයට වතුට මේස හැදි 2ක් පමණ දමා විනාඩි 5ක් තබන්න
දැන් බැදගත් චිකන් ටික දමා මද වෙලාවක් තබන්න
පිළිගැන්වීමට පෙර ළුණු කොළ කිහිපයකින් සරසා ගන්න
ෆ්‍රයිඩ් රයිස් සමග ආහරයට ගත හැකිය
පන්චාන්දි(උදා-ජය)
0 Comments