ගුණාත්මක බව එහෙමත් නැතිනම් හැමෝම දන්න විදිහට කියනවානම් තත්වය අපේ කොලිටි එක රැකගන්න
අපි ගොඩාක් මහන්සි වෙනවා.
බාහිර පෙනුමෙන් නැතිනම් පිට ඔපයෙන් විතරක් අපිට අපේ ගුණාතමක භාවය රැකගන්න අමාරුයි
ෆස්ට් කලාස් විදිහට ඇන්දාට වැඩක් නැහැ හැසිරිම,ආකල්ප,වගේ දෙවල් තර්ඩ් කලාස් නම් නේද?
ඇත්තෙන්ම අපේ ආකල්ප, හැසිරිම වගේ දේවල් වලින් අපේ වටපිටාව එහෙමත් නැතිනම් පසුබිම මනාවට පෙන්නුම් කරනවා.
බොහෝ දුරට මුදල් මත විතරක්ම අපේ තත්වය රැකගන්න අමාරු වෙනවා.
අපේ කොලිටි එක නැතිනම් තත්වයේ ගුණාත්මක භාවය රැකගන්න, අපේ ආකල්ප වල ඇති උසස් බව බෙහෙවින්ම බලපානවා.
මොනවද මේ ආකල්ප කියන්නේ
අපේ සිතුවිලි,හැසිරිම අපි යමක් ගැන බලන් විදිහ හා මතය කියලා ගන්න පුලුවන්. අවස්ථාව අනුව මෙය වෙනස් විදිහකට දකින්නත් ඔබට පුළුවන්.
ඔබ ආකල්ප වගේම හැසිරිම අතිනුත් කොයි වගේ තැනකද ඉන්නේ...බලන්න පහත් කරුණු කීයක් එක්ක ඔයාට එකග වෙන්න හැකියාවක් තියෙනවද කියලා
- තමන්ගේ වාරය එනතුරු ඔයාට පෝළිමක හරි විදිහට ඉන්න පුළුවන් ඉවසීමක් තියෙනවද?
- වේලාවට වැඩ කරන්නවද?
- තමන් සතු රාජකාරිය වචන වලට පමණක් සීමා නොවි පොරොන්දු වු දිනයට ඉටු කර දී තිබෙනවාද?
- කථා කිරිමෙදි හීක්මීමක් ඇති වචන භාවිතා කරනවද?
- සමාවෙන්න,ස්තුතියි යන වචන වලට ඔබේ වාග් මලාවේ ඇති ස්ථානය කුමක්දද?කොයි තරම් දුරට ඒවා යොදා ගන්නවද?
- ඔබ අන් අයව විවේචනය කිරිමට කොයි තරම් දුරට වලක්වා ගන්නවාද?
- සරණක් අවැසි තැනට සරණක් වි තිබෙනවද?
- මාර්ග නීති වලට ගරු කරනවද? ඒවා රකිනවාද?
- අපි කවුරුත් ගමන් ගන්නා පාරවල් වලට කුණු විසිකිරිමෙන් වැලකි සිටිනවාද? (පාරේ කෙළ ගැසීමෙන් පවා)
- අන් අයගේ මුවගට සිනාවක් ගෙනෙන හැකි වචන භවිතා කරනවද?
- තමන්ගේ වැරදි පිළිගෙන ඒවා නිවැරදි කර ගැනිමට තරම් නිහතමානි වෙනවාද?
- අනුන්ගේ ඕපා දුප සෙවීම සහ කේළම් කීමෙන් වැලකෙනවාද?
- ධනාත්මක සිතුවිලි වලින් යුක්ත වන්නේද?
යහපත් ආකල්ප වශයෙන් ගෙනහැර දැක්විය හැකි කරුණු බොහෝ තිබුනදමා මේ ලිපියේ දක්වා ඇත්තේ අපි හැමෝටම පහසුවෙන්ම දියුණු කර ගත හැකි ආකල්ප කිහිපයක් පමණි.
තමන් තමන්ට හැකි අයුරින් යහපත් ආකල්ප වර්ධනය කර ගතහොත් අපිට රටක් ජාතියක් ලෙස මීටත් වඩා යහපත් ලෙස ඉදිරියට යා හැකි බව නම් විෂ්වාසය.
මුදල් උපයා පොහොසත් වීමට දරනා කැපවිම් හා සමානවම තමන්ගේ මානසිම වර්ධනය , ආකල්ප ආදියේ අඩු ලුහුඩු කම් මග හරවා ගැනීමටද අපි උනන්දු විය යුතුය.
මනා හීක්මිමක් ඇත්තවුන්ගේ අඩුවක් දක්නට ඇති නිසා ඒ අඩුව පිරවීමට අප සැමගේ දායකත්වය ලබා දීමට උත්සහා ගනිමු
පන්චාන්දි(උදා-ජය )
0 Comments