ගෙදර හදන නාන් රොටී







ගෙදර හදන නාන් රොටී (4ක්)


අවශ්‍ය ද්‍රව්‍ය


පාන් පිටි                        කෝප්ප  2
බේකින් පවුඩර්              තේ හැදි1/2
බේකින් සෝඩා             තේ හැදි 1/8
යෝගට්                        කෝප්ප
ගී තෙල් හෝ බටර්        මේස හැදි  2
දියර කිරි                     කොප්ප     1/2
ලුණු                             තේ හැදි 1/2


1.පාන් පිටි සමග බේකින් පවුඩර්,බේකින් සෝඩා, ලුණු යන සියල්ල මිශ්‍ර කර  හලා ගන්න.

2.හලා ගත් පිටි මිශ්‍රණයට යෝගට් සහ කිරි එකතු කරහොදින් මිශ්‍ර කරන්න.

3.ගීතෙල් හෝ බටර් එකතු කර මෘදු පිටි මොලියක් සදා ගන්න.

4.සාදා ගත් පිටි මෝලිය රෙද්දිකින් වසා පැය දෙකක් පසෙකින් තබන්න.

5.පැය දෙකකට පසු එක හා සමාන පිටි ගුලි 4ක් සදාගන්න.

6.සාදා ගත් පිටි ගුලි රෝලින් පින් එකක් අධාරයෙන් සෙ.මී 1/2 ඝණකමට තුනී කරගන්න(ආසන්න වශයෙන්).

7.රොටීයේ දෙපස බටර් හෝ ගීතෙල් තවරා රොටී තැටියක පුළුස්සා ගන්න.

8.පුළුස්සා ගත් නාන් රොටීය රසවත් චීකන් මසලා හෝ අල මසාලා සමග පිළිගන්වන්න.
        
පන්චාන්දි(උදා-ජය)

Post a Comment

0 Comments