විදගනිමු ජීවිතය ...........



                 විදගනිමු ජීවිතය..............




ඊයේ දවස ගැන පසුතැවෙන අය... හෙට දවස ගැන ඕනෑවට වඩා බය වෙන ,හිතන අය අතරේ...ගෙවමින් ඉන්න මේ මොහොත විදින අයෙක් වෙන්න පුළුවන් නම් ඒ කෙනා හැබැම දක්ෂයෙක් ඒ වගේම වාසනාවන්තයෙක්...


ජීවිතය පිණි බිංදුවකට සමාන කරලා තියෙන්නේ කොයි මොහතේ අහිමි වෙයිද කියලා කියන්න බැරි නිසා . ඒ තරම් පෙර දක්නා නුවණක් අපිට නැති නිසා.

පහුගිය දෙවල් වලින් අපිට පාඩම් ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා

 ඒහෙම නැතිව අතීතය කියන වලට වැටිලා ගොඩ එන්න බැරිව ඉන්නවා කියන්නේ අපි ලබපු මේ උතුම මිනිසත් භවයටත් කරන මදි පුංචි කමක් 😌

මම දන්න ගොඩාක් අය ඉන්නවා...එයාලා හැමදාම දුකෙන්..අතීතය ගැන හිතනවා එහෙමත් නැතිනම් උදානොවුන අනාගතය ගැන ගොඩාක් වද වෙනවා...😙

*හෙට දවස ගැන තියාගන්න ලස්සන ධනාත්මක බලාපොරොත්තු විතරක්.

*ඇසුරු කරන්න ජීවිතය ගැන සුභවාදීව දකින මිනිස්සු (මොකද වාසනාව අවාසනාව කියන දේ අපිට බෝ වෙනවා)

*අනාගතය ගැන අභියෝගත්මක තීරණ අරගන්න.(දිය කොරහේ කිඹුල්ලු බලන්න නම් එපා😳😀

*ඕනෑම නරක අවස්ථාවක උනත් ඒදේ එහෙම උනේ අපේ හොදට කියලා විශ්වාස කරන්න😊

*ඔයා හරිම වාසනාවන්තයි කියලා හිතන්න ❤️(ටික දවසක් යද්දි ඒක ඇත්ත වෙන්න පටන් ගන්නවා)😍

*පොඩි ප්‍රශ්ණ දුක් වේවි කාලය ගෙවන්න එපා... මොකද හෙට දවසේ ඔයාට මුණ දෙන්න වෙන ප්‍රශ්නය ගොඩාක් දරුණු එකක් වෙන්නත් පුළුවන් 😳

*අපිට වඩා ප්‍රශ්න වලින් දුක් විදින මිනිස්සු ඉන්න බව මතක තියාගමු.

*මුදල් මත ඔබේ සතුට උගස් නොකරන්න

*අනේකාගේ ලැබිම් හමුවේ හූලන්න එපා කවදාවත්.. මොකද අපි මේ ගතකරන ජිවිතේ වෙනස් වෙන්න එක තත්පරයකුත් ඇති🧐😳

  •  

ලැබුණු ජිවිතය විදිමට නොව විදින්න ඇති බව මතක තියාගෙන සතුටින් ඉමු❤️

උදාරි ජයතිලක

Post a Comment

0 Comments