දුකේදි හැඩුමට සැපේදි සිනාසෙන්නට ළග ඉදන්....





දුකේදි හැඩුමට සැපේදි සිනාසෙන්නට ළග ඉදන්




පවුල් ජිවිතේ තුල අපිට විවිධ චරිත රගපැවත් ...සිය ස්වාමියාට එහෙමත් නැතිනම් හස්බන්ඩ්ට අම්මා කෙනෙක්ගෙන් දරුවෙකුට ලැබෙන සෙනෙහසටම සමාන ආදරයක් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනාවා නේද? ❤️ෆුල් සීරියස් චරිතයක් රගපාන්න නෙවෙයි ඔන්න මම මේ කියන්නේ😂... මොහොතකට හරි හස්බන්ඩ් කෙනෙකුට තමන්ගේ තමන්ගේ අම්මාගෙන් ලැබුන ආදරේ නැතිනම් එයටත් වඩා ආදරයක් අපි ළගින් දැනේනවනම්......😍මේ ලගදි එහෙම සින්දුවක් විදගන්න මට පුළුවන් උනා...
ටී.එම් ජයරත්න මහතා ගායනය කරන

"දුකේදි හැඩුමට සැපේදි සිනාසෙන්නට ළග ඉදන්" ගීතය .....හරිම අර්ථාන්විත් ගීතයක්👇.
"දුකේදි හැඩුමට සැපේදි සිනාසෙන්නට
ළග ඉදන්
තවත් අම්මා කෙනෙකු ඇතිනම්
නුඹයි ඒ අම්මා ......සොදුරියේ නුඹයි
ඒ අම්මා...."

ඒ තරම් ගරුත්වයක් අගය කිරිමක් අපිට
ලැබෙන්න අපි ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕන් ඒ වගේම ලේසියෙන් බැහැ... කැපකිරිම් ගොඩාක් කරන්න ඕනි.


👉 රස කෑමක් හදාගන්නඋත්සාහ කරන්නේ වත් නැතිව ....
👉නැගිට්ට පැදුරේ ඉදන්ම අඩවැඩියාව තියාගෙන
👉 අනිත් අයට තියන දේ ගැන මැසිවිලි නගලා
👉 යක්ෂනියක් වගේ හැම වෙලාවෙම දුම්මල වරම අරගෙන
👉දවස තිස්සේම බාල බොළද රූපවාහිනී නාට්ය බලලා...සිහින ලෝකවල පාවුනාට
👉ලෙඩක් දුකකදි ළගින් නැතිව..
සිරි යහනේ කුමරියක් විතරක් වෙලා නම් 😳😊 මේ තත්වේ ගන්න අමාරුයි කියලයි මට නම් හිතෙන්නේ..

"අහස මෙන් ලත් චොදනා
පොළව මෙන් දුක් උහුලනා
මැණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
සොදුරියේ නුඹ සෙනෙහසින් ඉමි
ලොවෙහි රජ විලා"


කොහොම උනත් හොද බිරිදක් කියන්නේ හස්බන්ඩ් කෙනෙකුට ආඩම්බරයක් කියලයි මට නම් හිතෙන්නේ...
පුතාලා ගොඩාක් දුරට තමන්ගේ අම්මාට තමයි ගොඩාක් ආදරේ කරන්නේ... විවාහයක් ආරම්භයේදී මේ ප්රශ්නය ගොඩාක් දුරට බලපානවා නැන්දම්මා ලේලී ගැටුමට මුල් වෙන්නේත් මේ කාරණය තමයි.. 😢 ඒක ජයගන්න නම් ඉතින් ආදරේ හිඩසැක් තියාගන්න හොද නැහැ😊😳

"සිතට සැනසුම කල්පනා
ගෙනෙන බාධා වාසනා
තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහේ ගංතීරේ
සොදුරුයේ නුඹේ රුව මවාගමි මාහද මං තීරේ"❤️


තමන්ගේ බිරිද වෙනුවෙන් ටජ් මහලක් තනපු අයත් ඉදලා තිනවා..ඒ දේවල් වාසනාව අවාසනාව ඉරණ්ම මතම තීරණය කරන්නේ නැතිව ඒක පාරක් නෙවි සිය දහස්වාරයක් හරි උත්සාහ කරලා ගොඩදාගන්න එකයි වටින්නේ 😂 තමන්ගේ මතු දියුණුවට සෙකන්ඩි උනාට කමක් නැහැ ටිකක් විතර
👉කොහොම උනත් "මගේ නිවන මගේ පැල්පතයි "කියලා හිතේන විදිහට වැඩ කරන එක අපේ අතෙයි කියලා මතක තියාගන්න👍


✍️උදාරි ජයතිලක

Post a Comment

0 Comments