අවශ්‍යම මොහොතේ උදව් නොකිරීම හා කලිසම කොටකිරිම.....









අවශ්‍යම මොහොතේ උදව් නොකිරීම හා කලිසම කොටකිරිම.....


එක්තරා කුඩා පිරිම් දරුවෙකුට,අළුත මහපු එයාගේ කලිසම කොට කරගන්න අවශ්ය වුනා...
එයා මුලින්ම ගියේ එයාගේ අම්මා ලගට... අම්මාට කතාකොට දරුවා විසින් සිය අවශ්යතාවය පැවසුවා...එවිට මව පැවසුයේ.

 “මම වැඩක් ඒ නිසා තබා යන්න කියාය"😟
දරුවාට එය අවශ්ය මේ මොහොතේ නිසා හෙතෙම සිය වැඩිමහල් සොහයුරියට සිය අවශ්යතාවය පැවසීය. ඇයද ඔහුගේ මව ලෙසටම ප්රතිචාර දැක්වීය...😢
අවසාන වශයෙන් සිය මිත්තනිය හමුවේද සිය අවශ්යතාවය පැවසුවද ඉහත දෙදෙනාගෙන් ලද ප්රතිචාරයම ලැබිණි..😢😟👇👇
මේ සිදුවිමට පසුදිනයක දරුවා විසින් ඉහත සදහන් කලිසම අදින්නට නැවත උත්සාහ කිරිමෙදි.....කලිසම කිසිලෙසකටවත් අදින්නට නොහැකි අකාරයෙන් කොට වී තිබිණී....😂😂😂😂😢
අම්මා,සොහොයුරිය සහ මිත්තනිය යන සියලු දෙනාම ඔහුගේ එම අවශ්යතාවය ඉටුකර දී තිබිණි😂😂😂😂😂
මෙය මා කුඩා කලදි අසා තිබු කතාවකි.🧐😍
  •  ඔබත් මේ අකාරයෙන්ම කලිසම කොට වු අකාරයේ සිදුවිම් වලට බොහෝ දුරට ලක් වි ඇතැයි සිතමි😂

  • එලෙසටම අවශ්ය වු විට උදව් නොකර මේ අකාරයෙන්ම කලිසම් කොට කර තිබේද? (මතක් කරලා බලන්න එකක් හරි ඇති)🧐😂😂

  • කෙනෙකු ඔබෙන් උදව් උපකාරයක් ඉලන්නේ ඔබ කෙරෙහි විශ්වාස කරගෙනය හැකිනම් එය අවශ්ය මොහොතේ ඉටුකිරිමට උත්සාහ කරන්න...

  • තමාට කල නොහැකි අපහසු උපකාර ඒ වෙලාවෙම බැහැර කරන්න. එය ඒ මොහොතට අපහසු වුවද , බොරු බලාපොරොත්තු අනේකාට දීමට වඩා එය දාහෙන් සම්පතකි...👍

  •  තමා උදව් කිරිමට සුදානම් වෙන බව බොරුවට පෙන්වා රැවටිමට ලක් නොකරන්න😡

  • බොහෝ පවුල් ගැටලු වලට මුල මෙම කලිසම කොට කලා වැනි සිදුවිම් .අත්දැකිමට අවශ්ය නම් මේ වෙලාවෙම ගිහින් ඔබේ හස්බන්ඩ්, පුතා, දුව, අක්කා අයියා වැනි ඔනෑම කෙනෙකුට වැඩක් පවසා බලන්න 😳 ඔබට අවශ්ය දේ ඒ වෙලාවේම කර දිමේ සම්භාවිතාව බොහෝ අඩුය😂😂

  • බොහෝ දෙනා රෑපවාහිනිය, පරිඝණකය, ජංගම දුරකතනය ආදියට ඇබ්බැහි වී නිසා මේම තත්වය දරුණු වී ඇත 😂😂😡

  •  ඔබේ පවුලේ සියලු දෙනාටම කලිසම කොට කිරිමේ කතාව කිය දී ඔබේ වැඩ පසසු කරවා ගෙන මේ නිවෙස් තුල සිටින කාලය සතුටෙන් ගත කරන්න😍❤️ 🙏🏻🙏🏻🙏🏻💐💐💐
✍️උදාරි ජයතිලක

Post a Comment

0 Comments