පෙන්වන තරම් මිනිස්සු හොදයිද?

පෙන්වන තරම් ,අගවන තරම් මිනිස්සු හොදයි නම් මේ ලෝකේ මීට වඩා ගොඩාක් ලස්සන වෙන්න තිබුණා..ලෝකයට පෙන්න නෙවෙයි හොද වෙන්න තමන්ගේ සිතට එකගව...
ශ්රද්ධාව තියාගන්න තමන්ගේ ලගම අනිත් අයට මවා පාන්න ඕනි නැහැ..
ප්රතිපත්ති ගරුක වෙන්න හැම වෙලාවෙම
මතක තියාගන්න අපේ අවසාන මොහොතේදී අපිට අපි කල හොද නරක මතක් වෙන බව..
නිවන් දකින්න තරම් නිවන ලග නැති අපි මේ සංසාරේ උපදින හැම ආත්මයකට වගේම, මේ ආත්මෙදිත් අපි කල පින් පව් එනවා අපේ පසු පස්සේම
👉 හැම පෝයට සිල් ගත්තා කියලා හිතන්න එපා ඔයා සර්ව සම්පුර්ණ වෙලා කියලා...එදාටත් කතාකරනේ අනුන්ගේ ඕපාදූප නම් තමන් පෙර දවස අසුන් ගත්ත අසුනේ වෙන කෙනෙකුට හිමිකරගෙන නම් තෘෂ්ණා වෙන් බලන්න එපා ඒ දිහා..අතාරින්න පුරුදු වෙන්න..
👉තමන්ගේ පුතාව ලේලිට අයිති වුණාම හිත හදාගන්න තරම් වත් මනස හදාගන්න උත්සාහ කරන්න...
👉 ලෝකයට පෙන්න නෙවෙයි මුළින්ම තමන්ගේ ලග ඉන්න අයට යුතුකම් ඉෂ්ඨ කරන්න මුලින්ම
👉 පිහිටක් වෙන්න මිනිස්සුන්ට එත් එවා ජයාරූප ගත කරලා සමාජ මාධ්ය වල පල කරලා අහිංසක අසරණ මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය නැති කරන්න එපා..
👉නම් කරපු දවස්වලට වගේම අනිත් දවස්වලටත් තමන්ගේ ආදරණියන් වෙනුවෙන් පෙනී ඉන්න
👉හැම පන්සලක් පිළිරුවක් ගාවම නැගිටින්න හිතේ ශ්රාද්ධාවක් තියාගෙන රැල්ලට නෙවෙයි ..
👉 බස් රියකදි ,දුම් රියකදි පරිත්යාග කරන්න පුරුදු වෙන්න ඔයාගේ අසුන වැඩිහිටි වගේම ගැබිණි මවකටත්... ඒ වගේ වෙලාවට අනන්තය හොයාන්න යන්න එපා ජනේලයෙන් 😜බොරු ශ්රාද්ධාවෙන් වැඩක් නැහැ එතකොට
👉ලෝකයට හොද වෙන්න කලින් ගෙදරට හොද වෙන්න
මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන පහත ගීතයෙන් හරිම ලස්සනට අපේ ගොඩාක් අයගේ ගාව තියෙන බොරුව ගැන හරිම ලස්සනට කියවෙනවා..
"දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා
ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා...
වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා..."
මතක තබා ගන්න කර්මයට මුල් වන්නේ තමාගේම සිත බව... තමන්ගේ හිතට එකගව ජිවත් වෙන්න උත්සාහ කරමු...🙏🏻🙏🏻🙏🏻
✍️ උදාරි ජයතිලක

Post a Comment

0 Comments