ඔබ පරිණත පුද්ගලයෙක්ද? සොයා ගන්න විධි හතක්....
1.ඔබ අනෙක් අයව වෙනස් කිරිමට නොයයි,එහෙත් ඔබව වෙනස් කර ගනි
අපි ගොඩාක් වෙලාවට උත්සහා ගන්නේ අනිත් අයව වෙනස් කරන්න අපිට ඕන විදිහට,මොහොතකටවත් ඔබ සිතනවානම් ඔබේ ආකල්ප වෙනස් කර ඔබවම වෙනස් කරගන්න,සෑබවින්ම එය සෑබැ වෙනසක් වේවියහපත් දෙවල් වලදි ඔබ ඔබවම වෙනස් කර ගන්නවානම් සෑබෑවටම ඔබ පරිණත මනසක් හිමි අයෙකි.
2.මිනිසුන්ගේ හොද දැකිමට පුරුදු වීම
පි බෝහෝ දෙනා, කෙනෙක්ගේ නරකක් මිස හොදක් දකින්නම පුරුදු වෙලා නැහැ.අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ..කොයි තරම් නරක මිනිසෙකුගේ වුවද අපි නොදකින හොද පැත්තක් තියෙන්න පුළුවන්..ඒ හොද මතු කරගන්න එක අපේ දක්ෂකම වගේම අපි පරිපුර්ණ බවේ සන්කේතයක්...
3.ඔබ තුළ මනා හික්මීමක් ඇති කර ගනී
හීක්මීම කියන්නේ, අද සමාජයෙන් ඇත්වීගෙන යන දෙයක්..ඒ වගේම ඉතාමත් වැදගත් ගුණාන්ගයක්.අපි මේ දේ කුඩා අවධියේදි පටන් ගොඩනගාගත යුතු දෙයක්,, අවස්ථානුකුල හැසිරිම,පොදු ස්ථානවල හැසිරිම, බස් රිය තුළදි, දුම් රියේදි, කාර්‍ය්ලය තුළදි හික්මීම කියන්නේ හරිම වටිනා දෙයක්.ඇත්තටම හික්මීම කියන්නේ ඔබගේ පරිපුර්ණ බව මනාව පෙන්වන අවස්ථාවක්4.ඔබ අන් අය සමග ඔබව සන්සන්දනය නොකරයි.
ඇත්තටම සන්සන්දය කරනවා කියන්නේ අපේ සතුට අපි විසින්ම නැතිකර ගැනිමක් වැනි දෙයක්.ඔබ ඔබම වෙන්න.හරිම වෙනසක් නිදහසක් දැනේවි මනසට ඔයාගේ,අපිට කවදාවත් හිරුයි සදුයි සන්සන්දනය කරන්න බැහැ නේද? ඒ වගේම තමයි අපි හැමෝටම තියෙන්නේ වෙනස් ජිවිත... .තමන්ගේ ජීවිතයේ තමයි හොදම දේ ලැබුණේ කියලා හිතන්න පුළුවන් නම් අපි හැමෝම
පරිණතයි කියලා කියන්න පුළුවන් වෙනවා
5.නොගැලපෙන දේ අත් හැරීම
නොගැලපෙන දෙයින් අපි ඇත් විය යුතුමයි..ටිකක් අමාරු වෙයි..එත් හිතට දැනේන සැහැල්ලුව විද ගන්නනම් මේ දේ කරන්නම වෙනවා.
අත් හැරිමට පුරුදු වෙන්න...ඔබ පරිණත පුද්ගලයෙක් වෙයි ඔබටත් නොදැනීම...
6.සරළ වීමට උත්සහා ගනී
සරළ සැහැල්ලු ජීවිතයකට හුරු වීම අපහසු දෙයක් ඇත්තට්ම මේ සන්කිර්ණ වු ලොකේ.. එත් අපි විසින්ම තමයි අපේ සරළ කම නැති කරගෙන තියෙන්නේ.ලෝකයාට අවශ්‍ය විදිහට නෙවෙයි පටන් ගන්න ඔයාට ඕනි විදිහට ජිවිතය ගත කරන්න..
7.ඔබ ධනාත්මක වීමට පටන් ගනි.
හැම දේකම හොද පැත දකින්න මනස හුරු කරගන්න,, ඈත් වෙන්න සෘණාත්මක අයගෙන්..සුභවාදී වෙන්න හැම මොහොතේදීම..
ජිවිත්යේ ගැන ධනාත්මකව බලන කෙනෙක් නම් ඔබ පරිපුර්ණ භාවයට ඔබ පැමිණ ඇතැයි කිව හැකිය...
උදාරි ජයතිලක
0 Comments