අසනි තෙවැනි දිග හැරුම
අසනි..............තෙවැනි දිග හැරුම........
ඒ වෙලේම "අස්නි... අස්නී .".කොහෙද බන් උබ යන්නේ?
'කෑ ගහන සද්දෙත් එක්ක ම මාව පිටිපස්සෙන් බදා ගත්තේ මයුමි...
"යන් බන් අද ලයිබ්‍ර්රි ."
අපි මේ උබව හෙව්වා...
කෝ අර මනමාලයා? '
බොරුවට වට පිට බලන ගමන් මයුමි අහන ඒවට මට උත්තර තිබුන්නෑ...
මන් බිම බලා ගත්තා...
"අනේ ඈයි කෙල්ලේ මේ කදුලු.".. මොකො උනේ.. කියපන්.. මොකෝ උනේ.. "යාලුවන්ගෙන් බේරෙන්න බැරිම තැන මන් ඇත්තම වෙච්ච දේ කිව්වා...
"හ්ම්... ඒ කියන්නේ මට ඇත්තම කියපන්. .. උබ වරැනයට කැමතිද කියලා... "ඒ මයුමි...
ඒක අහනවත් එක්කම මන් ඔලුව වැනුවේ.... ඒක කියන්න ලෑස්ති වෙලා හිටියා වගේ... "හරි කෙල්ලේ අපි වරැනයට කියන්නම්කෝ... අපේ අයියගේ ෆෝන් එකේ නම්බර් එක ඇති.. මන් හෙට කොහොම හරි හොයන් එන්නම්..."
ඒ වෙලේ තමයි මගේ හිතට දැනිච්ච බර නැති වෙලා ගියේ.. ඒත් ඒ පොඩි වෙලාවකට දැනුන සැනසීම මුලු ජීවිත කාලෙටම මට බරක් වෙනවා කියලා දන්නවානම් මන් කවදාවත් වරැන ට කැමති වෙන්නෑ.
0 Comments