මම තවම මට අහිමි මගේ කවිය ලියනවා

දිර්ඝ වු ගමනාන්තකට පසුව දැනෙන
විඩාව මත්තේ වුවද ඇය දැක ගැනිමට වත් හැකිවේද යන අහිංසක බලාපොරොත්තුව දරාගෙන මගේ ගමන් මළු කිහිපය දින කිහිපයකට කුලියට ගත් නවාතැන් පොලේ දමා... අගනුවරින් පිටත් වුනෙමි..
     
මීට අවුරුදු පහකට පෙර ඇයත් මමත් අවසාන වතාවට හමුවු කැෆේ එක අන් හැම දේම වෙනස් වුවද එලෙසම පවති... අරලිය ගහයට බංකුව මගේ සිත ලෙසම පාළුවට ගොසිනි...
සිහින් වැහි පොදක් වැටෙනවාත් සමගම
කැෆේ එකට ගොඩවුවද සිත් යටින් වු තුවාලය රිදුම් දෙනවාක් මෙනි..
කොපි කොප්පයක් ඇණවුම් කල මා...
සිතුවිලි දහසක් සමගින් අතීත ආවර්ජනයක යෙදුණි..

"එදා වාගේම අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම මල් පිපෙනවා
නුඹ මගේ ළගින් නැති අඩුව මට දැනේනවා
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා"

 ඇයත් මමත් ළංවුයේ කුමකටද අදටත් නොදනිමි...කුඩා කල සිට මව, පියා නොමැතිව අනාථ නිවාසෙක උන් මට ඇගෙන් ලැබුනු සෙනහස මහ මෙරක් විය... මට මවක්, සොහොයුරියක් මෙන්ම ජිවිතය දුන්
ප්‍රේමවන්තියද විය...
නිදහස් අධ්‍යාපනයෙන් ලද උපාධිය පමණක් හිමි මට..ඇය හා එක්ව ගමන් අරඹන්නට ඇයගේ දෙමව්පියන් ගේ ආශිර්වාදය නොලැබෙන බව ඇය මෙන්ම මාද දැන සිටියෙමු...
ඇයට මා හැර දමා යෑමට සිදුවන බව ඉදුරාම දැන සිටි මට ඇයගේ නමට හෝ නිකලැල් චරිතයට පොඩිම හෝ වරදක් නොවිමට නොදි මම ඇය රැක බලා ගතිමි. ඒ කිසි දා අයිති නොවුනද ඈ මගේ වස්තුවයි.
ආර්ථික අතින් හෝ ශක්තිමත් වීමට සිතා ඈ හිමි වීම හෝ අහිමි වීම දෛවයට බාර දී දුරු රටකට යෑම සදහා ඇයට සමුදුන්නේ කොන්දෙසි විරහිතවය.. ඉතින් මේ වෙන විටත් ඇය කාට හෝ අයිති  වී ඇති දැයි නොදනිමි..එත් පාළු වී ගිය හිත හැදිමට ඇයගේ වචන වලට හැකි බව දැන සිටියෙමි.

"දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඩ මගේ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි හිතෙනවා
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා.."

ගෙවි ගිය පස් වසර පහසු වුවක් නම් නොවේ...අනාගතය ගැන සියුම් වු බලාපොරොත්තු එය ගෙවා ගැනිමට මගේ ලගින්ම රැදිනි..නුඹට අවැසි සියලු සැප සම්පත් ලබා දීමට තරම් මම දැන් සවිමත් වී ඇත.නුඹ නම් සදක්මය අවපසකම පායා ආ..
අනාගතය වාලුකාවකි අතර මං වුනු නුඹ නැතිව.

“ අනාගත වාලුකා කතර මැද තනි වෙලා
  කෙසේ පා ඔසවම්ද සා පවස් විද දරා
  පුර පසෙක නොවේ නුඹ අවපසක සද වුනා
  මම තවම මට අහිමි මගේ කවිය සොයනවා"

නුඹ මෙය ඇස ගැටුනොත් දැනගනිවි!!!ඒ මම බව..
බැදිමක සිරවි නැතිනම් නුඹ ආයෙත් මගේ ලොවට එන බවද මට විශ්වාසය.....
ඇයගේ ඇස ගැටෙන තෙක් මගේ කථාව කියවීම ආදරණිය නුඹලාට බාර දෙමි..

මා හදුනා ගැනිමද ඇයටම බාර දෙමි.

ස්තුති ❤️🙏🏻
(පද පෙළ සෝමතිලක ජයමහ මහතා විසින් ගායනා කර ගීතයකින් උපුටා ගන්නා ලදි)

පන්චාන්දි (උදා-ජය)

Post a Comment

0 Comments