මනස අන්ධ වු විට පෙනෙන දෑසින් ඵලක් නැත..

මනස අන්ධ වු විට පෙනෙන දෑසින් ඵලක් නැත..

ඔබ කෙතරම් දැන උගත් කෙනෙකු වුවද මනසින් අන්ධ විමට පුළුවන.පොත පතේ දැනුමට පමණක් සීමාවු උගතුන් බිහිවන ලෝකයක..සමාජ දැනුමක් නොමැති වු කල..මිනිසුන් නොසිතනා කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.
මනසින් අන්ධ වු විට දෑසින් අපි දැකගන්නා යථාර්තය පිළිගැනිමට අපේ සිත සුදානම් නොවේ. තිත්ත වුවද ඇත්ත මේය වේ.


මනස අන්ධ විය හැකි අවස්ථා......


මනසට එහෙමත් නැතිනම් සිතට වඩා හදවතට ඉඩ දීම...

 මිනිසුන් සන්වේදි වීම වැරැද්ද්ක් නොවේ.එහෙත් බොහො විට අප වටා බහුල වශයෙන් සිටින්නේ රැවටිලි කාරයන්ය..අපේ සන්වේදි බවෙන් කිසි විටකත් ඔවුනට අයුතු ප්‍රයෝජන ගැනිමට ඉඩ දිය යුතු නොවේ.කෙටියෙන් කිවහොත් අනුකම්පාව භූමිකම්පාවක් බවට  වුවද පත් විය හැක.

ආදරය කිරිමේදි....

ඔබ බොහෝ දැන උගත් දාර්ශනිකයෙකු වුවද, ආදරය හමුවේ ඔබට මග වැරදිමට ඇති ඉඩ කඩ බොහෝ වැඩිය.සියළු දේ වාණිජකරණයට ලක්වන වර්ථමානයේ ප්‍රේමය නැමැති උත්තරීතර වචනයද විකිණෙමිනි පවති..
ආදරය නිසා මනස අන්ධ වීමට ඉඩ නොදි එක වරක් නොව දහස් වර හොදින් සිතාබලා තීරණ ගත යුතුය..

ඔබට මවා දෙන ලෝකය

මිනිසුන් සැබෑම දක්ශයන් වන්නේ මේ කාරණයේදීය..වචන වලට අපි සිතනවාටත් වැඩිය බලයක් තිබේ. වෙනත් කෙනෙකුගේ සිතක් වෙනස් කිරිමට මැජික් බලයක් තිබිය යුතු නොවේ..යථාර්තයෙන් ඔබ්බට ගිය සුරන්ගනා ලොවක ඔබව අතරමන් වීමට සුළු මොහොතක් ප්‍රමාණවත්ය..සුරන්ගනා ලෝකවල් තුළ අතරමන් වු විට අපේ දෑසේ පෙනීමෙන් ඵලක් නොවනු ඇත.ඔබට, මට මිනිසුන් පෙන්වන ලෝකය සුන්දර වුවානම් අද මේ තරමට රට තුළ අපරාධ වැඩිනොවනු ඇත.

නරක මිතුරන් ආශ්‍රය...

හරි වැරැද්ද තෙරුම් ගිය වයසක සිටියත්, නරක මිතුරු ආශ්‍රය නිසා මනස අන්ධ වී නොමගට යන්නන් ඉතාමත් සුලබය..මත්ද්‍රව‍ය භාවිතය,වැනි ක්‍රියාවන්ට මිනිසුන් යොමු වන්නේ එහි ආදීනව නොදැනගෙන නොවේ..හුදෙක් පොලඹවා ගැනිම් තුලිනි සිතිමේ ශක්තිය දුර්වල වු  විටය.

මිත්‍යා මත....

නවීන තාක්ශණය අති ඉහල අඩියක පවතින යුගයක වුවද මුල් බැස ගත් මිත්‍යා මත හා විශ්වාස නිසා..නොයෙකුත් වු නිශ්ඵල ක්‍රියාවනය යොමු වේ..ආර්ථිකමය හෝ වෙනකම් ප්‍රශ්ණ වලදි බොහෝ  මිනිසුන් සරණක් බලාපොරොත්තු වේ..එවන් අවස්ථාවලදි බොර දියේ මාළු බෑම සිදුකරන් මිනිසුන් හිග නොවේ..කිසිවිටකත් ඔබේ දුර්වල කම් වලින් අවස්ථාවාදින්ට ප්‍රයෝජන ගැනිමට ඉඩ නොදෙන්න..

මනස අන්ධ විය හැකි අවස්තා බොහොය...එකින් එක ගෙනහැර පෑම අවශ්‍ය නොවේ යැයි සිතමි.පොත පතේ දැණුම මෙන්ම සමාජය ගැන අවබොධයක් ලබා ගැනීම ඉතාමත් කාලෝචිත අවශ්‍යතාවයකි.

ඔබේ දෑස් අන්ධ වීම ඔබේ වරදක් නොවනු මුත්
මනස අන්ධ වි නම් එය ඔබේ වරදකි නැතිනම් නොදැණුවත්කම නිසාවෙනි..


පරිස්සමට ජීවිතය ජිවත් කරවන්න



.
උදාරි ජයතිලක


Post a Comment

0 Comments