ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද?
පුළුවන්ද ඔබට පිළිතුරක් දෙන්න..ආදරේ කියන්නේ මොකක්ද කියලා?
ඔබේ පිළිතුරු විවිධ අයගේ විවිධාකාර වෙයි...
ආදරේ කියන්නේ හැමදේම එකතු වුනහම..
ඒ මට හිතෙන විදිහ.....
කෙනෙක් "මම ඔයාට ආදරෙයි කියන දේ ඇතුලේ මොනවද තියෙන්න ඕනි.. ?හුදෙක් එය අයිතිකර ගැනීමක්ම නොවිය යුතුයි...ඔයාලා ඔය හොයන සත්‍ය ප්‍රේමය කියන්නේත් ආදරේටම තමයි....
ආදරය කියන වචනය හැදිලා තියෙන්නේ ..
- . අවධානය
- කරුණාව
- සොයා බැලීම
- ආරක්ෂාව
- ආකර්ශනය
- ගරු කිරිම
- අනේකාගේ මතයට හිස නැමීම
- කැපවීම
- වගකීම් සහිත බව
- විශ්වාසය
- බොරු නොකිරිම
- අවංකකම
වගේ ගොඩාක් දේවල් වල එකතුවකට....
අද ගොඩාක් ආදර කතා අසුන්දර වෙන්නේ
ඉහතින් දක්වපු කරුණු එකක් හෝ කිහිපයක් අපි විසින් නොදැනුවත්වම මග ඇරුණාම...
ආදරේ කියන්නේ අපි මේ ලෝකේ එලිය දැකපු දවසේ ඉදන් අපිට ලැබෙන ඒ වගේම අපි විසින් ලබා දෙන දෙයක්..එය පුද්ගලායාගෙන් පුද්ගලයාට වෙනස් වීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්...
- දරුවෙක් විදිහට දෙමව්පියන් ගෙන් ලබන ආදරේ
- තරුණ වියට අවාම පෙම්වතුන් වෙලා ලබන ආදරේ
- විවාහයෙන් පස්සේ සැමියා බිරිදටත්, බිරිද සැමියාටත්, දක්වන ආදරේ
- දෙමාපියන් වෙලා සිය දරුවන්ට ලබාදෙන ආදරේ
ජිවිතේ විවිධ අවධිවල ආදරේ කියන දේ වෙනස් වෙනවා..
ඉතාමත් ලබාල වයසේදිම ආදරය කියන දේ මොකක්ද කියලාවත් තේරුම් නොගෙන මුළු ජීවිතේම අදුරු කරගන්න තරුණ පරම්පරාව ආදරේ කියලා හොයාගෙන යන්නේ වැරදි පාරක කියලා තෙරෙද්දි එයාලා හොඩාක් පරක්කු වෙලා ජිවිතේ හදාගන්න බැරි වැරදි වෙලා තියෙන්න පුළුවන්.
ආදරේ කියන්නේ සදාකාලික දෙයක්ද ? නැහැ ඒ අපි අපේ හිත් වලටම කරන වංචාවක්.. ඒක එහෙම නෙවයි ඉහතින් මම සදහන් කරපු කරුණුත් එක්ක ආදරේ කියන දේ අඩු වැඩි වෙලා දෝලනය වීමක් තමයි සිද්ධ වෙන්නේ ..
නැතිනම් වර්ථමානය මේ තරම් දික්කසාද නඩු තියෙයිද?
ගොඩාක් අයට දෙන තරමට නොලබෙන දෙයක් තමයි ආදරේ .එහෙම නොවුනානම් මේ තරම් විරහවට පෙම් කිරිමට මිනිසුන්ට හැකියාවක් නැහැ..
පෙරළා යමක් බලාපොරොත්තු නොවි ආදරය ලබාදෙන්න එවිට ඔබට එය අස්වැසිල්ලක් වෙනු ඇත...
ආදරය යනු බොහෝ හැගිම් වල සංකලනයකි.. (ලිපිය ආරම්භයේ සදහන් කර ඇත්තෙමි)එම කරුණු හා එකග වීමට හැකි නම් සැබැවින්ම ඔබ ,සත්‍ය ආදරයකට මුල පිරිමකට සුදුසුකම් ලබා ඇත..
උදාරි ජයතිලක
0 Comments