ඔබත් හොදම දේ ලැබෙනකම් බලාගෙන ඉන්නවාද?
සතුටින් හිවිතේ ගෙවන්න පුළුවන්,හැම දේකින්ම සර්ව සම්පුර්ණ වු අයට විතරද? අනිත් විදිහට හිතනවානම්..සර්ව සම්පුර්ණ වු අය ඇත්තටම ඉන්නවාද? තීරණය මේ ලිපිය කියවන ඔයාලට භාර කරනවා .
ගොඩාක් අය සතුටින් ඉන්න එක දවසින් දවස කල් දානවා..ඒ හැමදේම සම්පුර්ණ වෙනකන්..
හොදම දේවල් තියෙනවාද? නැතිනම් අපි නිර්මාණය කර ගන්න ඕනිද?
ඔව් පුළුවන් එක පාරටම නොවුනත් අපට අයිති දේවල් හොදම දේ කරගන්න පුළුවන්
එත් ඒකට ඉවසීම ගොඩාක් වැදගත්....
කැපවීම ඊටත් වැඩියි... හිතන්න ඔයාගේ පවුලේ අය ගැන...උත්සාහ ගන්න.... හිතන්න
ඔබේ සැමියා/ බිරිද
දියණිය/ පුතා
සහෝදරිය/සහෝදරයා
බවට පත් කරගන්න...
අපි හිතනවාට වැඩිය ආදරයට සහ ඉවසීමට ගොඩාක් දේවල් කරන්න පුළුවන් වෙනවා...
තමන් කරන්නේ හොදම රැකියාව කියලා හිතන්න........
මේ ලොකේ හොදම තැන ඔයාගේ ගෙදර කියලා හිතන්න..තමන් සතුව තිබෙන ශක්තිය හදුන ගන්න
තමන්වම කිසිම දවසක් අවතක්සේරුවට ලක් කරන්න එපා
තමන් මොන ස්වරූපයක කෙනෙක් උනත් අත් පා ඇස් කණ් එක්ක ඉපදුන තමන්ගේ ශරිරයට ආදරය කරන්න..ජිවිතේට ස්තුති වන්ත වෙන්න අඩු පාඩුවක් නැතිව ලබපු ඔයා ගැන..
මතක තියාගන්න...අඩුපාඩු වක් තිබුනත් ඔයාගේ ඉලක්කය යන්න එය බාධාවක් කරගන්න එපා..
ලොකු දේවල් වලින් නෙවෙයි පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙන්න..සතුටෙන් ඉන්න ගොඩාක් දෙනා එහෙම ඉන්නේ ගොඩාක් දේවල් තිබිලානම් නෙවෙයි.
කියමනක් තියෙනවානේ හිත ඇතිනම් පත කුඩාද කියලා.....හැමදේම නැතිවුන වෙලාවක වුනත් එකම එක පොඩිම දෙයක් හරි ඔයා සතුව ඇති..
අන්න ඒ දේ ගැන හිතලා සතුටු වෙන්න..
කරදර / අභියෝග නැති ජිවිතයක් නැහැ..ඇත්තටම ඒවා තමයි අපිව තව තවත් ශක්තිමත් කරන්නේ..එහෙම වුනේ අපේ ජිවිතේ හොද පැත්ත දකින්න කියලා හිතන්න..
කොහොම උනත් ජිවිතයේ පටන් ගන්න හොදම දේවල් ඔයා ළගට එනකන් බලා ඉන්න එපා.තියෙන දේවල් හොදම දේවල් කරගෙන ජීවිතය ඉස්සරහට ගෙනයමු.
පන්චාන්දි (උදා ජය)
0 Comments