දියණියන් සිටින දෙමව්පියනි, මේ ඔබටයි....



 දියණියන් සිටින දෙමව්පියනි, මේ  ඔබටයි....

"පවුලකට මුලින්ම දුවෙක් ඉපදෙන එක වාසනාවක් ලූ.ඔව් ඒක ඇත්ත නමුත්, හරියට දුවෙක් හදාගන්න බැරිවුනොත් ඒ දුවම, පවුලට අවාසනාව ගේනවා....

මවකට, පියෙකුට දුවෙක් කියන්නේ ප්‍රාණය හා සමාන දෙයක්...දුවෙක් ඉන්න දෙමව්පියන්ට තියෙන්නේ ,මේ යැයි කිව නොහැකි වගකීමක් වගේම හිස මත බරක්...
මොකද  මේ ලෝකය අපි හිතන තරම් සුන්දර නැහැ .

අම්මේක්, තාත්තෙක් දියණියගේ අල්ලා ගත්ත අත, අතහරින්නේ එයා විවාහ වුනාටත් පස්සේ...

එත් සමහර වෙලාවට ඒ අල්ල ගත්ත අත ගිලිහිලා යනවා....කාර්‍යබහුලත්වය, රැකියාව, මුදල් සෙවිම වගේ ජීවිතේ එක්ක ඔට්ටු වෙද්දි...

දුවෙක්ට නිදහස දෙද්දි හරිම පරිස්සමෙන් කූඩුවේ දොර හරින්න...


කියලා දෙන්න මේ දේවල්....


  • බිදුණු වීදුරුවක් තිබුණු පරිද්දෙන්ම හදන්න බැරි බව. චරිතයත් ඒ වගේ .
  • ප්‍රශ්න වලට නොසැලි ඉන්න විදිහ..හැමදේටම විසදුම ජිවිතේ නැතිකරගන්න එක නෙවෙයි කියන එක.
  • හැම දේටම සුදුසු කාලයක් එන බව.
  • ම්තුරියන් මිතුරන් ආශ්‍රය කරද්දි සීමාවන් ගැන.
  • ගෙදරදි ළද බොළද වෙලා සුරතල් උනාට පිට මිනිස්සු ඉස්සරහා ඒ දේ අනවශ්‍යයි කියන එක
  • ලේසියෙන් කෙනෙක්ව විශ්වාස කරන්න එපා කියන එක
  • තේරුම් කරන්න දෙමාපියන් විදිහට දරුවන් වෙනුවෙන් කරන කැපවීම් ගැන..
  • ආදරේ හිඩසක් නොතියාම දෙන්න ..නැතිනම් පිටින් ආදරේ හොයාගන්න ගියාම ජිවිතයේ වරදින බව කියලා දෙන්න..
  • දියණියගේ විශ්වාස වන්න මිතුරිය වී සියළු දේ ගැනම අසා දැන ගන්න ඒ වගේම සෙවිල්ලෙන් ඉන්න...
  • යමක් තෙරුම් ගන්න  වයසට ආ විගසම ශරීරයේ සිදුවන වෙනස් කම්, ඒවා ගැන විද්‍යාත්මක පහදා දීම් කරන්න...ලොකු දැනුමක් නැති වුනත්, පුළුවන් විදිහට..
  • රූපවාහිනියේ විකාශනය වෙන බාල බොළද ටෙලිනාට්‍ය නම් බලන්න දෙන්නම එපා...
  • සුර්ංගනා ලෝකවල නැතිව සැබෑ ජිවිතයේ ජිවත් වෙන්න කියලා දෙන්න...
  • ආදරය හා අශාව අතර ඇති වෙනස කියන්න..


අශ්වයා ගිය පසු ස්ථාලය වසා ඵලක් නැත....

වැරදුනු ජිවිතයට කිසිවෙකුට ඇගිල්ල දික් කිරිමද නිෂ්ඵල දෙයකි...

සැම විටම මව පියා ආදර්ශමත් විය යුතුමය..
 
දුවෙකු පමණක් නොව ඔබට පුතෙකු සිටියද ,කියලා දෙන්න ඔහුටත් මනුෂ්‍ය ජිවිතයක වටිනාකම...සංවේදි මිනිසෙකු කරන්න...
 
පවුල යන ඒකකය තුළ ඇති ප්‍රබලතාවය අති මහත්‍ ය. ඒ තුළින් සාමාජය වෙනස් කිරිමේ පදනම ගොඩනැගිය හැක..

"දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට
පියනගන්නේ
සනුහරේ අභිමානයයි".


සුනිල් එදිරිසින්හ මහතා ගායන කරන් මෙම ගීතය..දුවෙකුගෙ අභිමානය ගැන ලස්සනට කියවෙන ගීතයක්.කියලා දෙන්න අර්ථය මේ ගීතයේ
 
 
උදාරි ජයතිලක

Post a Comment

0 Comments