ඔබ තවකෙකුගේ සිත නොදැනුවත්ව හෝ මේ අකාරයට රිදවන කෙනෙක්ද?








ඔබ තවකෙකුගේ සිත  නොදැනුවත්ව හෝ මේ අකාරයට රිදවන කෙනෙක්ද?




මිතුරියක්, මිතුරෙකු, ඤාතියෙකු කාලේකට පසු දුටු විට අපි ගොඩාක් දෙනා ඔවුන්ව පිළිගැනිමට භාවිතා කරන සුපුරුදු වදන් පෙළ ඔබ අසා තිබෙනවාද? නැතිනම් නොදැනුවත්වම හෝ දැනටමත් අනුගමනය කරනවාද? 🤐



1. තමන්ගේ සමේ වර්ණය (කොටින්ම පොත්ත සුදු නොවු 😂) අනේ මොකද අනේ තව ටිකක් කළු වෙලා ....


 මෙච්චර දවසක් පැහැපත් වීමට මුහුණේ ඇතිල්ලු දේ ගැන දැනේන වේදනාව ඔබ වරක් හෝ අත් විද තිබේනවාද?
ඇත්තටම ඔයාට ඒක වෙනස් විදිහට කියන්න පුළුවන් නේද හිත රිදෙන් නැතිව.. "ඔයා ටිකක් සුදු වෙලා වගේ.. මොනවාද ගැවේ?  " මේ අවස්ථාවේ ඔබ රූපලාවණ්‍ය රහසක් 🤫පැවසීමට හැකිනම් වටිනාකම බෝහෝය🤗

2."අපෝ තවත් මහත්වෙලා" දැනේන සතුට 😡 කියන්න වචන නැහැ නේද?...

ඔබ අනේකාට මහතයි කිමට පෙර එසේ වීමට හේතු ගැන අසාවත් නොතිබෙන්නට පුලුවන
පවසන ඔබට වඩා වේල් ගානක් නොකෑ අයෙකු වන්නටත් පුළුවන් 😢 හෝමෝනමය ආදි හේතුවක් වුවද විය හැක...
දැනටමත් තමන්ගේ බර අඩු කරගැනිමට උත්සාහ දරන කෙනෙක් නම් එය එතනම නවතිනටද පුළුවන...😒

3. ශරිරය ඕනෑවටත් වඩා ඇදිගිය කෙනෙකු නම් "ඔයා චුට්ටක් විතර මහත් වෙලා නේද? " අහලා බලන්න එහෙම විදගන්න ඔහුගේ හෝ ඇයගේ අහිංසක සතුට❤️

4. විවාහ නොවු කෙනෙකුගෙන් ඒ ගැනවත්, 

දරුවන් නොමැති අයගෙන් දරුවන් ගැනවත් අසා කොටින්ම ඔබට පිළියමක් දීමට නොහැකි දේ ගැන අසා අනේකාව පිඩාවට පත් නොකරමු 🙏🏻


👇👇👇

✅ කිසිවෙකු හමු වු විට ධානත්මකව පිළිගන්න

✅ එසේ අනේකාට සතුටු වීමට දෙයක් පැවසීමට නොහැකි නම් අඩුම ගානේ හිත රිදෙන දේ නොකියා ඉන්න උත්සාහ ගන්න..🤐

✅ ඒ තුලින් අනේකා වටහා ගන්නේ ඔබගේ අකාරුණික බව, හා නොදැනුවත්කම, වගේ දෙවල් පමණි🤮

✅ විශේෂයෙන්  අනේකාගේ දරුවන් පිලිබදවනම්  ඔබගේ මෝඩ අදහස් පළකිරිමෙන් වැලකි සිටින්න මක් නිසාද යත් දරුවන් ගැන බෝහෝ දෙමව්පියන් සංවේදී නිසාය😊

 නැති නෑකම් ,හිතවත්කම්  ඇති කරගැනිමට ඔබගේ comments වැරදි ලෙස භාවිතා කර තිබෙන හිතවත්කමද බිද ගැනිම නොකරන්න🙏🏻🙏🏻🙏🏻

✍️උදාරී ජයතිලක

Post a Comment

0 Comments