මුහුණු පොතේ අපිට මුණ ගැසෙන චරිත....
බලන්න ඔයාව අයිති වෙන්නේ මොකටද කියලා..😳
වර්ථමානය වන විට සමාජ මාධ්‍ය නැතිවම බැරි වෙලා..ඒ අතරින් මුහුණු පොත එහෙමත් නැතිනම් ෆෙස් බුක් ඉතාම ජනප්‍රිය වෙලා...
ඔව් ගොඩාක් වෙලාවට සෑබැ ඔයාට වඩා, fb එකේ ඉන්නේ වෙනස්ම ප්‍රතිරූපයක් වෙන්න පුළුවන්, ඒ වගේම හැන්ගිච්ච් චරිතය වෙන්නත් පුළුවන්.
කොහොම වුනත් පුද්ගලික ජිවිතේ දිග හරිද්දි නම් හරිම පරිස්සමෙන් ❌
බලමුද දැන් ඔයා කොයි වගේද කියලා fb එකේ ...කිසිම කෙනෙකුව උපහාසයට ලක් කිරිමට බලාපොරොත්තු නොවේ......
1. හැම දේ ගැනම සුභ වාදිව බලන..හැමෝටම ලයික් කොමෙන්ට් කරනවා...ජොක් පොස්ට් , සංවේදී දේවල්, කෑම, ආගමික හැම දේම share කරනවා...අමුතුවෙන් මවා පාන්න යන්නේ නැහැ..
2. දේශපාලන පොස්ට් විතරයි..වහල් මානසිකත්වයෙන් එහාට කිසිම දෙයක් share කරන්නේ නැහැ 🥺 ඔව් ඔව් ඔයා ගැන තමයි කිව්වේ🤪
3. ආගමට සම්බන්ධ දේවල් විතරයි..වෙන කිසිම දෙයක් නැහැ😚
4. තව අය ෆුල් professional හරිම බයෙන් තමයි දෙයක් ෂෙයා කරන්නේ..දාහක් දේවල් හිතලා...😂තමන්ගේ ප්‍රතිරූපය ගැන පුදුම් විදිහට හිතනවා....මේ අය
5. අනුන්ගේ ඕපා දූප හොයන්න විතරක් එන අය..තමන්ගේ දේවල් දාන්නෙත් හරිම අඩුවෙන් ඒ වගේම කිසිම කෙනෙකුට ලයික් කොමෙන්ට් නොදා ඉන්න පරිස්සම් වෙනවා..😎🤓
6. අහුවෙන හැම එකම ෂෙයා කරන අය..හෙවිල්ලක් බැලිලක් නැහැ. 😋
7. තමන් ඉතාමත් සත්ගුණවත් කියලා ඔප්පු කරන්න දගලන අය🧐
8. අළුතෙන් ගත්ත හැමදේම, යන එන හැමතැනම, කෑම බීම හැම දේම දාන අය 🤗
9. සැගවුණු කුසලතා එළියට ගන්න හදන අය....ගායනා කරන විදිහටම පේනවා මෙච්චර කල් කොහේ හැන්ගිලා හිටිය මැණිකක්ද කියලා ඒ තරම් මිහිරියි😝😜
10. බුට් කලා හැම තිස්සේම වැලපෙන අය😪😪😪
11. තමන්ගේ බිරිද/ සැමියා ගැන නැති ගුණ වයන අය...🥵
12. තමන් පැය 24 ඔන්ලයින් ඉදගෙන..අනිත් අය ඔන්ලයින් හිදිම ගැන අප්‍රසාදය පළ කරන අය..🙄
13. සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ😍
14. හැම වෙලාවෙම අසභ්‍ය දේ,අසභ්‍ය වචන කියන අය❌
15. අනිත් අයගේ පොස්ට් බලලා ඉරිසියා කරන අය👊
16. මුහුණට හම්බෙලත් කථා නොකර.. Fb එකේ හෙණම සමාජශීලි වෙන්න හදන අය...😊
17. තාමගේ ලොකු කම් පෙන්වීමට හීන මානයෙන් පෙළෙන අය
18. කෑම ගැනම විතරක් හිතන අය😱
19. අනිත් අයට හින්ට් පාස් කිරිමට, හෙළා දැකිමට එන අය 🖐🏼
20. තාම කටේ කිරි සුවදවත් නොගිය පොරක් වීමට දගලන සිගිත්තන්
මෙතන නොලියුණු තව බොහෝ අයත් අප අතර ඉන්නවා
ඇත්තටම හිතලා බලන්න ඔයාව අයිති වෙන්නේ මොකටද කියලා..කාටවත් අපහාසෙකට නෙවෙයි මේක ලියන්න හිතුවේ..අපි ඉන්නේ කොතනද කියලා පොඩිම පොඩි හරි අදහසක් ගන්න..
මම නම් කියන්නේ වෙන්න ඕනි මේ හැමදේම සමබර කරගන්න එක..මොකද සාමාජ මාධ්‍ය හරහා වෙන්න පුළුවන් දේ බොහෝ තියෙන නිසා....🧠💪🏼👁
0 Comments