නොක්කාඩුවට පස්සේ ආදරේ අළුත් වෙනවද?.....
ආදරේ කරන කාලෙදි එහෙමත් නැතිනම් විවාහයෙන් පස්සේ උනත්..රණ්ඩු ඇතිවෙන එක සාමන්ය දෙයක්..එත් එක සීමා වෙන්නේ බොහොම කුඩා වෙලාවකට.කොටින්ම බත් හැලිය ඉදෙනකම් විතරයි...
එත් වර්ථමානයේදි ගොඩාක් වෙලාවට ඒ රණ්ඩු දුර දිග යන බවක් දකින්නට ලැබෙනවා නේද? සමහර රණ්ඩු දික්කසාදය දක්වා යන තත්වයකට පත්වෙලා තියෙනවා.ප්රෙම සම්බන්ධතා නම් බිදි යන තත්වෙට පත්වෙලා..
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි
ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි....
ආදරේ කියන සුන්දර හැගිම එහෙම ලේසියෙන් නැතිවෙන එකක් නෙවෙයි.එක මොහොතකට හිත් අමනාපකම් ඇති වුනත්. ආදරේ ඉස්සරහා තරහා දුක හැමදීම අමතක කරන්න අපි පුරුදු වෙන එක හොදයි.
සෝමතිලක ජයමහ මහතාගේ හඩින් ගැයෙන් මෙම ගීතයෙන්....
ඉවසිම,සමාව දීම,අසීමිත ආදරය ගැන, පොඩි පොඩි රණ්ඩු සරුවල් මැද්දේ ගලායන් ආදරයක සුන්දරත්වය හරිම ලස්සනට පෙන්වලා දීලා තියෙනවා.ඇත්තටම අපි රණ්ඩු වෙන හේතු ගොඩාක් වෙලාවට හරිම පොඩි දේවල් වෙන්න පුලුවන්
- අවධානය වැඩිකරගන්න
- හිත අස්සේ තියෙන් එකිනෙකාගේ අඩුලුහුඩුකම් කියනකොට
- අදහස් නොගැලෙපෙන් තැන්වලදි
- ආදරේ එකම තැන කියලා හිතෙද්දි
- අකමැති දේවල් අපේ අතින් වෙද්දි
- මුරණ්ඩු වැඩවලදි
හිතලා බැලුවාම හරිම සුන්දර දේවල් ඒත් අපෙම වැරදි නිසා මේවගේ රණ්ඩු වලදි ආදරේ නීරස වෙන්න පුළුවන්, විවාහ ජිවිතේ කෙළවරක් වෙන්නත් පුළුවන්..මේ තත්වෙට වගකීයන්න වෙන්නෙත් අපිටම තමයි...අපි ළග තියෙන අඩුපාඩු අපි හදාගන්න බලමු.
- දෙවැනි නොවිම කොටින්ම සෙකන්ඩ් නොවිම
- උද්දච්ච කම
- වචනයක් පිට කිරිමට පෙර සියදහස් වාරයක් හිතන්න
- බොරුවෙන් ජිවත් වෙන්න නම් එපා..බොරුනොකර ඉන්න. මොකද විශ්වාසය පළුදු වුනොත් ආයෙත් ගොඩනගන්න හරිම අමාරුයි
- වැරැද්ද්ද පිළිගන්න දෙවරක් නොසිතාම ඇත්තටම ඒක ගොඩාක් වටිනවා
- වැරදි නැවත නැවත නම් කියවන්න එපා
- කිසිම දවසක රණ්ඩුවක් විසදගන්නේ නැතිව නම් නින්දට යන්න එපා,,හිතේ ඉතුරු වෙනවා කොහොම කිව්වත්
- ඔබ විවාහක නම් රන්ඩු ප්රශ්ණ විසදගන්නේ නැතිව ගෙදරින් අඩියක් එලියට තියන්න දෙන්න එපා..මොකද අපේ ජිවිත හරිම අවිනිශ්චිතයි.
අපේ සීමාවන් වලට යටත් වෙලා රණ්ඩු කරමු මොකටද දන්නවද? ආදරේ වැඩිකරගන්න......
පන්චාන්දි(උදා-ජය)
0 Comments