පිය සෙනෙහස ගැන කියවෙන ගීත හතක්.....
1.පියාණනී මා නැවත උපන්නොත්
පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා…
ඔබේම පුතු වේවා…
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ…
හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුන මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ…
ගායනය: අබේවර්ධන බාලසුරිය
ගායනය: අබේවර්ධන බාලසුරිය මහතාගේ හඩින් ගැයුන මෙම ගීතය..ඉතාමත් සන්වේදි ගීතයක්.තම දරුවන්ග් ජිවිත යහපත් කිරිමට.පියෙක් විසින් ගත් වෙහෙස මනාව කියවේ
2.අන්දර යායේ ,වැව්තාවුල්ලේ
අන්දර යායේ ,වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට ,කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...
අන්දර යායේ, වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට, කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා..
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...
දරුවන්ගේ ජිවිත යහපත් කිරිමට පියෙකු ගන්නා වෙහෙස පිලිබද ඉතාමත් අර්ථාන්විතව ලියවුණ, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඩින් ගැයෙන ගීතයකි
3.මිදුලේ වැලි මාලිගාවේ
මිදුලේ වැලි මාලිගාවේසක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන
මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
පීහිනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින්
ගෙන සිනාසෙමී
එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග
හිඳිනු මැනේ දුවේ කියා
මා අමතන් පියාණනේ..............
පේෂලා මෙන්ඩිස් නම් ගායිකාව විසින් ගයන මෙම ගීතය බාල මහළු කොයි අතරත් එක සේ ජනප්රිය වු ගීතයකි
4.අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..
මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..
සිය දරුවනට සිය හදෙහි ජනිත වන සෑබැ ආදරය ගැන කියවෙන..ටී.එම්. ජයරත්න මහතා විසින් ගායනා කරන ගීතයකි.
5.පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැදි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැදි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදෝ
හිරු මඬළක් සේ කිරණ බෙදා දි
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
පොළව නිවාලන්නේ
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජීවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
පොළව නිවාලන්නේ
මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා ඉඳ සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ......
පෙරුම් පුරා ඉඳ සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ......
අහිමි වී ගිය පිය සෙනෙහසක් ගැන කිවෙන ඉතාමත් දුක්බර ගිතයකි. දීපිකා ප්රියදර්ශණි මහත්මිය විසින් ගායනා කරයි.
6.අව්වේ මුතු ඇට වපුරා..
අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..
අපා දෙපා සිව්පාවුන්..
ගෙන එන වින වලකන්නට..
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී..
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී...
ජීවිතයේ බඹර හෙලේ..
පැණි හොයලා රූටන්නේ..
හිත හයියට කල වැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරණ අපෙ අප්පච්චී..
ක්රීශාන්ත එරන්දක මහතා විසින් ගැයෙන..පියෙකුගේ වු අපමණ කැපවීම ගැන කියවෙන ගීතයකි
7.දිවියම වාගේ දියකර ප්රාණේ
දිවියම වාගේ දියකර ප්රාණේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..
චාමර වීරසින්හ මහතා විසින් ගායනා කරන මෙම ගීතය..පියෙකුගේ වු උතුම් පිය ගුණය ගැන කියවේ
0 Comments