නිම් මංචනායක සොහොයුරිය විසින් ඔබ වෙත ගෙන එන "අසනි" නව කථාව කොටස් වශයෙන් පන්චාන්දි අපේ පිටුවේ පළකරනවා..රැදි සිටින්න අපිත් එක්ක......
පළමු දිග හැරුම..............
එදත් අද වගේම වැස්ස දවසක්...ඒ හරියටම අවුරුදු 12කට ඉස්සර... එදත් අද වගේම මගේ කුඩේට වැස්ස ඔරොත්තු දුන්නේ නෑ...අදත් ඒ දේම... ඔව් මාත් ඉතින් එදා හිටපු චූටි කෙල්ලෙක් නෙමෙයි නේ...
ඕගොල්ලෝ හිතනවා ඇති මන් කවුද කියලා...
මුලින් මන් කියන්නම්කෝ මන් කවුද කියලා ... මන් විජයබන්ඩාරලාගේ අසනි සත්සරනි ජයරත්න..
මගේ පවුලේ හිටියේ මායි අම්මයි තාත්තයි .තාත්තා, දුම්රිය දෙපාර්තමේන්තුවේ තමයි රස්සාව කලේ. අම්මා රස්සාව කලේ පොත් සාප්පුවක.. අපිට මහා ලොකුවට සල්ලි තිබ්බේ නැති උනාට අපි හරිම සතුටින් හිටියා...ඒ අතරේ අපේ ජීවිත උඩු යටිකුරු කරන්න මහා වැස්සක් වැස්සා...ඒ වැස්සෙන් මගේ අම්මාගේ තාත්තා ගේ බලාපොරොත්තු මගේ ජීවතේ ඔක්කොම වේලගන්න බැරිතරමට තෙමිලා සුනුවිසුනු වෙලා ගියා... මේ මගේ කතාවයි....
(ඉතිරිය ඉදිරියට)
රැදි සිටින්න .........
නිම් මංචනායක......
0 Comments