ජීවිතය විදිනවාද? එහෙමත් නැතිනම් විදවනවාද?තීරණය ඔබ සතුය.



විදින්න ලද ජීවිතය, විදගැනිමට ........

ජීවිතය විදිනවාද? එහෙමත් නැතිනම් විදවනවාද?තීරණය ඔබ සතුය.

සතුටින් ඉන්න මට මොනවාද තියෙන්නේ? ඔබ මෙහෙම හිතෙන තාක් සතුට යනු ඔබට ගොඩාක් දුර දෙයක් වනු ඇත.
මොහොතකට හිතලා බලන්න ඔයාට මොනවද තියෙන්නේ කියලා. පටන් ගන්න එතනින්
සතුටින් සිටිමට ඔබගේ පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණය,වයස,තත්වය,කිසිසෙත් අදාල නොවේ.


  1.කැප වෙන්න
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා කැපවෙන්න ඕනී.දුර්වල තැන් හදුනගන්න මුලින්ම. උත්සහ කරන්න ගොඩදාගන්න ඔයාට බැරි දේ.
 හැම මොහොතෙම දෙයක් ඉගෙන ගන්න.ඉස්සර වගේ නෙවෙයි අන්තර්ජාලය යු ට්යුබ් වගේ දෙවල් වලින් ඉගෙන ගන්න බැරි දෙයක් නැහැ. අපි හිතමු ඔයාගේ හදන කෑම ගැන.අලුත් කුකින් විඩියෝ ඕන තරම් තියනවා හොයාගන්න.
හදන්න ඉගෙන ගන්න අළුත් කෑමක්..කවුරු හරි රසයි කිව්වොත් දැනෙන සතුට අත් විදින්න පුරුදු වෙන්න.
දුකක් හිතෙන වෙලාවට මිදුලට බැහැලා හිටවන්න අළුතෙන් පැළයක්.හිත හදාගන්න අමාරු නැහැ.
රැකියාවක් කරනවනම් අසාවෙන් කරන්න. තමන් අකමැති දෙයක් කවදාවත් රැකියාව විදිහට තෝරගන්න එපා.තෝරගන්න තමන් කැමති දේ.

2.අනිත් අය හිතෙන දේ ගැන මොහොතකටවත් වද වෙන්න එපා.

ඔබ ඔබම වෙන්න..මොහොතකටවත් අනිත් අයට ඕන නිස ඔයාගේ යහපත් අසාවන් හෝ බලාපොරොත්තු නැති කරගන්න නම් එපා.තමන් කැමති සුදුදු විලාසිතාවක් කරන්න . වයසට ,ස්ථානයට සුදුසු දේ තෝරා ගන්න.
මතක තියාගන්න අපිට හැමෝම සතුටෙන් තියන්න ගියොත් වෙන්නේ ඔයාට හැමදාම දුකෙන් ඉන්න වෙන එක.



3.ලද දේ ගැන ස්තුතිවන්ත වෙන්න/සතුටු වෙන්න
ඒක නම් අවශ්‍යම දෙයක් .අහිමි එක දෙයක් ගැන වදවෙන අපි සතු දේ ගැන ජිවිතයට ස්තුතිවන්ත වෙන්න ඕන නේද?  හිතන්න තමාට හිමි දේ ලොවේ හොදම දේ බව.

4.මුදල් යනු සතුට නොවේ

ඔබ බිලියන පතියෙක් වුවත් සතුට නම් මිළ්දි ගත නොහැකි වනු ඇත.හිතේ සතුට ඒ තරම්ම වැදගත්. කිසිම විටෙක සතුට,  මුදල්  මත තීරණය කරන්න එපා. පුරුදු වෙන්න පුන්චිම දේවල් වලින් සතුටු වෙන්න.

5 මිනිසුන් ආශ්‍රය කිරිමේදි පරිස්සම් වෙන්න

මිතුරන් සියයක් ආශ්‍රය කරනවාට වඩා සැබෑ මිතුරන් කිහිප දෙනෙක් තෝරාගන්න.සැපේදි නොව දුකේදි සැබෑ මිතුරන් තෝරා ගැනිමට ඔබට පහසු වෙනු ඇත.


6 කිසිම විටෙක ජීවිතයේදි එකම චරිතකට කොටු වෙන්න එපා.

අවශ්‍යම මොහොතයදි හැර සිරීයස් නොවන්න.සුන්දර සරළ බව තබා ගන්න.ඔබ කෙරෙහි, අන් අය තුළ  බලෙන් ප්‍රතිරුප ගොඩ නැගිමට ගොස් මහන්සි නොවන්න එය ඇත්තටම හරිම වෙහෙසකාරි දෙයකි.



7 නොගැළපෙන දෙයින් ඇත් වෙන්න

නොගැලපෙන දෙයක් යනු, හිතට පීඩාවක් ගෙන දෙන දෙයක්.කොයිතරම් දුකකින් වුනත් එ දෙවල් වලින් ඇත් වුනාම හිතට දැනේන්නේ පුදුම සැහැල්ලු බවක්.සම්බන්දතා,රැකියාව වගේ සැම දෙයටම මෙය අදාල වේ.


මේ කරුණු අනුගමනය කලහොත් සතුට ඔබට තව දුර නොවනු ඇත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

පන්චාන්දි(උදා-ජය)


Post a Comment

0 Comments