ප්‍රේමය කියන්නේ පරිත්‍යාගශිලි දෙයක්



දවස පුරාම  ඍණාත්මක සිංදු ඇහෙන 
කාලෙක..කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මියුරු හඩින් හැඩවෙන
 "කොහේ හෝ නුඹ නතර වී වගේ සිංදු වලින් ගන්න තියෙන දේවල් බොහෝමත් වැඩියි.

"කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජිවිතය වි
තුටින් නම් මට ඒ ඇති 
මගේ නොවුනට කම් නැතේ "

ප්‍රේමය කියන්නේ පරිත්‍යාගශිලි දෙයක්. ඒ තුල හිමි විමක් තියෙන්නම ඕනි නැහැ...මේ කියවන ඔයාලගේ කොයි තරම් නම් හිමිවිම්,
වගේම අහිමි විම් තියෙනවද?
ප්‍රේමය කියලා අපි රැවැටුනු තැන් අනන්තවත් ඇති.ඉගනීම, රැකියාව, මිල් මුදල්, රූපය, පවුලේ බලපැම් වගේ තවකාලික දේවල් නිසා මග හැරුණු හැරගිය අය ලග ඇත්ත්ටම ඔයා ඔය දුක්වන ප්‍රේමය තිබිලා නැහැ😢

"උන්නදා අපි අපේ වී නුඹ 
දුන්න සෙනෙහස අරුමැති..
ලෝභ නැහැ සිත අහිමි  දා අද
මටත් නුඹ අද හිමි නැති"

වයිරයක් ,ශාපයක් ,පළිගැනිමක් නැතිව සමුගැනිමක් කියන්නේ හරිම වටිනා දෙයක් 💯🙏🏻 
තමන් සතුදේ අන්සතු වෙද්දී උපේක්ෂාව වෙන් දරාගෙන ඔහුගේ හෝ ඇයගේ ජිවිතයට සුභ පතන්න හැමෝටම බැහැ.🌹
එහෙම වෙනවනම් ගොඩාක් පුංචි වයසෙදි ජීවිතේන් සමුගන්න,මත්ද්‍රව භාවිතයට හුරු වීම, අනේකාගේ ජිවිතේ නැති කරලා හරි පළිගන්න අපි පෙළබෙන්නේ නැහැ...😒

" නුඹ  ළගත් මතකය ඇති
නමුදු අපි වෙන් වි ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇති ❤️
අපිට අහිමි වෙලා නැති වුනේ ඊටත් වඩා ජිවිතයට හොද කෙනෙක් ලැබෙන නිසා වෙන්න පුළුවන් කියන දේ විශ්වාස කරන්න.😎
අපි ආදරේ අයට  වඩා,අපිට ආදරේ. අය ළග ....
නැතිවුන ජිව්තේ හම්බුවෙනවා වැඩියි.❤️

මතකන් එක්ක දුක් වෙන්නේ නැතිව ලැබිච්ච ජිවිතේ ළග ආදරෙන් නතර වෙන්න.❤️

හැරගිය අය ආයෙත් ජිවිතයට එන්න හදනවනම් පරිස්සම් වෙන්න🙁
  
හිතට වදයක් වෙන බැදිම් තදින් අල්ලගන්නේ නැතිව අතහරින්න. දැනේන සැහැල්ලුව විදගන්න 😊❤️💐🙏🏻

Post a Comment

0 Comments