උදාරි ජයතිලක

ප්රශ්ණයක් අහන්න, හිතට එකඟව උත්තරයක් දෙන්න පුළුවන්ද ඔයාට?
මෙච්චර කාලේකට එකම එක මොහොතකටවත්, ජිවිතේ එපා වෙලා නැද්ද ඔයාට?පිළිතුර 'නැහැ' නම් ඔයා සැබැවටම වාසනාවන්තයි...ඒත් ගොඩාක් දෙනෙකුට......
  • තමන්ගේ අහිමිවිම් වලදි
  • බලාපොරොත්තු නැතිවෙද්දි
  • ජිවිතේ ළගම හිටිය අය හැරයද්දි
  • තමන්ගේ සමීපතයන් මේ ලොකේ හැර යද්දි
  • අසමත්විමි/පරාජයන් වලදි
  • ආර්ථික අපහසුතාවලදි
  • ලෙඩ දුක් වලදි
ජිවිතේ එපා වුන අවස්ථා ඔනෑ තරම් තියෙන්නට ඇති. පුදුම වෙන්න එපා එහෙම තමයි මේ මිනිස් හිත.එත් අපේ කඩා වැටිම් වලදි අපේ දෙමව්පියන්,බිරිදට ස්වාමියා, ස්වාමියාට බිරිද,මිතුරන්,නෑදැයින් අපේ ළගම හිටියා.එත් රූපය,බලය,මුදල්,ජනප්රියතාව වගේ දෙවල් කොයිතරම් තියෙන ශක්තිමත් පුද්ගලයෙක් උනත්, තමන්ගේ කඩවැටිම් වලදි. හිත හදාගන්න උදව් කරන්න කෙනෙක් හිටියේ නැතිනම් අසරණ වෙනවා."ගැටළුව" තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශණිකයි කියනවනේ"(සියදිවි හානි කරගැනිම් සධාරණිකරනය කරනවා නෙවේයි )
ඔබත් මමත් මේ ගතකරන ජිවිතය ගරිම වෙනස් වෙන සුළු දෙයක්.හැම දේම වෙනස් වෙන්න යන්නේ හරි සුළු මොහොතයි..මිනිස්සු විදිහට මුලින්ම ඉගෙන ගන්න ඕනම දේ තමයි දරාගන්න පුරුදු වෙන්න ඕනි කියන එක.මම කලින් පළ කරන ලද ලිපියකත්
සදහන් කළේ අටලෝ දහමට අපි මූහුණ දෙන්න ඕනි කියලයි.
ප්රසිද්ධ චරිත විතරක් නෙවෙයි මේ විදිහට විෂාදය,කළකිරිම් හමුවේ සියදිවි හානි කරගන්න පෙළබෙන්නේ.අපි අතරත් ඕනතරම් ඇති ඒ වගේ මිනිස්සු. උඩින් හිනාවෙලා හිත යටින් දහස් වරක් මැරි මැරි ජිවත් වෙන. මේ වෙනවිටත් ඔවුන් තමන්ට දරාගන්න පුළුවන් උපරිමයට ඇවිලල්ත් ඇති.
නොනිමි වු අශාවන් අවශ්යතාවන් පසුපස දුවයන අප. අපි සහ අපේ සමීපතයන් දවසින් දවස දුරස් වෙන්න පටන් අරගෙන.ළග ඉන්න මිතුරන්,නෑදැයින් වෙනුවට අපි අපේ දුක බෙදාගන්න තෝරාගන්න පුරුදුවෙලා තියෙන්නේ සමාජ මාධ්ය වගේ දෙවල් එක්ක.බොහෝ විට ඒවගේ තැන්වල ව්යජ හිතවත් කම් වැඩියි.නොපෙනෙන බැදිම් පස්සේ දුවද්දි අපිට හැබැම බැදිම් අමතක වෙලා ගිහින්.
තමන්ගැනම කළකිරුණු වෙලාවක හිතන්න මොහොතක් නිවි සැණසිල්ලේ,අවබෝධ වෙයි ඔයාට ගොඩාක් දේවල්.
  • අපිට දෙයක් නැති වුනානම් ඒ අපේම හොදට කියලා හිතන්න
  • අනෙක් අය එක්ක බලද්දි ඔයාට මොනවද අඩු කියලා හිතන්න.
  • තමන්ගේ වටිනාකමට අගයක් දෙන්න.
  • ධානත්මක ගීතයක් අහලා බලන්න
  • හිතට එන දේවල් බෙදාගන්න පුරුදු වෙන්න.
  • අන් අයට හොද සවන්දෙන්නෙක් වෙන්න
  • අළුත් බලාපොරොත්තු තබාගන්න
  • තරහව පාලනය කරගන්න්න
  • හිත තදින් අල්ලා ගත් දේට මදකට නිදහස දෙන්න.
  • අනුන් මත තමන්ගේ සතුට තීරණය වෙන්න දෙන්න එපා.
මිනිස් ආත්මයක් කියන්නේ හරිම උතුම් දෙයක් තෙරුම් ගන්න වටිනාකම
ජීවිතය හැරයන්න දාහක් හේතු තිබුනත් සොයාගන්න එක් කාරණාවක් ජීවිතය ජීවත් කරවන්න. ප්රශ්ණ යනු සදාකාලික දෙයක් නොවේ. එය ඔබව උරගා බැලිමට ජීවිතය ඔබට ලබා දෙන එක් අවස්ථාවක් විය හැක.

Post a Comment

0 Comments