මුහුණු පොත..ඇත්තටම උගුලක්ද? මායවක්ද? රැවටිමක්ද? එහෙමත් නැතිනම් වෙහෙසට පත් උණු අපේ හිත් නිවන තැනක්ද? දැනුමක්, සමාජය ගැන මිනිස්සු ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් තැනැක්ද? ඔව් උත්තරය තියෙන්නේ ඔයා ළග.🤗
ඔය හැම දේම තිනවා මම හිතන විදිහට...අනතුරු දායකයි ප්රවේශ මෙන් පරිහරණය කරන්න ☠️☠️☠️
අපි කවිරුත් හිත් වල මොන දෙවක් තිබුනත් ෂෙයා කරන්නේ ගොඩක් වෙලාවට හොද දෙවල් විතරයි... (බහුතරයක්)
එහෙම බලද්දී නම් අපි වටේම ඉන්නේ සුන්දර හිත් තියෙන මිනිස්සු විතරයි ...ඇත්තටම එහෙම උනානම්... ඉරිසියාව, කුහකකම, අනියම් සම්බන්ධතා , පළිගැනිම්, රැවටිම්, ලස්සනට ජිවත් වෙන පවුල් කැඩිලා දරුපැටවු අසරණ වගේ වෙන දේවල් සිද්ධ වෙයිද?😢
මුහුණු පොතේන් වෙන හොද හෝ නරක සමහරක්
👉පැරණි මිතුදම් අලුත් කරගන්න පුළුවන් ඒ කියන්නේ පාසැල් කාලයේ වගේ ඒවා.. උන් දැන් කොතනද ඉන්නේ ? අපිට වඩා හරි ගිහින්ද? 🤩 තාමත් ලස්සනට ඉන්නවද? 😀
ඕපා දූප හොයන්න දන්නේම නැහැනේ ඉතින් අපි 🧐😂 ගොඩාක් අය හරිම අමාරුවෙන් තමයි ඒවා බලන්නේ කාන්තා පාර්ශ්වයට ඉරිසියාවත් ටිකක් තිනවනේ..කොහොම උනත් පරණ යාලුවෙක් හම්බුනාව හරිම සතුටුයි නේද?
අත්දැකීම් ,දැනුම, වගේ දේවල් බෙදා ගන්ඩත් පුළුවන් උනානේ ❤️
👉කෑමක් බීමක් හදාගන්න හැටි උනත් අපි කොයි තරම් නම් බුකියට පින්සිද්ද වෙන්න දැනගත්තද?😐
👉මුහුණු පොතෙන් පටන් ගත්ත ආදර කතා (ඔව් ඔව් මගේ හබී කොල්ලාව හම්බු උනේත් මේකෙන්ම තමයි❤️..)
ඔන්න ඉතින් අක්කලා නංගිලා ටික මාව ආදර්ශයක් කරගෙන අමාරුවේ එහෙම වැටෙනවා නෙවෙයි මගේ වෙලාවට එයා නම් මටම ගැලපෙන කෙනා🥰
👉රැවටිලි කාරයන්ගෙන් මේ බුකිය පිරිලා.. පරිස්සමෙන් .👹 වෙස් මුහුණු ගැලවෙද්දි ඔයාට ඔයාවත් නැතිවෙලා තියෙයි..
👉අපිට ෂා වාවු ගලා ලයික් කොමෙන්ටි කරන හැමදෙනාම පිරිසිදු සිතින් ඒක කරන්නේ නැහැ. පුද්ගලික දේ දාද්දි හිතලා බලලා දාන්න..
කොහොම උනත් කියන්න තින්නේ දුර තියන සම්බන්ධතා රැක ගන්න ගිහින් ළග ඉන්න අයව නම් දුරස් කරගන්න එපා හොදේ ❤️සිරවෙලා නම් මේ උගුලෙන් එළියට ඇවිත් ලෝකය දකින්න...ඔයා වටේ ඉන්න ඔයාගේ අය ඔයා එනකන් බලන් ඉන්නේ ආදරෙන්..❤️
පන්චාන්දි(උදා-ජය)
0 Comments